මෙලොව දියුණුව
සලසා ගන්නා අයුරු
විශ්‍රාමික ගුරු උපදේශක
අතාවූද සෝමරත්න
ගිහිජීවිතය දියුණුවීම සඳහා සිතුම්, පැතුම්, ක්‍රියාකලාප සමාජ
ධර්ම,ආචාර්ශීලි භාවය, පරිත්‍යාගශීලී බව,
පරෝපකාරය ආදි
ගුණධර්මවලින් පෝෂණය වී තිබිය යුතුය. එසේම සිඟාල ගෘහපති පුත්‍රයාට දේශනා
කරණ ලද කරුණුවලින්ද මෙලොව දියුණුව සලසා ගත හැකි බව පැහැදිලි වෙයි. එනම්
සතුන් මැරීම,සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම යන සතර කර්ම
කෙලෙස් වලින් වෙන් වී සිටීද ඡන්දයෙන්,ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යන
සතර අගතියෙන් වෙන්වී සිටීද ඔහුගේ යස ඉසුරු සැප සම්පත් දියුණුවන බවද
දේශනා
කර ඇත
ගිහි සමාජයේ මෙලොව ජීවිතය දියුණුකර ගැනීම සඳහා අදාළ නොයෙක් උපදෙස්
බුදුරජාණන් වහන්සේ අපමණ දේශනා කර ඇත. දිනක් දීඝජානු කෝලිය පුත්‍රයා
බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණ ස්වාමීනි ! මෙලොව දියුණුව සඳහා අදාළ
කරුණු දේශනා කරන ලෙස ඉල්ලා සිටියේය. එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා
කළහ. උට්ඨාන සම්පදා උත්සාහයෙන් ධනය ඇතුළු භෝග සම්පත් රැස් කර
ගන්න. ආරක්ඛ සම්පදා උත්සාහයෙන් රැස්කරගත් ධනය ඇතුළු සම්පත් අනවශ්‍ය ලෙස
වියදම් නො කර ලෝභකමින් තොරව දැහැමි ලෙස ආරක්ෂා කර ගන්න.
කළ්‍යාණ මිත්තතා බුදුදහමට අනුව ජීවත්වන සද්පුරුෂ ගතිගුණ ඇති යහපත්
මිතුරන් ඇසුරු කරන්න. සමජීවිකතා උත්සාහයෙන් සපයාගත් ධනය, භෝග සම්පත්
ආදිය සම බරව වියදම් කරගෙන, ජීවත්වන්න. යන කරුණු හතර දේශනා කළහ.
මෙම උපදෙස් අනුව යමෙක් ජීවත් වන්නේනම්,ඔහුගේ මෙලොව ජීවිතය දියුණුවන බවද
දෙසූහ.
බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙරෙහි වැඩවසන සමයක එක්තරා දේවතාවෙක්
මැදියම් රාත්‍රියක තම ශරීරාලෝකයෙන් ජේතවනාරාමය ආලෝකමත් කරගෙන බුදුරදුන්
වෙත පැමිණ මෙසේ පැවසුවේය. ස්වාමීනි, බොහෝ දෙවියෝද, මනුෂ්‍යයෝද මංගල
කරුණු මොනවාදැයි සිතමින් විමසමින් සිටිනව, එම නිසා මංගල කරුණු දේශනා
කරනමෙන් ආරාධනා කළේය. එවිට බුදුරදුන් මෙසේ දේශනා කළහ. බාල අදහස් ඇති
අසද් පුරුෂයන් ආශ්‍රය නොකරන්න. නුවණ ඇති උතුම් සිතිවිලි ඇති
සද්පුරුෂයන් ආශ්‍රය කරන්න. පිදිය යුතු අය පුදන්න. යහපත් දේශයක වාසය
කරන්න. මවුපියන්ට, අඹුදරුවන්ට, ඥාතීන්ට, සලකන්න. යහපත් කර්මාන්ත කරන්න.
දන් දෙන්න, ධර්මානුකූලව ජීවත්වන්න. පව් නොකරන්න. කුසල් කරන්න,
මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන්න. ආදි වශයෙන් මංගල කරුණු තිස් අටක් කියා
දි එම මංගල කරුණු අනුගමනය කරන අයගේ දෙලොවම දියුණුවෙන බවද, දේශනා කළහ.
