දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය - ආදර්ශ ප්‍රශ්නෝත්තර – 2014
බුද්ධ චරිතය – 2 අභ්‍යාසය
කුලියාපිටිය සාරානාත් විද්‍යාලයේ
ධර්මාචාර්ය දහම්පාසල් ගුරු
උපදේශක,
ශාස්ත්‍රපති, පණ්ඩිත
උප්පලවත්තේ විමලානන්ද හිමි
* ඇතැම් ප්‍රශ්නවලට දීර්ඝ පිළිතුරු බලාපොරොත්තු නොවන බැවින්
අපේක්‍ෂකයන්ගෙන් බලාපොරොත්තු වන ප්‍රමාණයන් පිළිතුරු සපයා ඇත.
* මෙම ප්‍රශ්න පත්‍රය කොටස් තුනකින් සමන්විත වේ. එක් කොටසකින් එක්
ප්‍රශ්නයක්වත් තෝරා ගෙන ප්‍රශ්න 05කට පිළිතුරු සැපයිය යුතුය.
01) අ. බුද්ධ කාලීන ජටිල තාපසවරුන් තිදෙනෙකු නම් කොට ඔවුන්ගේ ආගමික
කාර්යයන් මොනවාදැ’යි පැහැදිලි කරන්න.
පිළිතුර :-
හිසෙහි රැඳුණු ජටාවකින් යුක්ත වූ පිරිස ජටිල නමින් හැඳින්වූ අතර ඔවුහු
සංචාරක පැවිද්දෝ වූහ. ඇතැම් ජටිලයන්ට ස්ථිර ආරාමද තිබුණි. තමන් රහත්
යැ’යි පළ කළ මොවුන්ට සිය ගණන් පිරිස් සිටි බව පෙනේ. මහජනයාගේ විවිධ
පූජෝපහාරයන් විඳිමින් රජුන්ගේ සම්මාන පවා ලැබූ ජටිලයෝ වූහ.
බුද්ධ කාලීනව වාසය කළ ප්‍රසිද්ධ ජටිලයන් තිදෙනෙකු වශයෙන් උරුවේල
කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප යන තුන් බෑ ජටිලයන් දැක්විය හැකිය.
ඔවුන්ගේ ආගමික කාර්යයන් අතර ගිනි දෙවියන් පිදීම එසේම විවිධ ආකාරයේ
ජලයෙහි කිමිදෙමින්, හැසිරෙමින්, ජලය ඉස ගනිමින් “උදක පාරිශුද්ධිය” නම්
වූ ශික්‍ෂාව ප්‍රධානම ආගමික කාර්යයන් ලෙස දැක්විය හැකිය.
ආ. බුද්ධ කාලීනව වාසය කළ පරිබ්‍රාජකවරුන් අතරින් 4 දෙනෙකු නම් කොට
ඔවුන්ගේ ආගමික කාර්යයන් දක්වන්න.
බුද්ධකාලීනව තැනින් තැන ඇවිදිමින් ස්ථිර වාසයක් නැතිව ත්‍රිදණ්ඩක්
අතින් ගෙන වාද විවාද කරමින් හැසිරුණු පරිබ්‍රාජක තවුසන් රාශියක් පිළිබඳ
තොරතුරු පාලි සාහිත්‍යයේ දක්නට ලැබේ. බුද්ධ කාලීනව වාසය කළ ප්‍රසිද්ධ
පරිබ්‍රාජකයන් අතර සංජය පරිබ්‍රාජක, වච්චගොත්ත, දීඝනක, කෝලිය, වේචතස්ස
වැනි පරිබ්‍රාජකයන් දැක්විය හැකි අතර මොවුන්ගේ ආගමික කාර්යයන් අතර
ශරීරයට අධික ලෙස දුක් දෙන අත්ථකිලමථානු යෝගයෙහි හැසිරීම දැක්විය හැකිය.
ඉ. බුද්ධ කාලීනව වාසය කළ නිගන්ඨ නාථපුත්ත ශාස්තෘවරයාගේ කර්මවාදය පිළිබඳ
පැහැදිලි කිරීමක් කරන්න.
සාමඤ්ඤඵල සූත්‍ර දේශනාවේ සඳහන් වන ආකාරයට පරම අවිහිංසාවාදී, කර්මවාදී
ශාස්තෘවරයෙකු වශයෙන් මොහු හඳුන්වා දිය හැකිය. කුසල් අකුසල් වශයෙන් මොහු
ප්‍රධාන වශයෙන් කර්මය ප්‍රභේද ගත කොට දක්වන අතර කර්ම රැස් කරන ප්‍රධාන
දොරටු 03ක් ඇතැයි ද පෙන්වා ;දනු ලැබේ. ඔහු දක්වන එම දොරටු 03 මෙසේය.
