ශ්‍රී සම්බෝධි විහාරය සංවිධානය කළ
කඨින පින්කම් දඹදිවදී
කොළඹ ආර්.ජී.සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානය මගින් සංවිධානය
කරන කඨින පින්කම් දෙකක් දඹදිව දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.
ඉතිරිය»
යහ සිතිවිල්ලෙන් ලොව සැනසෙන
ඉල් පුර පොහොය අදයි
බරණැස ඉසිපතන මිගදායෙහි වස් වසා වැඩ සිටි භාග්‍යවතුන් වහන්සේ වස්
පවාරණයෙන් පසු ප්‍රථම රහත් සැටනම ඇමතූ සේක. “මහණෙනි, චාරිකාවෙහි
හැසිරෙන්න. බොහෝ දෙනාට
හිතසුව පිණිස ද ලොවට අනුකම්පා පිණිස ද දෙව් මිනිසුන්ගේ හිත වැඩ පිණිස ද
චාරිකාවෙහි හැසිරෙන්න. මුල මැද අග අර්ථ සහිත පරිපූර්ණ ධර්මය දේශනා
කරන්නැ”යි
අවවාද දී ධර්මදූත සේවාව සඳහා නිරත කරවන ලද්දේ අද වැනි
ඉල්පුර පොහෝ දිනකදී ය.
ඉතිරිය»
ධර්ම දේශනාව:
මහත් සැපතක්
ලබා ගන්න
සුළු සැපත අත්හරින්න
‘මත්තා සුඛ පරිච්චාගා පස්සෙචෙ විපුලං සුඛං’ මද සැපතක් අත්හැරීමෙන් මහ
සැපතක් ලැබෙනවා. ‘තජෙ මත්තා සුඛං ධීරො සම්පස්සං විපුලං සුඛං’ ඒ බව
දැනගත් නුවණැත්තා එම මහත් සැපත බලාපොරොත්තුවෙන් මඳ වූ සැපත අත්හරිනවා.
මෙය තවත් පැහැදිලි කරන්නම්. මේ ලෝකයේ ඥානවන්තයෙක් ජීවිතය තේරුම්
ගන්නවා. ඔහු සොයන්නේ තමාගේ ජීවිතය සැපවත් කරගන්නේ කෙසේද කියා. හොඳම
සැපවත් මාර්ගය කුමක්ද ? ඒ සඳහා සුළු සැපතක් අත්හරිනවා. හොඳ සැපතක්
ලැබෙන බව දන්නවනම් නුවණැති තැනැත්තා හැම විටම ලොකු සැපත ලැබීමේ
බලාපොරොත්තුවෙන් පුංචි සැපත අත්හැර දානවා කියන ඔන්න ඔය අදහසයි මෙයින්
කියැවෙන්නේ.
ඉතිරිය»
අරහත් ධජයේ ආලෝකයෙන් වාරියෙපාළ ලෙළදේ
රාම රාවණා පුරාවෘත්තයද සමහර විටක නිර්මාණශීලි සිතළුවක් වීමටද පුළුවන.
තවමත් ඒ පිළිබඳව නිශ්චිත පුරාවිද්‍යා සාධක සොයා ගෙන නොමැත.
එය කෙසේ වෙතත් අපගේ මාතෘකාවට හසුවන වාරියපොල රජ මහා විහාර භූමිය ඉතා
රමණීය භූමියකි. මෙහි හාත්පසට විහිදුනු සුවිසල් ගල්තලාවක් දැක ගැනීමට
ලැබෙයි. මෙම නම සෑදීමට ඒ සුවිසල් ගල්තලාව පාදක වූවා යැයි සිතිය හැකි
වේ.
ඉතිරිය»
|