|
මහත් අනුසස් ලැබෙන
කඨින චීවර පූජාව
කඨිනය චීවරයක් හෝ වස්ත්‍රයක් වශයෙන් පිදිය හැකි ය.
වස්ත්‍රයක් නම් එදිනම සිවුරක් මසා අධිෂ්ඨාන කළ යුතු බැවින්
අරුණට පෙර පූජා කළ යුතු ය. චීවරයක් නම් ‘ඉමං කඨින චීවරං භික්ඛු සංඝස්ස
දේම ‘ යනුවෙනුත්, වස්ත්‍රයක් නම් ‘ඉමං කඨින දුස්සං භික්ඛු සංඝස්ස දේම’
යනුවෙනුත් කියා සඟ සතු කළ යුතු ය.
එසේ සඟ සතු කළ වස්ත්‍රය සිවුරක් බවට පත් කිරීම භික්ෂූන් වහන්සේ විසින්
හෝ මැසීම පිළිබඳ දන්නා වෙනත් අයකු විසින් හෝ
කරනු ලැබිය යුතු ය.
සියලු කටයුතු නිමා වීමෙන් පසු ‘ඤත්ති දුතිය’
විනය කර්ම වාක්‍යයක් මඟින් සුදුසු භික්ෂූන් වහන්සේ
නමකට පවරා දීම වැදගත් විනය කර්මයකි.
ඉතිරිය»
|
|
වප් අමාවක පෝය
වප් අමාවක පෝය නොවැම්බර් මස 02 වැනි දා සෙනසුරාදා අපරභාග
08.10 ට ලබයි.
03 වැනිදා ඉරිදා අපරභාග 06.17 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 03 වැනි දා ඉරිදා ය
මීළඟ පෝය නොවැම්බර් මස 10 වැනිදා ඉරිදා ය.
|
|
|
|
|
|
|