යක්කල, කොස්කඳවල සිරි සුනන්දාරාම
රජමහ විහාරවාසී වටිනාපහ සරණසිරි ස්වාමීන් වහන්සේගේ, ගිහි
කළ පාසල් මිතුරු මිතුරියන්ගේ සහයෝගයෙන්, මරණයට කැපවූ
ගවයින් හය දෙනෙක් ද, සිරකර සිටි කුරුල්ලන් ද, නිදහස්
කිරීමේ පින්කමක් පසුගියදා සිදු කරන ලදී. එහිදී දැනට
ජීවතුන් අතර නොමැති මිතුරන්ට ද, ඔවුන්ගේ පවුල්වල මිය පරලොව
ගිය ඥාතීන්ට පින් පැමිණවීමටද, ජීවත්ව සිටින අයට, නිරෝගී
සම්පත් සහ සෙත් පැතීමේ අරමුණින් යුතුව කරන ලද එම පින්කමේ
දී එක ගවයෙකු වටිනාපහ සරණසිරි හිමියන්ට කෘතගුණ පළකළ අයුරු.
- සේයාරුව - විළිඹුල සරත් චන්ද්‍රසේකර |