UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 මල්වතු මහා විහාර පාර්ශ්වයේ යටිනුවර ප්‍රධාන සංඝනායක පදවියට මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අතිගෞරවනීය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමිපාණන් විසින් ආරණ්‍ය වංශික සංඝකීර්ති ශ්‍රී සරණංකර සීලානන්ද යන ගෞරව නාම සම්මුතිය සහිතව පත්කරනු ලැබූ කඩුගන්නාව, ඉල්ලදොර පුරාණ පොත්ගුල් විහාරාධිපති ශාස්ත්‍රපති, ඕවල සෝරත නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍රය, මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී මල්වතු මහා නාහිමිපාණන් විසින් පිළිගැන්වූ අවස්ථාව. (මාහිමිපාණන් වහන්සේට වම් පසින් මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය චක්‍රවර්ති නියංගොඩ විජිත සිරි, මල්වතු මහා විහාරයේ මහෝපාධ්‍ය, අග්ග මහා පණ්ඩිත, අලුත්ගම ධම්මානන්ද යන නාහිමිවරු වැඩ සිටිති. ශ්‍රී සන්නස් පත්‍රය ලැබූ ඕවල සෝරත නාහිමියෝ කඩුගන්නාව කොටබෝගොඩ අභයරාජ පිරිවෙන් විහාරයේ සිට පෙරහරකින් ඉල්ලදොර විහාරය වෙත වැඩමවාගෙන ගිය අතර මල්වතුමහා විහාරයීය අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා සම්භාවනීය ගිහි පැවිදි පිරිසගේ සහභාගිත්වයෙන් පිළිගැනීමේ උත්සවය පවත්වන ලදී. සටහන, සහ ඡායාරූපය, කේ. බණ්ඩාරනායක

දහම් පාසල් ගුරුවරුන්ට සාම විනිසුරු පදවි

ශ්‍රී ලාංකීය සිසු දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීම සඳහා ආර්ථික ප්‍රතිලාභ අපේක්ෂාවකින් තොරව ස්වෙච්ඡාවෙන් සිය කාලය හා ශ්‍රමය කැප කරන දහම් පාසල් ගුරු භවතුන්ට උපහාරයක් වශයෙන් සාමදාන විනිශ්චයකාර පදවි පිරිනැමීමට රජය කටයුතු යොදා ඇත. වසර 30 කට වැඩි කාලයක් ඉගැන්වීමේ කටයුතුවල නියැළුණු ගුරුවරු මේ සඳහා තෝරා ගැනෙති.

ඉතිරිය»


 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය මැයි මස 06 වැනි දා අඟහරුවාදා අපරභාග 07.34 ට ලබයි.
07 වැනිදා බදාදා අපර භාග 09.55 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 07 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
මැයි මස 14 වැනි දා
බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21

New Moonඅමාවක

මැයි 28


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]