|
ධර්ම දේශනාව: මහත් සැපතක්
ලබා ගන්න
සුළු සැපත අත්හරින්න
‘මත්තා සුඛ පරිච්චාගා පස්සෙචෙ විපුලං සුඛං’ මද සැපතක් අත්හැරීමෙන් මහ
සැපතක් ලැබෙනවා. ‘තජෙ මත්තා සුඛං ධීරො සම්පස්සං විපුලං සුඛං’ ඒ බව
දැනගත් නුවණැත්තා එම මහත් සැපත බලාපොරොත්තුවෙන් මඳ වූ සැපත අත්හරිනවා.
මෙය තවත් පැහැදිලි කරන්නම්. මේ ලෝකයේ ඥානවන්තයෙක් ජීවිතය තේරුම්
ගන්නවා. ඔහු සොයන්නේ තමාගේ ජීවිතය සැපවත් කරගන්නේ කෙසේද කියා. හොඳම
සැපවත් මාර්ගය කුමක්ද ? ඒ සඳහා සුළු සැපතක් අත්හරිනවා. හොඳ සැපතක්
ලැබෙන බව දන්නවනම් නුවණැති තැනැත්තා හැම විටම ලොකු සැපත ලැබීමේ
බලාපොරොත්තුවෙන් පුංචි සැපත අත්හැර දානවා කියන ඔන්න ඔය අදහසයි මෙයින්
කියැවෙන්නේ.
ඉතිරිය»
|
|
ඉල් පසළොස්වක පෝය
ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග
07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.
මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය. |
|
|
|
|
|
|