රටට ජාතියට පරිසරයට සෙත් පතා පිරිත් පින්කම
මධ්‍යම පරිසර අධිකාරිය ආරම්භ කර වසර 33ක් පිරීම නිමිත්තෙන් පරිසර හා
පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්
පසුගිය දා බත්තරමුල්ල ආයතන පරිශ්‍රයේ දී පිරිත් පින්කමක් පැවැත්විණ.
මධ්‍යම පරිසර අධිකාරියේ, සභාපති විජයවන්ත ප්‍රතාපසිංහ සහ අධ්‍යක්‍ෂ
ජනරාල් වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්වරුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් එම
පින්කම පැවැත්විණ.
ඉතිරිය»
පන්සාළිස් වසරක ඉතිහාසයක් ඇති
ආනන්ද විහාර මන්දිරය නවීකරණය වෙයි
මේ සඳහා ආදි ශිෂ්‍ය සංගමයේ ද සහාය ඇති ව සම්පත් බැංකු අධ්‍යක්‍ෂවරයෙකු
මෙන් ම දීප්තිමත් ව්‍යාපාරිකයෙකු හා ආදි ආනන්දීය බෞද්ධ සංගමයේ
අනුශාසකවරයෙකු ද වන ඡන්න පලංසූරිය මහතා ගේ සභාපතිත්වයෙන් විහාර සාධක
කමිටුවක් ද පත්කර ගන්නා ලදී. විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා ඇතුළු
ආදි ගුරු ශිෂ්‍ය හා වර්තමාන ගුරු, ශිෂ්‍ය සැම ගේ ද සම්බන්ධය ඇති ව මේ
ශ්‍රේෂ්ඨ පුණ්‍යකර්මය සඳහා ආධාර ලබා ගැනීමේ අරමුණින් පවත්වන ලද
ප්‍රථම හා එක ම රැස්වීමේ දී ම රුපියල් දෙකෝටියකට අධික මුදලක් රැස්කර
ගැනීමට කමිටුව සමත් විය.
ක්‍ෂණික ව විධිමත්ව ඉදිකිරීම් ආරම්භ විය. ගතවූයේ මාස දෙකකට ආසන්න
කාලපරාසයකි. පියවරින් පියවර ම නව තාක්‍ෂණික ක්‍රමවේදයන් ද
උපයෝගී කර ගනිමින් වඩාත් සුරක්‍ෂිත හා දීර්ඝකාලීන යහ පැවැත්මක්
අපේක්‍ෂා කළ හැකි පරිදි විහාර මන්දිරයට අවශ්‍ය සකලාංග සම්පූර්ණත්වයට
පත්කරමින් මූලික ආකෘතියේ කිසිදු වෙනසක් නො වන සේ නවීකරණය සිදුවීම අසන
දකින සැම ගේ අමන්දානන්දයට හේතුභූත වී ඇත.
ඉතිරිය»
ධර්ම දේශනාව:
අසමසම පාරමි පෙළහර
නිවන යනු නිවීමයි. මොනවායේ නිවීමද? කෙලෙස්වල (පංචනීවරණවල) නිවීමයි. එම
නිවීමට නම් දස පාරමිතා පිරිය යුතු ය. දස පාරමී පිරීමෙන් නිවන අවබෝධ
කරගත හැකිය. නිවන අවබෝධ කරන මාර්ගය අරි අටඟි මඟ කීවත් දස පාරමී ධර්ම
කීවත් දෙකක් නොව එකක්මය. එය පූර්ණය කරන (පුරන) පිරිස බෝධිසත්වයන්ය.
‘බෝධි’ යනු නිවනයි. ‘සත්ව‘ යනු ඇලීමයි. නිවනට ඇලුණු සත්වයන් බෝධි
සත්වයන් ය.
ඉතිරිය»
කුමරකු වෙනුවෙන් සෑදු යටාල සෑ රදුන් අප
වෙනුවෙන් පිදූ සැදැහැති තිළිණයකි
දකුණේ මාගම යනු ඓතිහාසික අනුරාධපුර රාජධානිය තරමටම පැරැණි වැදගත්
පුරවරයකි.
‘මිහිදු මා හිමියන් විසින් බුදු සමය ගෙන ඒමෙන් පසු මහා විහාරය අවට
ශුද්ධ භූමිය තුළ ආගමික නිර්මාණ ඉදි කිරීමට මුල් යුගයේ සිට රජවරුන්
අනුරාධපුර පෙදෙසේ දැක්වූ කැපවීමට සමාන ලෙස දකුණේ මාගම නරපතින්ද ඊට
තරමක් අඩු ප්‍රමාණයෙන් වුවද බුදුන් වහන්සේ ගේ ආගමට ඔවුන් තුළ පැවති
බැති නතු බව දැක්වීමට කැප වී තිසා වැව සහ එහි අවට වැදගත් ස්මාරක තනවා
ඇත.බොහෝ භික්‍ෂූන් වැඩ සිටි මහා විහාරය යම් සේ අනුරාධපුරයට වැදගත් වීද
තිස්ස විහාරයද එසේම මාගමට වැදගත් විය.
ඉතිරිය»
|