රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 9
මා පොත් ලීවේ
කිසිම ලාභාපේක්‍ෂාවකින් නොවෙයි
එසේම පැවිදි ජීවිතයේ ඇති වටිනාකම පිළිබඳව උන්වහන්සේ මෙසේ ද සඳහන් කරති.
ජනක වෙත්තසිංහ
පැවිද්ද වනාහී ලෝකයා විසින් ඉතාම උසස් තත්වයෙන් සලකන රජ බවට ද වඩා
උතුම් තත්ත්වයකි. රජකම කෙලෙස් වැඩීමට පව් වැඩීමට භූමියක් වනු මිස
කෙලෙස් නැසීමට පව් නැසීමට හේතුවන තත්ත්වයක් නොවේ. රජකම් කරන්නන්ට බොහෝ
සෙයින් සිදු වන්නේ රජකම නිසාම නොයෙක් පව්කම් කොට මරණයෙන් මතු නරකයට
යාමට ය .සාමාන්‍ය ජනයාට තබා අප මහා බෝසතානන් වහන්සේටත් පෙර එක් ජාතියක
විසි වසක් රජකම් කිරීමේදී සිදු කරගත් පව් නිසා අසූ හාර දාහක් අවුරුදු
ඔසුපත් නරකයක පැසෙන්නට සිදුවූ බව ‘තේමිය’ ජාතකයෙහි දක්වා තිබේ.
තේමිය කුමාරයන් රජකම කිරීමට බිය වූයේ රජ බව කෙලෙස් වඩන අපායෙහි ඉපදීමට
සසර දික්වීමට හේතු වන තත්ත්වයක් බැවිනි. පැවිද්ද වනාහි එබඳු නපුරු
තත්ත්වයක් නොව කෙලෙස් තුනී කරන පව් අඩුකරන සසර කෙටි කරන තත්ත්වයකි.
ඇත්තෙන්ම ඉහත කරුණු සලකා බලද්දී රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් ගේ
පැවිදි ජීවිතය මෙම පැවිදි ගුණයන්ගෙන් පෝෂිත වූ පරිපූර්ණ වූ පරමාදර්ශි
චරිතයකි.
ඇත්තෙන්ම රේරුකානේ චන්දවිමල හිමියන් පොත් ලීවේ යම් දෙයක් ඉතා නිවැරදිව
ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කර ගැනීමෙන් පසුව ය. එසේම උන්වහන්සේ අවවාදයට
වඩා ආදර්ශයෙන් භික්‍ෂු ජීවිතය සරල සැහැල්ලු අල්පේච්ඡතා ගුණයෙන්
පරිපූර්ණත්වයට පත්කරගත් භික්‍ෂූන් වහන්සේ නමකි. ඒ නිසාම සම්බුදු දහමට
අනුකූලව චන්දවිමල හිමියන් පල කළ අදහස් යහපත් පැවැත්මකට ඉතා වටිනා
ආදර්ශයන් රාශියක් සපය යි.
ඒවා ජීවිතය පෝෂයනයට දිය පොහොර සේ උකසා ගත් නිසාම චන්දවිමල මහා නාහිමි
චරිතය සුවඳ විහිදෙන සුපුෂ්පිත කුසුමක් සේ ය.
පොත් ලිවීමට පාවිච්චි කළ ලෑල්ල |
රේරුකානේ චන්දවිමල මහා නා හිමියන් පොත් ලිවීමට පටන් ගත්තේ අද වගේ
පසුබිමක නොවේ ය. ඒ කාලයේ ගැඹුරු ධර්ම කරුණු විග්‍රහ කරමින් පොතක් ලිවීම
එක්තරා අභියෝගයකි. මහන්සි වී ලියා මුද්‍රණය කර බෙදා හැරිය ද ඒවා
පාඨකයන් අතරට ගෙන යාම මහත් වූ දුෂ්කර කටයුත්තකි.
ඒ වකවානුවේ ප්‍රසිද්ධව සිටි පොත් ප්‍රකාශකයන් මෙවැනි වැඩකට අත ගැසීමට
බිය වූයේ ‘ මීයක් කඩන්නේ අත ලෙව කෑමට නොවන’ නිසා ය. යම් කිසි පොතක් පල
කර ලාභයක් නොලැබේ නම් ව්‍යාපාරයක් වශයෙන් ප්‍රතිඵලයක් නොලැබෙන නිසා
කවුරුත් එවන් අදහසක් පැණ නැගුණු විට පියවරක් පස්සට ගැනීමට පෙළඹුණි.
මේ නිසා මුල් යුගයේ චන්දවිමල හිමියන්ට ද මෙය මහත් ප්‍රශ්නයක් විය.