1. කාය දණ්ඩ
2. වචී දණ්ඩ
3. මනෝ දණ්ඩ
“දණ්ඩ” යනු මොහු දක්වන කර්මයයි. කර්මයක් සිදුවීමේදී ඒ සඳහා මූලික වන්නේ
කාය දණ්ඩය යැ’යි මොහු දක්වයි. කර්ම රැස්කරන කාල අනුව ප්‍රධාන කොටස්
02කට බෙදා දක්වනු ඇත. එනම් ,
1. අතීත කර්ම 2. වර්තමාන කර්ම යනුවෙනි. අතීතයේදී කරනු ලබන සියලුම කර්ම
අතීත කර්ම ගණයට ඇතුළත් වන අතර මෙම අතීත කර්මයක් ක්ෂය කිරීම සඳහා ශරීරයට
අනන්ත පරිමාණ දුක් දිය යුතුය. අත්ථකිලමතානුයෝගී පිළිවෙතක් ඒ සඳහා
අනුගමනය කළ යුතුය. අජ වෘත්තය, ගෝ වෘත්තය, කුක්කුර වෘත්තය වැනි වෘත
සමාදන් විය යුතුය. එළුවකු මෙන් කටු මැසිවල නිදා ගැනීම, ගවයකු මෙන් මඩ
ගොහොරුවල ලැගීම, සුනඛයකු මෙන් අළු ගොඩවල නිදා ගැනීම වැනි ශරීරයට දැඩි
සේ දුක් දෙන පිළිවෙත්වල නිරත විය යුතුය.
වර්තමාන කර්මයන්ද අතීතයට එක්වීමට නොදී ක්ෂය කළ යුතුය. ඒ සඳහා චතුයාම
සංවර ශීලය අනුගමනය කළ යුතුය. එනම් :-
සබ්බවාරි – වාරිතෝ = ඇල් දිය පානය නොකළ යුතු ය.
සබ්බවාරි – යුතෝ = සියලු පාපයන්ගෙන් වැළකිය යුතු ය.
සබ්බවාරි – දුතෝ “ කළ පව් සෝදා හැරිය යුතු ය.
සබ්බවාරි – පුඨෝ = කළ පව් ස්පර්ශ කොට අවසන් කළ යුතු ය.
මෙබඳු පිළිවෙත් අනුගමනය කිරීමෙන් වර්තමානයේදී රැස් කරන කර්මයන් බැහැර
කළ යුතු යැයි නිගන්ඨනාථ පුත්ත ශාස්තෘවරයා විසින් උගන්වනු ලැබේ.
2. අ. බ්‍රහ්ම ජාල සූත්‍රයේ දැක්වෙන දෙසැටක් මිත්‍යා දෘෂිටිකයන් ලියා
දක්වන්න.
පිළිතුර :- කේවල ශාස්වත වාද 4
ඒකච්ච ශාස්වත වාද 4
අන්තානිත්තක වාද 4
අමරාවික්ඛේප වාද 4
අදිච්ච සමුප්පන්න වාද 4
20 පූර්වාන්ත කල්පිත
සංඥී වාද 16
අසංඥී වාද 08
නෙව්‍යසංඥී නාසඥී වාද 08
උච්චේද වාද 07
දිට්ඨ ධම්ම නිබ්බාන වාද 05
44 අපරාන්ත කල්පිත = 64
බුදුරදුන් පහළ වූ සමයේ භාරතය අනේක විධ දාර්ශනික චින්තාවන්ගෙන්ද ඒවා
ඇසුරු කර ගත් නිමක් නැති දාර්ශනික වාද විවාද හා සාකච්ඡාවලින් ද පිරී
පැවතුණි. ඉහත දෘෂ්ටීන්ගෙන් ඒ බව පැහැදිලිවේ.
ආ. බමුණු මතය අනුව කාන්තාවන්ගේ තත්වය පිළිබඳව පැහැදිලි කරන්න.
පිළිතුර :- බමුණු මතය අනුව එකල කාන්තාවන්ට හිමි වූයේ ඉතා පහත් තැනකි.
ඇයට මවක හෝ බිරිඳක වශයෙන් හිමිවිය යුතු නිසි තැන නොලැබුණි. මහා
බ්‍රහ්මයා විසින් කාන්තාව මවන ලද්දේ පිරිමින්ගේ විනෝදය සඳහා යැ’යි සලකන
ලදී. ආගමක් ඇදහීමට එයට අදාළ වත්පිළිවෙත්වළ නියැලීමට ආගමික ග්‍රන්ථ
කියවීමට හෝ ඇසීමට ඇයට අහිමි විය. කවර කාරණයකින් හෝ ආගමික
සම්බන්ධතාවකින් තොර ඉතා අසහනකාරී ජීවිතයක් එකල භාරතීය සමාජයේ
කාන්තාවන්ට උරුම වී තිබුණි. එසේම ඇයට තමාගේ කැමැත්ත පරිදි රැකියාවක්
කිරීමද තහනම්ය. පිරිමින් හා සමාන සමාජීය උරුමයන් බොහොමයක් ඇයට හිමි
නොවීය. බ්‍රාහ්මණ ආධිපත්‍ය තුළ කාන්තාව ඇද දමා තිබුණේ ඉතා පහත්
ස්ථානයකටය. පුරුෂයාගේ ආගමික විමුක්තියට බාධාව කාන්තාව යැ’යි එකල සලකා
තිබේ. ඒ අනුව ඇය සම්පූර්ණයෙන්ම ආගමේ ආශිර්වාදය නොලැබූ තැනැත්තියක් විය.
