නිවැරැදිව
අනුමෝදන් කළ යුතු
පින
කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්කෘත භාෂා අධ්‍යයන අංශයේ
කථිකාචාර්ය මාලඹේ අරංගල කහන්තොට පාරේ ශ්‍රී ශෛලාරාමාධිපති දර්ශනපති,
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
මිනිස්භවයක උපන් පමණිනුත් හැමෝටම පින් කරන්න බැහැ. ඒ සඳහා සසර පුරා
පින්කරලා පුරුද්ද තියෙන්න ඕනෑ. ප්‍රේත, යක්‍ෂ, ලෝකවල ඉඳලා පෙර කළ
පව්වලට විපාක විඳලා යාන්තමින් මිනිස් ලොවට
ගොඩවුණු අයට මිනිස් සිරුරක් තිබුණට සංසාර පුරුදු අත් අරින්න බෑ
පැනය – පින යනු කුමක්ද?
පිළිතුර – පින පිළිබඳ නොයෙකුත් මත සමාජයේ පවතිනවා. පිනායාම හෙවත්
තාවකාලික සතුට පින යැයි සමහරු සිතනවා. එසේනම් මත්වතුර බොන බේබද්දාත්
පිනායන කෙනකු නිසා පින්වතකු විය යුතු යි.
සමහරු හිතන්නේ පින යනු උදේට දීලා හවසට යළි ගත හැකි දෙයක් කියලා කෙනෙකුට
දුන් දෙයක් ගැන පසු තැවෙනවා නම් ලෝභ සිතින් එය ආපසු ඉල්ලනවා නම්
අපිරිසුදු සිතිවිලි පහළවීමෙන් පිනක් සිදුවන්නේ නෑ.
බුදුදහම අනුව ‘පුඤ්ඤං භික්ඛවෙ සුඛස්සේතං අධිවචනං’ - පින යනු සැපයට කියන
පර්යාය වදනක්. එසේත් නැත්නම් ‘සුඛෝ පුඤ්ඤස්ස වුච්ච කුමේ’ පින් කිරීම
සැපයට හේතුවක්.
සුක්ක ධම්ම යන පිරිසුදු කර්ම නොහොත් පිනයි. තණ්හ කච්ච යනු පාප කර්මයයි.
පින හරියට අප සමඟ එන සෙවණැල්ල වගෙයි. පාපය යනු ගොනු පසු පස එන කරත්ත
රෝදය වගෙයි.
චිත්තං පුනාතිතී පුඤ්ඤං, යන තැන පුනාති කියන්නේ පෙළීම හෙවත් පිරිසුදු
කිරීමයි. හරියට කුල්ලෙන් වී පොළනවා වගේ මිනිස් සිත තුළ කෙලෙස් මල ඉවත්
කරලා හොඳ දේ පමණක් ඉතිරි කරන්නේ පිනයි.
සසල සිත තුළ කසළ මිස කුසල නැතැයි කියමනක් තියෙනවානෙ. රති, හාස, ක්‍රෝධ,
භය, ජුගුප්සා යන කසළ උපදින විටම ගෙන එනවා. මේවා පොළා දමා පිරිසුදු විය
යුතුයි. එවිට සිත තුළ ලෝභ, දෝෂ, මෝහ, දුරු වී අලෝභ, අදෝස, අමෝහ
නැගිටිනවා. එසේ පිරිසුදු වීමයි පින කියන්නේ.
අපිරිසුදු සිත්වල පින පහළ වන්නේ නෑ. ඒ නිසා සිත, කය, වචන යන තුන් සිත
පහදවාගෙන තමයි පින් කරන්න ඕනෑ. පූර්ව චේතනාව, මුඤ්ඤන චේතනාව හා අපර
චේතනාව පිරිසුදු විය යුතුයි. පුනාති කියන්නේ සිත පින වීම නොව පිරිසුදු
කිරීම බව දැන් පැහැදිලියි නේද?
පැනය – හැමෝටම පින්කම් කළ හැකි ද?
පිළිතුර – බැහැ. ඒ වාසනාව තිබෙන්නේ මිනිසාට පමණයි. යක්කුන්ට,
ප්‍රේතයන්ට, භූතයන්ට පින්කම් කරන්න බැහැ. දෙවිවරු වුණත් ජීවත්වන්නේ අප
කරන පින් අනුමෝදන් වීමෙන්. අප ඔවුන්ට පින් අනුමෝදන් කළ යුතුයි.
