දරුවන් ගැන
මව්පියවරු සොයා බැලිය යුතුයි
දෙල්ගොඩ උඩුපිල විපස්සනා
භාවනා මධ්‍යස්ථානයේ
යොවුන් සිතට දහම් සිසිල දහම් මැඳුරේ
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි
සමාජයේ දරුවන් ගැන සොයා බලන්න කෙනෙක් නෑ. කාර්ය බහුලත්වය නිසා මව්පියන්
දරුවන්ගෙන් ඈත් වෙලා. උදේ පාන්දර වෑන් එකට නග්ගල අම්ම තාත්ත වැඩට යනව.
හවසට ඇවිත් අම්ම තාත්තට දරුවො ගැන හොයන්න වෙලාවක් නැහැ. දරුවොත් උදේ
වරුවෙ පාසලේ හවසට ටියුෂන් යනවා ගෙදර එන්නෙ රෑ වෙලා. පාසලේ වැඩගැනවත්
දරුවන් යන එන ඇසුරු කරන අය ගැනවත් හොයන්න අම්මට තාත්තට වෙලාවක් නැහැ.
දරුවා නැවත හෙට උදේට පාසල් යන්න ඕන. අධ්‍යාපනය නිවැරැදිව ඔළුවට
වැටෙන්නෙ නැහැ. ආතතිය තෙරපුම පීඩනය වැඩියි. මවට පියාට හොයන්න වෙලාවක්
නැති නිසා දරුවන් නිදැල්ලේ යනවාදෝයි සිතෙනවා.
අපේ සමහර දූ දරුවන්ගේ කතා බහ ගැන අපට කතා කරන්න තරමක් අසීරු වෙනවා.
නමුත් එහි වරද දරුවන්ට පටවන්න බැහැ. පාසල අවසන් වන වේලාවට පාසලේ
ගේට්ටුව අසලට වී සිටියහොත් ඔවුන් කතා කරන භාෂාව ගැන හොඳින් අසා ගන්නට
පුළුවන්. ඔවුන්ගේ කතා බස් අසාගෙන සිටීමේදී අපේ සාරධර්මවලට සිදු වී ඇති
දේ පැහැදිලියි. අප මහ ඉහලින් අපේ දරුවන් ගැන කතා කරනව ‘මගේ පුතා යන්නෙ
ජාත්‍යන්තර පාසලකට, නැතිනම් ලොකු පාසලකට, මාසෙට වියදම මෙච්චර යනව.
නමුත් ඇතැම්විට පාසලට බාර දුන් දරුවා නෙමෙයි පාසලෙන් එළියට එන්නෙ. බස්
රථයක මේ දරුවන් කතා කරන භාෂාව මඳක් අසා සිටින්න. ඇතැම් දරුවන්ගේ කතා බහ
වැඩිහිටියන්ගේ සීමා පවා ඉක්මවා ගිහින්.
විභාගයක් අවසන්වන දින ඔවුන් පාසලට නැත්නම් විභාග මධ්‍යස්ථානයට එන්නේ
විවිධාකාර දේ අරගෙන මොකටද මේ ඉගෙන ගන්නද? සමස්තයක් ලෙස මේ සියල්ලටම
වැඩිහිටියො වගකියන්න ඕන.
සමාජයේ දරුවන් ගැන සොයා බලන්න කෙනෙක් නෑ. කාර්ය බහුලත්වය නිසා මව්පියන්
දරුවන්ගෙන් ඈත් වෙලා. උදේ පාන්දර වෑන් එකට නග්ගල අම්ම තාත්ත වැඩට යනව.
හවසට ඇවිත් අම්මට තාත්තට දරුවො ගැන හොයන්න වෙලාවක් නැහැ. දරුවොත් උදේ
වරුවෙ පාසලේ හවසට ටියුෂන් යනවා ගෙදර එන්නෙ රෑ වෙලා. පාසලේ වැඩගැනවත්
දරුවන් යන එන ඇසුරු කරන අය ගැනවත් හොයන්න අම්මට තාත්තට වෙලාවක් නැහැ.