උන්වහන්සේගේ අතින් කලක් පොතක් නොලිය වෙන්නේ මෙවන් පසු බිමක් යටතේ ය.
එහෙත් එක එක්කෙනාගේ දැඩි ඉල්ලීම් නිසා සඟරාවලට, පත්තර වලට ලිපි ලියා
දීමට පමණක් උන්වහන්සේට සිදු විය.
චන්දවිමල නා හිමියන්ට සඟරාවලට පත්තර වලට ලිපි ලිවීමෙන් ඔබ්බට ගොස් පොත්
මුද්‍රණය කිරීම දක්වා වූ ගමනකට අවතීර්ණ වීමට සිදු වූයේ ද මෙසේ බොහෝ
දෙනාගේ ඉල්ලීම් ප්‍රතික්‍ෂ්ප කිරීමට නො හැකි වූ නිසාමය. බුද්ධ ජයන්තිය
මුල් කරගනිමින් ‘චතුරාර්ය සත්‍ය’ නැමැති පොත මුද්‍රණය කරන්නට
විනයාලංකාර නා හිමියන් රුපියල් 1000 ක් ද විහාරස්ථානයේ ප්‍රධාන දායකයාව
සිටි ඒ.ඩී. සුවාරිස් අප්පුහාමිගෙන් රු. 1000 ක්ද වැලිගම්පිටියේ
ලියෝරිස් මුදලාලි මහතා ගෙන් රු. 1000ක් ද ණයට ලබා ගත්හ.
මෙසේ රුපියල් 3000ක් වියදම් කර චතුරාර්ය සත්‍ය පොත මුද්‍රණය කෙරිණි.
ඇත්තෙන්ම ධර්මයේ වඩාත් ගැඹුරු පුළුල් විෂයක් වූවත් මෙම පොත අලෙවියේ දී
සාර්ථකත්වයක් පෙන්නුම් කළේ ය. ඒ නිසා එම පොත විකුණා ණය තුරුස් ද බේරා
ඉතිරි වූ ලාභයෙන් ‘විදර්ශනා භාවනා’ නම් පොත මුද්‍රණය කිරීමට හැකි විය.
ගරු බුහුමන් වශයෙන් ලැබුණු විජිනිපතක් |
ඇත්තෙන්ම චන්දවිමල නා හිමියන් ග්‍රන්ථ ලේඛනයට පිවිසුනේ මුදල් හම්බ කර
ගැනීමේ පටු පරමාර්ථ මුදුන්පත් කර ගැනීමේ අදහසින් නොවේ. උන්වහන්සේ
පවසන්නේ මම පොත් ලීවාට ඒවා මුද්‍රණය කිරීමට පෙළඹෙන්නේ නැත. ඉන්පසුව
රේරුකානේ නා හිමියන්ගේ ශිෂ්‍ය හේනේගොඩ කල්‍යාණධම්ම භික්‍ෂූන් වහන්සේ එම
පොත් මුද්‍රණය කළ අතර ඒ ලැබෙන මුදල විහාරස්ථානයේ දියුණුවට වැය කළහ.
එසේම පන්සලේ වැඩ සිටි නේවාසිකාභාර භික්‍ෂූන්ගේ අවශ්‍යතාවයන් සේම චන්ද
විමල මහා නා හිමියන්ගේ සුළු සුළු කාර්යයන් මේ ලැබෙන මුදලින් පිරි
මැසුණි. මහා නා හිමියන් කියන පරිදි සමහර ධර්ම කාරණා නිවැරදිව තේරුම් කර
ගැනීමට බොහෝ කල්ගත කිරීමට සිදු විය. උන්වහන්සේට එය මනාව අවබෝධ වූ විට
අන් අයගේ ප්‍රයෝජනය සඳහා පොතක් ලියා ඵල කිරීම හොඳ යැයි සිතෙයි.
එසේ පටිච්චසමුප්පාදය තේරුම් ගන්නට චන්දවිමල මා හිමිට බොහෝ කලක් ගත වූ
බවත් එය නිසිසේ අවබෝධ වූ විට ‘පටිච්චසමුප්පාද විවරණය’ නම් පොත ලියූ
බවත් කියයි. පාරමිතා ධර්මය පිළිබඳව නොයෙකුත් පොත් ලියැවී තිබේ. එම පොත්
සියල්ල කියවුවද මා නාහිමියන්ගේ හිතට මේ පොත් වලින් ප්‍රසාදයක් ඇති වූයේ
නැත. ඒ නිසාම පාරමිතා ධර්ම විස්තර කිරීමේ අපේක්‍ෂාවෙන් ‘පාරමිතා
ප්‍රකරණය’ කියන පොත උන්වහන්සේ අතින් ලියැවිණ.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ මහ උල්පත නීග්‍රෝධාරාම විහාරස්ථානයේ තාවකාලිකව වැඩ
විසීමට චන්දවිමල මා හිමියන් කැමැත්තක් දැක් වූයේ එහි පරිසරය සෞම්‍ය වූ
නිසා ය. ඇතැම් ගී‍්‍රස්ම කාල වලදී මෙම විහාරස්ථානයට උන්වහන්සේ වැඩියේ ඒ
නිසා ය. එසේම එහි පැවැත්වෙන පින්කම් වෙනුවෙන් ද චන්දවිමල මා හිමියන්ට
නිතර ආරාධනා ලැබුණි.
