UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් මෙවර වෙන්කර තිබෙනවා

පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් මෙවර වෙන්කර තිබෙනවා

නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ( පිරිවෙන්) පරිපාලන හා සැලසුම්) වටිනාපහ සෝමානන්ද හිමි

මෙවර අය වැය මගින් පිරිවෙන් පැවිදි ශිෂ්‍යයකු සඳහා වර්ෂයකට රුපියල් 2500 සිට රුපියල් 5475 දක්වා මුදලක් වැඩි වේ. එමෙන්ම පිරිවෙන් ගිහි ශිෂ්‍යයකු සඳහා වසරකට රුපියල් 500 සිට රුපියල් 1825 දක්වා ප්‍රමාණයක් වැඩිවේ. මෙම වැඩිවන ප්‍රමාණයන් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට පිරිවෙන් අධ්‍යාපන සැලැස්ම ඉදිරිපත් කළ අවස්ථාවේදී එතුමා සඳහන් කළේ මෙම පිරිවෙන්වල ගුණාත්මක සංවර්ධනය පිළිබඳව විමසා ඒ අනුව වැඩපිළිවෙළක් සකස් කර පිරිවෙන්වල ප්‍රගතිය අනුව මුදල් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

ඉතිහාසයේ පළමු වතාවට රාජ්‍ය අයවැයක් මගින් පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස 2014 අයවැය යෝජනා මගින් පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර ඇතැයි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පරිපාලන හා සැලසුම් වටිනාපහ සෝමානන්ද හිමියෝ පවසති.

අතිගරු ජනාධිපතිතුමා මෙයට පෙරත් පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් ශිෂ්‍යාධාර වැඩිකිරීමක් සිදු කරන ලදී. එතුමා බලයට පත්වීමට පෙර පිරිවෙන් පැවිදි ශිෂ්‍යයකු වෙනුවෙන් වර්ෂයකට රු.1250ක් තිබූ මුදල රුපියල් 2500ක් දක්වා වැඩි කරන ලදී. එමෙන්ම වර්ෂයකට පිරිවෙන් ගිහි ශිෂ්‍යයකු සඳහා තිබූ රුපියල් 250ක් වූ මුදල එතුමා රුපියල් 500 දක්වා වැඩි කරන ලදී.

මෙවර අය වැය මගින් පිරිවෙන් පැවිදි ශිෂ්‍යයකු සඳහා වර්ෂයකට රුපියල් 2500 සිට රුපියල් 5475 දක්වා මුදලක් වැඩි වේ. එමෙන්ම පිරිවෙන් ගිහි ශිෂ්‍යයකු සඳහා වසරකට රුපියල් 500 සිට රුපියල් 1825 දක්වා ප්‍රමාණයක් වැඩිවේ.

මෙම වැඩිවන ප්‍රමාණයන් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට පිරිවෙන් අධ්‍යාපන සැලැස්ම ඉදිරිපත් කළ අවස්ථාවේදී එතුමා සඳහන් කළේ මෙම පිරිවෙන්වල ගුණාත්මක සංවර්ධනය පිළිබඳව විමසා ඒ අනුව වැඩපිළිවෙළක් සකස් කර පිරිවෙන්වල ප්‍රගතිය අනුව මුදල් ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරන ලෙසයි.

ඒ අනුව අප බලාපොරොත්තු වනුයේ පිරිවෙනකට යම්කිසි ස්ථාවර මුදලක් යෝජනා කර අනුමත කරගෙන ඒ මුදල ලබාදී, ඉතිරි මුදල් ලබා ගැනීම සඳහා ලකුණු පදනම මත ක්‍රමවේදයක් සකස් කිරීමට ය.

පිරිවෙනෙහි ප්‍රගතිය මත පිරිවෙනෙහි කාර්යාලය නඩත්තු කිරීම පිළිබඳ ලකුණු ලබාදීම, ඊළඟට පිරිවෙන් භූමිය සිත්ගන්නා පරිසරයක පවත්වාගෙන යාම, එමෙන්ම පිරිවෙනට ඇතුළත් වන ශිෂ්‍ය සංඛ්‍යාව, එම වර්ෂය තුළ පැවිදි ශිෂ්‍යයන් අලුතෙන් කෙතරම් ප්‍රමාණයක් ඇතුළත් වී ඇද්ද? ඒ සඳහා ලකුණු ප්‍රමාණයක් දීම, ගිහි ශිෂ්‍යයන් කොපමණ ප්‍රමාණයක් ඇතුළත් වී තිබෙනවාද ? ඊටත් ලකුණු ප්‍රමාණයක් ලබාදීම, පිරිවෙන් ගුරුවරු අඩු නිවාඩු ප්‍රමාණයක් ලබා ගෙන තිබේනම් ඒ සඳහාද ලකුණු ලබාදීම, පිරිවෙනේ අභ්‍යන්තර ව්‍යුහය, පරිපාලනය සකස් වී තිබෙන්නේ කෙසේද? පිරිවෙනේ පාලක සභා, සංවර්ධන සභා ආදිය ශක්තිමත්ව පවත්වා ගෙන යන්නේද? පිරිවෙන් සංවර්ධන අරමුදලක් පිරිවෙන තුළ තිබේද? එමෙන්ම පිරිවෙනේ ශිෂ්‍ය සංයමයක් පිරිවෙන තුළ තිබෙනවාද? පිරිවෙනේ වාර්ෂික උත්සව පවත්වනවාද? වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සව, ආදි ශිෂ්‍යයන් දිරි ගැන්වීමේ වැඩසටහන් කරනවාද? ඊළඟට පිරිවෙන් පැවිදි ශිෂ්‍යයන්ගේ භාරකාර ආචාර්යවරු සහ ගිහි ශිෂ්‍යයන්ගේ මව්පියන් වසරකට වරක්වත් කැඳවා අදාළ දැනුම්වත් කිරීම් සිදු කරනවාද? පුස්තකාලය පරිහරණය කරනවාද? පුස්තකාලයේ පොත් වර්ගීකරණය කර සකස් කර තිබෙනවාද? පොත් ලබා දෙන ක්‍රමවේදයන් සකස් කර තිබෙනවාද? පොත් බැහැරදීම සඳහා කටයුතු යොදා තිබේද? යනාදියට ලකුණු ලබාදීමේ ක්‍රමයන් අනුගමනය වේ.