දරුවා නැවත හෙට උදේට පාසල් යන්න ඕන. අධ්‍යාපනය නිවැරැදිව ඔළුවට
වැටෙන්නෙ නැහැ. ආතතිය, තෙරපුම, පීඩනය වැඩියි. මවට පියාට හොයන්න වෙලාවක්
නැති නිසා දරුවන් නිදැල්ලේ යනවාදෝයි සිතෙනවා. දරුවන්ට කැමැති අය ඇසුරු
කරනවා. විශේෂයෙන්ම සමාජයේ තරුණ පිරිස බිලි බාගන්න ඉන්න අය මේ අය වසඟයට
ගන්නවා. ඒකටම හරි බරි ගැහිච්ච පිරිස ඉන්නවා. තරුණ පිරිසට උචිත ලෙස කතා
කරල ඒ අය නම්වා ගන්නවා.
අවුරුදු විස්සකට තිහකට එහා අපේ ගෙවල්වල මේ සංස්කෘතිය තිබුණෙත් නැහැ.
අම්ම තාත්ත අකුරු නොදන්නව වුණත් පාසලට යන ළමයගෙ පොතපත බලනව. ඉස්කෝලෙ
දීපු වැඩ ගැන අහනව. පාසලේ විස්තර හොයනවා. ඇසුරු කරන යහළු යෙහෙළියො ගැන
අහනවා. සුදුසු නැති පුද්ගලයො ගැන කියා දෙනවා.
අද මේවා අපේ සමාජයේ නැහැ. බස් එකක යන දරුවන් පාරක යන වයෝවෘද්ධ
වැඩිහිටියන්ට අවමන්කරමින් උසුළු විසුළු කරනවා. දරුවන්ගෙ මව්පියන්
විතරක් නෙමෙයි කිසිම කෙනෙක් ඒ දිහා ඇස් ඇරල බලන්නෙ නැහැ.
මවට දුවට පාරෙ යන්න පුළුවන්ද? අම්ම ළඟ ඉන්න තරුණ දියණිවරුන්ට ඉතාම
අසභ්‍ය භාෂාව භාවිතා කරනව. අම්මගෙ මුහුණ බලන්න අර තරුණියට බැහැ. ඉස්සර
වැඩිහිටියෙක් ළඟ ඉන්නකොට ඒ විදිහට දියණියකට උසුළු විසුළු කරන්න තරුණ
පරපුර බය වුණා. එයටත් වඩා විශාල ගෞරවයක් තිබුණා. අද ඒ ගෞරවය ඇතැම්විට
නැතිවෙලා ගිහින්.
නැතිවෙලා යන්නටත් වඩා සිදුවී ඇත්තේ ගෞරවය නැති කර ගැනීමක්. මේ තත්ත්වයට
වත්මන් ඇතැම් මාධ්‍යයත් වගකිව යුතු වෙනව.
අද ඇතැම් එෆ් එම් නාලිකාවල වචන හරඹය බලන්න. ඒව ඉංගී‍්‍රසිත් නෙමෙයි,
සිංහලත් නෙමෙයි කිසිම වැදගැම්මකට නැති නාස්තිකාර භාෂාවක් හසුරවන්නෙ.
ඉස්සර අපේ දයාබර අසන්නා අද වෙනස් වෙලා අද ඉන්නෙ ‘අපේ ෆේරන්ඩ්ලා’
ඉස්සර අසන්නන්ගේ ඉල්ලීම් අද ‘ඔයා කැමති සෝන්ග් එක’ වෙලා.
විනෝදකාමී වැඩ සටහන් ඉස්සර ලබා දුන්නේ විනෝදය රසාස්වාදය අද ඒක ‘ෆන්’ එක
වෙලා. මේ වචන අපේ සම්මතයට විශාල හානියක්. වැඩිහිටි ළමා සබඳතාව විනාශ
කරලා මුද්‍රිත මාධ්‍යයෙත් ඇතැම් දුරට මේ තත්ත්වය දකින්න තියෙනවා. ජාතික
පුවත්පත් තාම ඒ තත්ත්වය රැකගෙන තියෙනවා.
නමුත් කලාවට බර ඇතැම් මාධ්‍ය හසුරවන භාෂාව ළමා පරපුර තරුණ පරපුර ඇද
දමන්නේ අගාධයකට. ගුවන් විදුලිය නිසාම තමන්ගේ දස්කම් ඔප් නංවාගත් පිරිස්
හිටියා.