ජේතවනාරාමය පූජාකළ අනාථ පිණ්ඩික සිටු තුමා බුදුරජාණන් වහන්සේ දකින්න
ගිය එක් අවස්ථාවකදි ගිහියකු විසින් මෙලොව දියුණුව සඳහා ලබා ගත යුතු සැප
හතරක් එතුමාට දේශනා කළහ. එය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මෙසේ
සඳහන් වෙයි.අත්ථී සුඛය, එනම් බොහෝ ධනය ඇති බවය. භෝග සුඛය, එනම්, අවශ්‍ය
අවස්ථාවලදි වියදම් කිරීම සඳහා ප්‍රමාණවත්ව ධනය හා භෝග සම්පත් ඇති බවය.
අනණ සුඛය. ණය නොවී ජීවත්වීමද සැපයකි. අනවජ්ජ සුඛය, දුසිරිත්වල
යෙදෙන්නේ නැතිව , පිරිසුදු ජීවිතයක් ගත කිරීමද සැපත යි. මෙම කරුණු
අනුව යමෙක් ජීවත් වන්නේ නම්, ඔහු මෙලොව දියුණුව සලසා ගත් අයෙක් බව බුදු
හිමි දෙසූහ.
ගිහිජීවිතය දියුණුවීම සඳහා සිතුම්, පැතුම්, ක්‍රියාකලාප සමාජ
ධර්ම,ආචාර්ශීලි භාවය, පරිත්‍යාගශීලී බව, පරෝපකාරය ආදි ගුණධර්මවලින්
පෝෂණය වී තිබිය යුතුය. එසේම සිඟාල ගෘහපති පුත්‍රයාට දේශනා කරණ ලද
කරුණුවලින්ද මෙලොව දියුණුව සලසා ගත හැකි බව පැහැදිලි වෙයි. එනම් සතුන්
මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම, බොරුකීම යන සතර කර්ම
කෙලෙස් වලින් වෙන් වී සිටීද ඡන්දයෙන්, ද්වේෂයෙන්, භයෙන්, මෝහයෙන් යන සතර
අගතියෙන් වෙන්වී සිටීද ඔහුගේ යස ඉසුරු සැප සම්පත් දියුණුවන බවද දේශනා
කර ඇත. එසේම, මත්පැන් පානයෙන් වෙන්වීම, අවේලාවේ වීදි සංචාරය නොකිරීම,
නැටුම්, ගැයුම්, වැයුම් ආදිය නැරඹීමට ලොල් නොවීම, සුදුවෙහි නොයෙදීම, පාප
මිතුරන් ඇසුරු නොකිරීම, කම්මැලිකම නැති කර ගැනීම ආදි උතුම් පිළිවෙත්
වලින් යුක්ත අයගේ මෙලොව පමණක් නොව,පරලොව ජීවිතයද දියුණුවන බව එම
සූත්‍රයෙහි සඳහන් වෙයි.
කරණීය මෙත්ත සූත්‍රයෙහිද මෙලොව දියුණුවට අදාළ කරුණු රැසක් ඇත. එයින්
කිහිපයක් මෙහි දක්වමි. එනම්, සක්කො:- ගිහියෙකු වශයෙන් ජීවත්වීම සඳහා
කරණ රැකියාව වැදගත් වගකීමක් ලෙස පිළිගෙන දක්ෂ ලෙස ඉටු කිරීම
උජු: යනු ඍජු භාවයයි. මෙය උතුම් ගුණයකි. අවංක භාවයකි. අගතිගාමි නොවී
සාධාරණ ලෙස කටයුතු කිරීමය. සුවච බව යනු කය,වචනය, සිත යන තිදොර සංවර
කරගෙන හැමගේම සිත් සතුටු කරමින් ජීවත්වීමය. අනතිමානි:- යනු අධික
මානයෙන් වෙන්වීමය. අනිත් අය පහත් කොට සලකන්නේ නැතිව, අහංකාරකමෙන්
තොරව, අන් අය සමග නිහතමානීව ජීවත්වීමය.
සන්තුස්සකො :- යනු ලද දෙයින් සතුටුවීමය. එය උතුම් ගුණයකි. තමාගේ
ශක්තියට අනුව තමන්ට ලැබෙන නිලතල හා දේපළවලින් සතුටුවීම යහපත් ගුණයකි.
කරණීය මෙත්ත සූත්‍රයේ දක්වා ඇති මෙම උතුම් කරුණු අනුව තම ජීවිතය
හසුරුවා ගන්නා වූ ගිහියා ගේ මෙලොව ඒකාන්තයෙන් දියුණුවට පත්වන බව
කල්පනාවට ගත යුතුය. |