UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

රුවන්වැලි සෑරදුන්ට කප්රුක් පූජාව ඔක්තෝබර් 5 දා

රටවැසි සැමටත් විගණකාධිපති දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයටත් සෙත්පතා අනුරාධපුර රුවන්වැලි සෑ රදුන්ට මහා කප්රුක් පූජාවක් ඔක්තෝබර් 5 වන සෙනසුරාදා පැවැත්වීමට විගණකාධිපති දෙපාර්තමේන්තු බෞද්ධ සංගමය කටයුතු යොදා ඇත.

ඉතිරිය»

මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශවයේ රයිගම් සල්පිටි හේවාගම් කෝරළත්‍රයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවියෙන් පිදුම් ලබන බණ්ඩාරගම ගල්තුඩේ ගල්කන්ද පුරාණ විහාරය සහ වෑවිට ශ්‍රී පූර්වාරාමයන්හි උභය විහාරාධිපති

ගල්තුඩේ පඤ්ඤාකිත්ති නා හිමි

ගල්තුඩේ පඤ්ඤාකිත්ති ස්ථවිරයන් අපේ මල්වතු මහා විහාර පාර්ශ්වයට අයත් දැන උගත් ශික්‍ෂාකාමී මහා විහාර සම්ප්‍රදායන් මැනවින් ගරු කරන ස්ථවිර නමකි. බණ්ඩාරගම ගල්කන්දේ මහා විහාරය සහ වෑවිට ශ්‍රී පූර්වාරාමය යන විහාරයන්හි අධිපති ධූරය දරමින් එම විහාරස්ථානයන්හි අභිවෘද්ධිය උදෙසා මෙම ස්ථවිරයන් සිදු කර ඇති සේවාව ප්‍රශංසනීය වේ.

ඉතිරිය»

ධර්ම දේශනාව:

අපමණ පුද ලද බුදු හිමි ගුණ කඳ

උදායී කියා සිටිනවා,මේ සඳහා මට කරුණු පහක් දක්වන්න පුළුවන්. ඔබ වහන්සේ පමණ දැන ආහාර වළඳනවා. කටුක ආහාර වුව උපේක්‍ෂාවෙන් පිළිගන්නවා. පංශුකූලික සිවුරු පොරවනවා. සුව පහසු සේනාසන නොසොයා කටුක ස්ථානවල වාසය කරනවා. ඕනෑම කාලයක් හුදෙකලාව වාසය කරනවා. මෙන්න මේ නිසා ඔබ වහන්සේට ජනප්‍රසාදය ලබා ගැනීමේ හැකියාව ඇතැයි මා විශ්වාස කරනවා කියා. මේ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උදායි මට ශ්‍රාවකයන් ගරු කරන්නේ සලකන්නේ පූජා මානන කරන්නේ ඔබ ඔය කියන කාරණා නිසා නොවෙයි කියා.

ඉතිරිය»

පුහුවල ගංගාතිලක මහා විහාරය

ල්වතු පාර්ශ්වයේ වීදියගොඩ සඟ පරපුරට අයත් පුහුවල ගංගාතිලක මහා විහාරයට 2013 සැප්තැම්බර් මාසයට පුරා වසර 190 ක් සපිරේ. ඓතිහාසික රයිගම්පුරවරයේ සාම්ප්‍රදායික ලක්‍ෂණවලින් හෙබි පුහුවලගම කේන්ද්‍රකර ගනිමින් මෙම විහාරස්ථානය ගොඩනැගෙන සමයේ හොරණ මුණගම සිට පාදුක්කේ මලගල දක්වා එක ද විහාරස්ථානයකින්වත් නොතිබුණු වග පාරම්පරිකව පැවත එන තොරතුරුවලින් පසක් වේ. මුල්ම අවධියේ මෙම විහාරස්ථානය ගොඩනංවා ඇත්තේ වත්මන් විහාරස්ථානයට නුදුරු බිම් පෙදෙසක බව අනාවරණය වේ.

ඉතිරිය»

 

බණ්ඩාරගම ගල්තුඩේ ගල්කන්දේ ශ්‍රී මහා විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ  ඡායා - ජනක වෙත්තසිංහ

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය ඔක්තෝබර් මස 04 වෙනිදා සිකුරාදා පූර්වභාග 06. 38 ට ලබයි.
05 වෙනිදා සෙනසුරාදා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වෙනිදා සිකුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වෙනිදා සිකුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ඔක්තෝබර් 04

First Quarterපුර අටවක

ඔක්තෝබර් 11

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 18

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 26


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]