UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

උඳුවප් පුර පසළොස්වක දෙසැම්බර් 16 වනදා සඳුදා

සිරි සඟමිත් තෙරණියගේ ලංකාගමනය

දාර අධිරාජයකු වූ ධර්මාශෝක මහ රජතුමාගේ දයාබර දියණිය වූ සිරි සඟමිත් මහ රහත් තෙරණියගේ ඓතිහාසික ලංකාගමනය අනුස්මරණය කැරෙන උඳුවප් පුර පසළොස්වක පොහොය ලක් ඉතිහාසයේ අසිරිමත් පොහොය දිනයකි.

කුඩා කල පටන් විරාගික හැගීම් වලින් පෝෂණය වී සිටි සඟමිත් කුමරියට ලෞකික සැප සම්පත් තවදුරටත් විඳීමට අවශ්‍යතාවයක් නොවුවාය. ස්වකීය සහෝදර මිහිඳු කුමරාත්, ස්වකීය සැමියාණන් වූ අග්ගි බ්‍රහ්ම කුමාරයාත් සිය පුතණුවන් වූ සුමන කුමාරයාත් සම්බුදු සසුන් කෙතෙහි උතුම් පැවිදි දිවියට පත්ව සිටියහ. සඟමිත් කුමරියගේ අපේක්ෂාව වූයේද පැවිදිවීමය. ඒ බව ඇය පිය මහ රජතුමාට දැන්වූවාය. පිය මහ රජතුමන්ගේ අනුමැතියෙන් සඟමිත් කුමරිය “ආයුපාලි” මහ රහත් මෙහෙණින් වහන්සේගේ සහ “ධම්මපාලි” මහ රහත් මෙහෙණින් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් භික්‍ෂුණී ශාසනයෙහි පැවිද්ද ලැබුවාය. සඟමිත් තෙරණිය නොබෝ කලකින් සියලු කෙලෙසුන් දුරලා මහ රහත් උත්තමාවක් බවට පත් වූවාය.

මිහිඳු මහ රහතන් වහන්සේගෙන් සදහම් අසා මග ඵල ලද අනුලාදේවිය ප්‍රධාන හෙළ කතුන් හටද පැවිදිවීමේ බලවත් කැමැත්ත වූවාය. දෙවන පෑතිස් රජුගේ මාර්ගයෙන් ඒබව අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේට දැන්වූහ.

කාන්තාවන් හට පැවිද්ද ලබාදීමට අනුබුදු හිමියන්ට නොහැකි බවත්, ඒ සඳහා සිය නැඟණිය වූ සඟමිත් තෙරණිය ඇතුළු භික්‍ෂුණීන් මෙරටට ගෙන්වා ගන්නා ලෙසත් උන්වහන්සේ වදාළහ.

ඒ අනුව දෙවන පෑතිස් මහ රජතුමා ඒ සඳහා අරිට්ඨ කුමරා ප්‍රධාන දූත පිරිසක් දඹදිව අශෝක අධිරාජයා වෙත යැවීමට කටයුතු කළහ.

“ලංකාවේ සිටින සිංහල කාන්තාවෝ සසුන්හි පැවිදි වන්නට කැමැත්තෙන් සිටිති. එහෙත් ඒ කාර්ය සඳහා භික්‍ෂුණී සංඝයා ලංකාවේ නොමැති හෙයින් එය කළ නොහැක. ඒ සඳහා සංඝමිත්තා මහරහත් උත්තමාව ප්‍රධාන භික්‍ෂුණී සංඝයා මෙහි එවනු මැනවි. එමෙන්ම පෙර තුන් බුදුවරයන් වහන්සේලාගේ බෝධි ශාඛාවලින් හිස්නොවූ ලංකාවට අප ගෞතම බුදුරදුන් පිටදුන් බෝධිරාජයා ගේ ශාඛාවක්ද එවනු මැනවි” යන සන්දේශය රැගත් රාජකීය දූත පිරිස ධර්මාශෝක අධිරාජයාණන් හමුවනු පිණිස දඹදිව බලා පිටත් වූහ.

එහි ප්‍රතිඵලය වූයේ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව, සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ප්‍රධාන එකොළොස් නමක් මෙහෙණින් වහන්සේලා ප්‍රධාන අරිට්ඨ කුමරා ඇතුළු රාජකීය දූත පිරිසක් අද වන් පෝදිනක පැමිණීමය.

එබැවින් මෙවන් ඓතිහාසික දිනයක දී සිරි සඟමිත් මහ රහත් මෙහෙණිය පිළිබඳවත්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අසිරිමත් ගුණ සමුදායත් ලාංකේය මෙහෙණි සසුන ගැනත් නිරන්තරයෙන් සිහියට නැඟේ.

අසිරිමත් සම්මා සම්බුද්ධත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ පණිවුඩය සමස්ත ලොව හමුවේ ප්‍රදර්ශනය කරන ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම කිරීමත්, එම ඓතිහාසික බෝධීන් වහන්සේ මේ දක්වා නිර්මලව ආරක්ෂාවීමත් මෙරට ලත් වාසනාවකි.

අනුරාධපුර මහමෙවුනා උයනේ උඩ මළුවේ වෙසෙන ජය ශ්‍රී මහා බෝධිරාජයාණන් වහන්සේ ලෝකයෙහිම පවතින ඓතිහාසික පැරැණිතම වෘක්ෂරාජයාණන් වහන්සේය.

මෙවන් ඓතිහාසික දිනයකදී අනුරාධපුර වැඩ වසන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ලක්‍ෂ ගණනින් බෞද්ධ ජනතාව ඒකරාශි වනුයේ සිරි සඟමිත් මහ රහත් උත්තමාවගේද ගුණ සිහිපත් කරමිනි.

කවදත් කළ ගුණ සලකන ජනතාවක් ලෙස බෞද්ධයාට ඒ පිළිබඳව මෙනෙහි කරමින් සතුටු විය හැකිය.

බෞද්ධ ශ්‍රාවිකා චරිතාපදානයන් පිළිබඳ තව තවත් අපේ රටේ බාලිකාවනට කියවීමට සැලැස්වීමෙන් ඒ ආදර්ශවත් චරිතාපදානයන් ගැන මෙනෙහි කිරීමට අවස්ථාව සැලැස්වීමෙන් හෙළ කත සනසන ගුණගරුක බාලිකාවන්ගෙන් අපේ සමාජය කවදත් ශෝභාමත් වනු ඇත.

 

උදුවප් පුර පසළොස්වක පෝය

උදුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 16 වැනිදා සඳුදා අපරභාග 12.53 ට ලබයි.
17 වැනිදා අගහරුවාදා අපරභාග 3.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 16 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
දෙසැම්බර් 25 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 16

Second Quarterඅව අටවක

දෙසැම්බර් 25

New Moonඅමාවක

ජනවාරි 01

First Quarterපුර අටවක

ජනවාරි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]