එක් වකවානුවක එක්තරා පින්කමක් අවසාන වී රැස්ව සිටි පිරිස සමඟ කතාබහ
කිරීමේ දී ඒ අය මහා නා හිමිගෙන් ඉල්ලීමක් කළහ. ශාසනයේ විනය කර්ම කිරීමට
බොහෝ භික්‍ෂූන් වහන්සේ නොදන්නා නිසා ඒ පිළිබඳ පැහැදිලි දැනුමක් ලබා
ගැනීමට පොතක් ලිවීම වටිනා කටයුත්තක් බව ඔවුන්ගේ අදහස විය. එම ඉල්ලීමේ
ප්‍රතිඵලය වූයේ ‘විනය කර්ම’ නමින් පොතක් ලියා පල කිරීමය.
මහා නා හිමි ලියූ පොත් පෙළ |
උන්වහන්සේම පවසන්නේ විනය කර්ම පොතේ තිබුණ පමණට කරන්නට නො හැකි බවයි. ඒ
නිසා විනය කර්ම කිරීම පිළිබඳව පැහැදිලි කරමින් මේ පොත ලියූ බවත්, දැන්
එය තුන් නිකායේම භික්‍ෂූන් වහන්සේ භාවිතා කරන අත් පොතක් බවට පත් වී ඇති
බවත් ය. එය චන්දවිමල මා හිමියන්ගේ සිතට මහත් සතුටක් ගෙන දෙන කරුණක්
විය.
‘සූවිසි මහ ගුණය’ නැමැති පොත ලීවේ මහා නා හිමියන්ගේම ඕනෑකම අනුවය. එය
තුණුරුවන් කෙරෙහි දැක් වූ පූජාවට ප්‍රසාදයක් වශයෙන් ලියැවුණු පොතකි.
තුණුරුවන් කෙරෙහි දැක් වූ ලොකුම පූජාවක් ලෙස ‘සූ විසි මහා ගුණය’ නම් වූ
ග්‍රන්ථය නම් කළ හැකි වෙයි.
ඒ කාලයේ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක වූ ‘සතිපට්ඨාන භාවනා
ක්‍රමයට’ විරුද්ධව ඇතැම් භික්‍ෂූන් වහන්සේලා යම් යම් විවේචන ඉදිරිපත්
කිරීමට පෙළඹුණි. මෙම ගැටලුකාරී තත්ත්වය සමනය කිරීමේ අදහස ;පරදැරි කර
ගනිමින් හා යථාතත්ත්වය පැහැදිලි කර දීමේ අදහසින් ‘සතිපට්ඨාන භාවනා
විවේචනය’ නම් පොත ලියැවිණි. චන්දවිමල මා හිමියන් ලියූ පොත් අතර
‘ශාසනාවතරණය’ උන්වහන්සේ වඩාත් අගය කරන ග්‍රන්ථයකි.
ඒ පිළිබඳව උන්වහන්සේ මෙසේ පවසති. අද මහණකමේ නියැලී හිඳින සමහර ඇත්තන්ට
ඒ පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. දවසක් වයසක හාමුදුරු කෙනෙක් මෙහාට ආවා.
ඇවිදින් මට තුටු පඬුරුත් පූජා කළා. එසේ කරළා ඒ භික්‍ෂූන් වහන්සේ
පැවසුවේ නායක හාමුදුරුවන්ගේ පොත් ටික නැතිනම් මේ කාලයේ ඉන්න භික්‍ෂුන්
වහන්සේලාට කරන්න කිසිම දෙයක් නොමැති බවය. දෙවැනි දවසෙත් ඔය විදියට
කියලා මට තුටු පඬුරුත් පූජා කරළා හරියට සතුටු වුණා.
තවත් කොටසක් නොවැම්බර් 25 වන දා පත්‍රයේ පළවේ
රේරුකානේ චන්දවිමල මහා නා හිමි චරිතාපදානය - 8 භික්‍ෂූත්වයේ උදාරත්වය |