මිනිස්භවයක උපන් පමණිනුත් හැමෝටම පින් කරන්න බැහැ. ඒ සඳහා සසර පුරා
පින්කරලා පුරුද්ද තියෙන්න ඕනෑ. ප්‍රේත, යක්‍ෂ, ලෝකවල ඉඳලා පෙර කළ
පව්වලට විපාක විඳලා යාන්තමින් මිනිස් ලොවට ගොඩවුණු අයට මිනිස් සිරුරක්
තිබුණට සංසාර පුරුදු අත් අරින්න බෑ. ඔවුන් තිරිසනුන් හා සමානයි. ඔවුන්ට
ධර්මය, පන්සල, දානය, පිරිත, පූජාව, මහා සංඝරත්නය පෙන්නන්න බැහැ.
සමහරු ලෝකයාට පේන්න තම ධනය, බලය, මහන්තත්ත්වය පෙන්වන්න මහා පරිමාණයෙන්
පින්කම් කළත් හද තුළ පිරිසුදු බව නැහැ.
මෙයින් පෙනෙන්නේ සිසිල් ජලය කෙතරම් උණුසුම් කළත් යළි සිසිල් වන සේම,
කූඩැල්ලන් මෙට්ටය මත රැඳවිය නොහැකිසේම පවට පුරුදු වූ ඇත්තා පව තුළම
ගැලෙන බවයි. එලෙසව පින් පුරුදු තැනැත්තා ද පින දියුණු කරනවා.
පැනය – පින්දුන්නාට මියගිය හැමෝටම ඒවා අනුමෝදන් විය හැකිද?
පිළිතුර – බැහැ. ඊට සුදුසු වාතාවරණයක ඔවුන් සිටිය යුතුයි. අටමහා නරකයේ
වැටුණු අයට කොහොමටත් පින් අනුමෝදන් වන්නට බැහැ. ඒ තරම්ම දරුණු විපාක
ලැබෙන ස්ථානයක් නිසයි.
අටමහා නරකය නම් සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහාරොෂ්ටය, තාපය,
ප්‍රතාපය හා අවීචියයි. මෙහි වැටුණොත් දුක් විඳලාම තමයි ගොඩ එන්න
පුළුවන්. ඉන් පසුව ඔන්න පින් අනුමෝදන් වෙන්න පුළුවන්.
හැබැයි ඒ වෙන විට ඥාතීන්ට ඒ අයට පින් දෙන්න මතකයක් නැහැ. ආයුෂ පරතරය
නිසා මතකනේ බිම්බිසාර රජතුමාගේ සොළොස් මහා සිහින?
කල්පාන්තරයක් නිරාදුක් විඳලා පින් පතන නෑයන්ගේ විලාපය හා විලාසය දැන
සිහිනෙන් බිය වූ එතුමා, බුදුරජාණන් වහන්සේ හමුවී හේතුව විමසුවා. පින්
අනුමෝදන් කිරීමේ වැඩපිළිවෙළ ඇරඹුණේ එදා බිම්බිසාර රජු කළ පින්කමෙන්
පසුවයි.
මියගිය අයට පින් දෙන්න ඕනෑ ගෙදර අයමයි. සමීප ඥාතීන්ටයි නැතිනම් බලවත්
භූතාත්ම ගෙදර අයගෙන් පළිගන්නවා. බඩු මුට්ටු කුඩු පට්ටම් කරනවා. සිරුරු
තුළට ඇතුළු වී කරදර කරනවා. එසේ කිරීමට ඝන සිරුරු මවා ගැනීමට භූතයන්ට
පුළුවන්.
එසේ බලවත් නොවූ අයගේ සිරුරු ඉතා සියුම්. ඒ අයට කිසිවක් අල්ලන්න බැහැ.
අහුවන්නේ නෑ. ඒ නිසා හූල්ල හූල්ලා ගෙදරට ශාප කරනවා. එතකොට ගෙදර
සාමාජිකයන් අතර ප්‍රශ්න ඇතිවෙනවා. සමගිය බිඳෙනවා. ඒ නිසා කවුරු පින්
ගත්තත් නැතත් අවශ්‍ය වේලාවට පින් කරලා අනුමෝදන් කළ යුතුයි.
පැනය - ප්‍රේත ලෝකවල අයටත් පින් අනුමෝදන් වීමට නොහැකිද?
පිළිතුර – භයානක ප්‍රේත ලෝක හතරක් ගැන බණ පොතේ දක්වනවා. නිජ්ඣාමතන්හික,
කුප්පිපාසක, පරදත්තුපජීවී, පංශුපිසාච යන ප්‍රේත ලෝකවල උපදින ආත්මවලින්
පින් ගැනීමේ වාසනාව ඇත්තේ පරදත්තුපජීවි ලොව අයට පමණයි.
පර, දත්ත, උප, ජීවි යන වදනින්ම පේනවා. ඔවුන් අනුන්ගේ දෙයින් යැපෙන බව.