අනතුරුව පිරිවෙන්හි දෛනික වත් පිළිවෙත්, දිනචරියාව ආදිය ක්‍රමානුකූලව සකස්කර තිබේද?

අන්තර පාරිවේණික තරග වාර්ෂිකව පවත්වනවාද? එමෙන්ම අධ්‍යාපන කලාප මට්ටමෙන් විවිධ ජයග්‍රහණ දිසා මට්ටමෙන්, පළාත් මට්ටමෙන් හා ජාතික මට්ටමෙන් ජයග්‍රහණ ලබා තිබේද? එමෙන්ම මූලික පිරිවෙන් අවසාන විභාගය සමත්වූ ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද? අනිවාර්ය විෂයයන් සමඟ සාමාන්‍ය පෙළ සමත්වීම, උසස් පෙළ සමත්වීම, උසස් පෙළ සමත්වීමෙන් විශ්වවිද්‍යාලයට හෝ විද්‍යාපීඨ සඳහා ඇතුළත් වූ ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව ලකුණු ලබාදීම සහ ප්‍රාචීන විභාග පිළිබඳව ප්‍රාචීන, මධ්‍යම, අවසාන සමත්වීම අනුව ලකුණු ක්‍රමයක් ලබාදී මේ අනුව සමස්ත පිරිවෙන් තුළ මේ අයුරින් පිරිවෙන් සංවර්ධනයවීමේ වැඩසටහනක් තුළින් ලකුණු ලබා දීමේ ක්‍රමයක් තුළින් ඉතිරි මුදල් ලබාදීමේ ක්‍රමයක් ඇති කිරීමට අපේක්ෂා කරනු ලැබේ.

ඉදිරියේ දී එය යෝජනා කර 2014 සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනු ලැබේ.

මෙම වැඩසටහන ඒ අයුරින් ක්‍රියාත්මක වන්නාසේම පිරිවෙන්වලට වෙනම මුදලක් පිරිවෙනේ ගොඩනැගිලි නඩත්තු හා ඉදිකිරීමට, උපකරණ, ලී බඩු නඩත්තු කිරීම සඳහා ලක්ෂ පහක පමණ මුදලක් ලබාදීම, එයද අප බලාපොරොත්තු වනුයේ පළමුව රුපියල් ලක්ෂයක මුදලක් ලබාදී රුපියල් ලක්ෂ 5ක වැනි මුදලක කටයුතු සිදු කර පෙන්විය යුතුය.

ඒ සඳහා අනුග්‍රාහකයන්, ආදි ශිෂ්‍යයන් ආදී බොහෝ දෙනා දායක කරගත හැකිවේ. එසේ පෙන්වීමෙන් පසු තවත් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබා දෙනු ලැබේ. එහිදීද රුපියල් ලක්ෂ පහක වැඩපිළිවෙළක් පෙන්විය යුතුය. ඒ අනුව රුපියල් ලක්ෂ 5ක් පිරිවෙනකට ලබා දෙනවිට රුපියල් ලක්ෂ 25ක වැඩකටයුතු පිරිවෙනක සිදුවිය යුතුවේ.

එසේ මුදල් ලබා දෙනුයේ විහාරස්ථානයක වෙනත් විහාරාංගයන් ඉදිකිරීමට නොව පිරිවෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් පිරිවෙන් ශාලාව, නේවාසිකාගාර, සනීපාරක්ෂක පහසුකම් ආදී කටයුතු වෙනුවෙන් එසේ මුදල් දීමට බලාපොරොත්තු වේ.

ඊට අමතරව 2014 වසරේදී බලාපොරොත්තු වනුයේ අපේ රටේ සිල්මාතාවරු විශාල ප්‍රමාණයක් වැඩ වෙසෙන බැවින් අධ්‍යාපනය නොලබන පිරිසට අධ්‍යාපන ආයතන කීපයක් ආරම්භ කිරීමය.

2014 වසරේ සිට සීලමාතා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඒ අයට අධ්‍යාපනය ලබන්නට අවස්ථාව සලසා දීමට බලාපොරොත්තු වනු ලැබේ.

ඊට අමතරව පිරිවෙන්වල හැම දිස්ත්‍රික්කයක්ම පදනම් කරගෙන ඵල සපිරි පිරිවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවේ. මේ තත්ත්වය යටතේ විශේෂයෙන්ම මෙවර අයවැය මගින් පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව නිරන්තර අවධානය යොමු කර මුදල් අමාත්‍යවරයා ලෙස, අතිගරු ජනාධිපතිතුමා කටයුතු කිරීම පිරිවෙන් ක්ෂේත්‍රය තුළම විශේෂ ඇගයීමකට ලක්වී තිබේ.

පිරිවෙන් ශිෂ්‍යයන් විභාගවලින් සමත්වීමෙන් පසු එම ශිෂ්‍යයන් අගැයීමට ලක් කිරීමටත්, විදේශ සංචාර ලබාදීමේ වැඩසටහනක් දැනට ක්‍රියාත්මක කර ඇති බැවින් එය ඉදිරියට ද ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වනු ලැබේ.

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]