UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

වල්ලඹගල, උඩුවිල විවේකාරාම තපෝවන ආරණ්‍ය සේනාසනය

රුහුණු පුරවරයේ ගාලු දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තරයට අයත් අක්කර දහස් ගණනක බිම් ප්‍රදේශයක පැතිරී පවතින අතිසුන්දර බෙරලිය මූකලාන පරිසරයේ මනස්කාන්ත බව මේ යැයි කියාපායි. බටහිරෙන් පිටුවල කන්ද ද වයඹ දෙසින් ගලාඩු කන්ද ද ගිනිකොණ දිශාවෙන් කොට්ටගල් කන්ද ද යන කඳු පෙළකින් මේ භූමි ප්‍රදේශය වටවී ඇත. අඬා හැලෙන ඇල්ල, කළුදිය පොකුණ හා නිල් දිය පොකුණ යන ප්‍රධාන දිය දහරාවල ආරම්භය සනිටුහන් කරමින් ද කිරි දොළ, යාන් ඇල්ල ආදී මනස්කාන්ත ඇළ දොළවලට ජලය සපයමින් ද නිර්මාණය

වූ තුන් දොළ දිය දහරෙන් පෝෂණය වූ සුන්දර භූමියකි. කෘෂිකාර්මික අර්ථ ක්‍රමයකට හැඩ ගැසුණු ගැමි ජනතාවගෙන් පැවැත එන අති පැරැණි ජනාවාස භූමියක් වූ වල්ලඹගල ගම් පෙදෙස බෙරලිය මූකලාන ආශ්‍රිත උප ගම්මානයකි. ජල දහරාවන් බෙම් ගඟට එකතු වෙමින් ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය පෝෂණය කරයි. වල්ලඹග ල උඩුවිල කොටසේ අතිපූජනීය විවේකාරාම තපෝවන ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත.

අධ්‍යාත්මික විවේකයට තෝතැන්නක් බඳු වන ගල්හි ගල්ලෙන පසුකලෙක බෙරලිය තපෝවන ආරණ්‍ය සේනාසනය බවට පත්විය. අද මේ පුණ්‍ය භූමිය ශාසනික මෙන්ම සාමාජීය සේවා සපයන බෞද්ධාගමික මධ්‍යස්ථානයකි. මේ ශාසනික සේවාවේ නියමුවාණන් වනුයේ උඩුවිල සුජාත හිමිපාණන් වහන්සේය. අද වනවිට උන්වහන්සේ බෙරලිය තපෝවන ආරණ්‍ය සේනාසනයෙහි වැඩ වෙසෙමින් දැවැන්ත ආගමික, සාමාජිය කාර්යභාරයක නිරතව සිටියද උන්වහන්සේ 1981 වර්ෂයේ සිට නැඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ, පත්තලේගම, මහානාගපුර, මාඔය ආදී ගම්මාන විස්සක පමණ දිවි ගෙවන අහිංසක, සිංහල, දෙමළ, මුස්ලිම් වැසියන්ගේ අධ්‍යාපනික, සාමාජීය හා ආර්ථික තත්ත්වයන් නඟා සිටූවීමට ඉතා කැපවීමෙන් මෙන්ම නිර්භීතව ක්‍රියා කර ඇත. කුරිරු ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡ ක්‍රියාකාරකම් ඉදිරියේ අනාරක්ෂිත ගම්මානවල අහිංසක වැසියන් පීඩාවට පත්වෙද්දී, එම පිරිස් අත නොහැර වසර විසි දෙකක පමණ කාලයක් උඩුවිල සුජාත හිමියෝ ඔවුන් සමඟම විසූහ.

එදා රට, ජාතිය, ආගම විනාශ වන සෑම අවස්ථාවකම අපේ අභීත භික්ෂූන් වහන්සේ ඊට එරෙහිව නැඟී සිටියාක් මෙන් උඩුවිල සුජාත හිමියෝ ද මරණය හමුවේ නොසැලී ත්‍රස්තවාදීන්ගේ ම්ලේච්ඡත්වය ඉදිරියේ පසුබා නොයමින් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව වෙනුවෙන් දිගුකාලීන ඉතා වැදගත් සමාජ මෙහෙවරක් ඉටු කිරීමට කැපවූහ. යුද ගිනිදැල් නිවී සාමයේ අරුණලු පැතිර ඇති වර්තමානයේ දී උන්

වහන්සේ දකුණු ලකට වැඩම කොට ඇල්පිටිය බෙරලිය මූකලානේ තපෝවන ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන අතර උපන් ප්‍රදේශයට අමිල සේවාවක් ඉටු කරති.

 

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 11.37 ට ලබයි.
13 වැනි දා සිකුරාදා පූර්වභාග 09.35 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 12 වැනි දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය සැප්තැම්බර් 19 වැනි දා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 12

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 19

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 27

New Moonඅමාවක

ඔක්තෝබර් 04


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]