අන් ලෝකවල අයගේ පාපය බරපතළ නිසා පින් ගන්න බැහැ.
නිජ්ඣාමතන්හික ප්‍රේත ලොව අය නිතරම නොනිමෙන ගින්නකින් දැවි දැවී
ඉන්නවා. කුප්පිපාසක ලොවේ අයට බඩගිනි වුණොත් පිපාසිත වුණත් කිසිවක් කන්න
බොන්න බැහැ.
එවැනි ප්‍රේතයකු වරක් ආනන්ද හාමුදුරුවන් පිණ්ඩපාතේ යද්දී විලක් ළඟ ගල්
පොත්තක් පලාගෙන මතු වූ බව බණ පොතේ තියෙනවා.
මිනිස් ලෝකයේත් අපමණ ප්‍රේත ගති ඇති අය ඉන්නවා. ශරීරාංග විකෘතිවෙලා
පුදුම කර්මයක් විඳවන්නේ හොඳ දෙයින් හොඳ විපාකත් නරක දෙයින් නරක විපාකත්
ලැබෙනවා. දෙවියෝ නොවෙයි එසේ කරන්නේ. තමා කළ කර්මයන්මයි.එය විශ්ව දහමයි.
“යාදිසං වපතේ බීජං
තාදිසං හරතේ ඵලං
අස්වැන්න ලැබෙන්නේ වපුල ජුවට අනුවයි.
අන්තිම ප්‍රේත ලෝකය තමයි පංශුපිසාචය එම ප්‍රේතයන් ජීවත් වන්නේ පස්
කුණුගොඩවල් ඇසුරෙන් අපේ ගෙවල් ගෙබිම වුණත් අපිරිසුදු නම් මොවුන්ට
පුළුවන් එහි ලැගුම් ගන්නට. එවිට මිනිසුන් පිරිහෙනවා. ඒ නිසා පරිසර
පවිත්‍රතාව වැදගත්.
පැනය – පින් අනුමෝදන් වන්න බැරිවුණොත් ඒවා අපතේ යනවාද?
පිළිතුර – නැහැ. පින්කළ තැනැත්තා තුළම පවතිනවා අනුමෝදන් විය හැකි අප
එසේ කරාවි. අනික් අය අදාළ පරිසරයට ආවාම අනුමෝදන් වේවි. හරියට දුරකථනයට
එන කෙටි පණිවුඩ වගේ.
අපට එය ලබාගත නොහැකි පරිසරයක හිටියොත් එම පරිසරයෙන් මිදුණු වහාම සංඥාව
ලැබෙනවා වගෙයි.
පැනය – මිය ගිය ඇත්තකුට පින් දීමේ දී අනෙක් මිය ගිය අයත් සිහිකළොත්
ප්‍රධානකෙනාට පින් අඩුවෙනවා කියන මතය සත්‍යයද?
පිළිතුර – එය සහමුලින්ම වැරැදියි. පිනක් ප්‍රධාන අරමුණක් ඇතිවත්
නැතිවත් කරන්න පුළුවනි. ඊට කලාවක් හෝ වෙලාවක් නැහැ. අනිකුත් මියගිය අය
සිහිකළා කියලා ප්‍රධාන ඥාතියාට පින් අඩුවන්නේ නෑ පින පිනමයි.
උදාහරණයක් ලෙස එක දැල්වෙන පහනකින් නව පහන් සියයක් හෝ දහසක් දල්වන්න
පුළුවන්. ඒත් මුල් පහනේ දීප්තිය අඩුවන්නේ නෑ.
පැනය – පිනෙන් කර්මය වෙනස් කරන්න පුළුවන්ද?
පිළිතුර - මොකද බැරි. කුඩා බඳුනක් ඊට වඩා ලොකු බඳුනකින් වසන්න පුළුවන්
වගේ සමහර පාප කර්ම ලොකු පුණ්‍ය කර්ම බලයෙන් යටපත් කරන්න පුළුවන්.
ඕනෑම පාපී පුද්ගලයෙකුට තම වැරැදි තේරුම්ගෙන හදාගන්න පුළුවන්.
පාපයෙන් මිදුණු තැනැත්තා අඳුරු වලා ගැබින් මිදුණු සඳමඬල සේ බබළයි.
ඔබ තවත් ඉන්නේ පාපයේ ගැලී නම් ඉන් මිදී කුසලය හෙවත් පින බලවත් කරගෙන සඳ
මඩලක් සේ බැබළෙන්නට සිතට ගන්න.
සටහන
පුෂ්පානාත් ජයසිරි මල්ලිකාරච්චි |