එකල ගැහැනු දරුවෙකුගේ උපත අභාග්‍යයකයැ’යි සැලකූහ. මිය ගිය පියා
වෙනුවෙන් දිය යුතු “ පීතෘ” දානය නම් යාගය කළ හැක්කේ පිරිමි දරුවෙකුට
පමණ කැ’යි සැලකූ බැවින් ගැහැනු දරුවෙකුට වඩා පිරිමි දරුවෙකු නිතර
පැතූහ.
ගැහැනිය උපතින්ම දුර්වලය. එමෙන්ම චපලය. ඇය කෙරෙහි විශ්වාසය තැබිය
නොහැකි යැයි බමුණෝ දැඩිව ප්‍රකාශ කළහ. කුඩා ( බාල ) කාලයේදී පියා යටතේද
තරුණ වයසේදී ස්වාමි පුරුෂයා යටතේද, ස්වාමියා මිය ගිය පසු තම පිරිමි
දරුවන් යටතේද, ඇය ජීවත් විය යුතුය. කිසිවිටෙක ඇය ස්වාධීනව නිදහස්ව
නොසිටිය යුතුය යැ’යි අවධාරණය කර තිබේ.
ස්ත්‍රිය දැකීම නිසා මනස විකෘති වන බව ද, ඇය ඇසුරු කිරීමෙන් ධනය විනාශ
වන බව ද ඇය හා සයනය කිරීමෙන් මරණය අත් වන බව ද, හැම අතින්ම ඇය විපත්
ළඟා කරන රාක්‍ෂණියක බව ද බමුණෝ අවධාරණය කළහ. කාන්තාවකට ඇත්තේ දෑගුලක්
පමණ වූ නුවණකි. මෙවැනි ආකල්පයක් ඇය පිළිබඳ දැරූ නිසා ඇය හැම අතින්ම
පීඩාවට පත් විය.
ඉ. බෞද්ධ චින්තනය තුළ කාන්තාවට ලැබුණු සුවිශේෂී වරප්‍රසාද මොනවාදැ’යි
ගෙනහැර දක්වන්න.
පිළිතුර :- බුදු දහමේ උදාවත් සමඟ බ්‍රාහ්මණ යුගයේ වැළලී ගොස් තිබුන
කාන්තා වරප්‍රසාද සියල්ලම ලබා දීමට බුදුරජාණන් වහන්සේ සමත් විය. බුදු
දහම නිසා ඇයට ලැබුණු වරප්‍රසාද අතර,
1. මවකගේ තත්ත්වය
2. ගෘහණියකගේ තත්ත්වය
3. උපාසිකාවකගේ තත්ත්වය
4. භික්‍ෂුණියකගේ තත්ත්වය
මවක වශයෙන් ඇය පූජනීයත්වයට පත් විය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා
යන සිව් බඹ විහරණ ඇත්තේ මව ළඟය. පුබ්බා චරීය, පුබ්බ දේව ආදී සුවිශේෂ
නම් වලින් ඇය හැඳින්විය. ගෘහණිය යන තනතුර බුදු දහමින් ඇයට පිරි නැමීය.
ගෘහයේ කටයුතු මැනවින් කරන නිසා ගෘහණිය යැ’යි ද බුද්ධ කාලයේ හොඳම ගෘහණිය
ලෙස විශාඛා සිටු දියණිය දැක්විය හැකි බවද පෙන්වා දිය හැකිය.
උපාසිකාවක ලෙස ද බුදුරදුන් ඇයට සුවිශේෂී තනතුරක් ප්‍රදානය කොට තිබේ.
තෙරුවන් මැනවින් අදහන තැනැත්තිය උපාසිකාව නම් වේ.
භික්‍ෂුණිය යන තනතුරද බුදුරදුන් ඇයට ප්‍රදානය කළහ. පස් වන වස් කාලය
විශාලා මහනුවර කූටාගාර ශාලාවෙහි වැඩ වෙසෙන විට භික්‍ෂුණී ශාසනයට ඇයට
ඇතුළත් වීමට ඉඩ ලබා දීමෙන් බුදුරජාණන් වහන්සේ කාන්තා සමාජයට විශේෂ
වරප්‍රසාද ලබා දී ඇති බව පෙනේ.
|