බොළඳකම කටකාරකම විතරයි දකින්න පුළුවන්. එය අනුකරණ කරන තරුණ පරපුර
දැනුමින් තොර කටකාර බොළඳ දර්ශනයක් තමන් සතු කර ගන්නවා.
නාලිකා තිහ හතළිහකින් විතර එකම භාෂා ශෛලිය ඇහෙනකොට එක නාලිකාවක් දෙකක්
විතරක් ඒ දර්ශනය වෙනස් කරන්න උත්සාහ ගත්තට වැඩක් නෑ.
ටෙලි නාට්‍ය කලාවත් මේ විදියටම තරුණ පරපුර ව්‍යසනයකට මඟ පාදන තත්ත්වයක්
ඇති වෙලා. අසහන වචන ලෙස නොසැලකුවත් මේ හිස් වචන සමාජයට හානියක් බව කිව
යුතුයි.
තමන්ගෙ භාණ්ඩය අලෙවි කරන්න ඕනම දෙයක් කරන්න වෙළෙඳ ආයතන කටයුතු කරනව
වගේම ටෙලි නාට්‍යයට ප්‍රේක්ෂකයා ඇහිදගන්න නිෂ්පාදකවරු තිර රචකයො
නාට්‍යයට ඕනම දෙබසක් ඇතුළු කරනව. මේ නාට්‍ය වල අම්මත් දුවත් කතා කරන
විලාසය දකින තරුණ දියණිවරුන්ගෙන් තමන්ගේ මවට ගරු කිරීමක් බලාපොරොත්තු
වෙන්න බැහැ. ඒ ටෙලිනාට්‍යවල හිස් වචන අද පාසල් කාර්යාල බස් රථ ඇතුළු
සෑම තැනකම අද ව්‍යවහාර වෙනව. තමන්ගෙ ස්වාමියාට හාර්යාවට ඇමතූ ආදර භාෂාව
දෙමව්පියන්ට ගරු කරමින් ඇමතූ භාෂාව, ගුරුවරුන්ට ගරු කළ භාෂාව අද නැහැ.
දරුවන් ආදර්ශයට ගන්නේ වැඩිහිටියන් වගේම ඔවුන් අසන දකින දේ මේ තත්ත්වය
වෙනස් කර දරුවන්ට සුදුසු භාෂා ව්‍යවහාරයක් සකස් කිරීම අද ලෙහෙසි පහසු
කරුණක් නෙමෙයි.
ඇතැම් ටෙලි නාට්‍යවල දකින විකාර රූපී ඇඳුම්ආයිත්තම් මව ඇඳ පැලද ගමන්
කරන විට තරුණ දියණිවරුන්ගෙන් ඔවුන්ට ඊට වඩා ගෞරවයක් බලාපොරොත්තු විය
නොහැකියි.
පවුලේ සියලු දෙනා අතර අද කතාබහ අඩුවෙලා. මේ තත්ත්වයන් තරුණ දරුවන්ට
යහපත් වචන නොලැබෙන්නට හේතු වී තිබෙනවා.
ආච්චි සීයා අද ඔවුන් ළඟ නැහැ. ඒ තත්ත්වය මත මවට පියාට කතා කිරීමේ ආදර්ශ
ඔවුන්ට ලබා ගන්න බැහැ. ටෙලි නාට්‍යයක මෙවැනි ගුණාංග යහපත් වචන පිරි
ඇත්නම් ඒ කලාතුරකින් බොහෝ නාට්‍යවල පිරී ඇත්තේ ප්‍රේක්ෂකයාට කුතුහලය
ඇති කරන ජවනිකා එයත් සමාජයට යහපතක් වන්නේ නැහැ. එහෙයින් සියල්ලටම පළමුව
තරුණ පරපුරට සුදුසු ශෛලියකින් ලංවීමට හැකි මාධ්‍ය ක්‍රමයක් අවශ්‍යයි.
වරද ඇත්තේ නාලිකාවන්හි නෙමෙයි. එහි භාෂාව මතයි. ඒ සඳහා විකල්පයක්
ලබාදීමත් ටෙලි නාට්‍ය මඟින් ලබාදෙන වැරැදි වචන භාවිතය නැවැත්වීමත් කළ
යුතුයි.
සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර |