UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පිටියේගෙදර මඩවල පුරාණ රාජ මහා විහාරය

පිටියේගෙදර මඩවල පුරාණ රාජ මහා විහාරය


විහාරාධිපති කෙවුල්ගම සුමනසාර හිමි

කඳුරට දුම්බර මිටියාවතේ ඇති වෙහෙර විහාරස්ථාන අතරෙහි වන අග්‍රගන්‍ය පූජනීය ස්ථානයකි පිටියේගෙදර මඩවල පුරාණ රජ මහා විහාරය. සෙනරත් රජු සමයේ ආරම්භ කරන ලද මෙම විහාරස්ථානයෙහි ඓතිහාසික වටිනාකම අතිමහත්ය.


පිටියේගෙදර මඩවල පුරාණ රාජ මහා විහාරය

පාතදුම්බර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයට අයත් පිටියේගෙදර පන්විල මාර්ගයේ දර්ශනීය භූමියක විහාරස්ථානය පිහිටා ඇත.

ඉංගී‍්‍රසි අධිරාජ්‍යවාදින්ගේ මෙරට පාලන සමයේ පන්විල අධිකරණයේ දිවුරුම් කටයුතු සඳහා යොදාගෙන ඇත්තේද පිටියේගෙදර රාජමහා විහාරස්ථානයේ දිවුරුම් බෝධියයි.මහනුවර යුගයට අයත් ටැම් පිට විහාරයක් තිබුණු බවට මෙහි පැරැණි නටබුන් සාක්ෂි දරයි.මෙහි චිත්‍ර මහනුවර යුගයට අයත් ඉතාමත් දුර්ලභ ගණයේ ඒවාය. වත්මන් විහාරාධිපති ලෙස පාතදුම්බර ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කෙවුල්ගම සුමනසාර හිමියෝ කටයුතු කරති.

මෙම විහාර මන්දිරයේ නඩත්තු කටයුතු කිරීමේ බලය ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට බවත් එහි ඇති මහනුවර යුගයට අයත් පැරැණි සිතුවම් සංරක්‍ෂණය කර ගැනීමට ඒ අනුව වැඩිදුරටත් උත්සුක විය යුතු බවත් දායක සභාව හා විහාරාධිපති හිමියෝ පවසති.


මහනුවර යුගයට අයත් බිතු සිතුවම් විනාශ වෙමින්

ඉතාමත් දැකුම්කළු චිත්‍ර විනාශ වීමට ලක්ව ඇතැයි ද වහලය අබලන්වීම නිසා විහාර මන්දිරයට හානි පැමිණ ඇතැයි ද කියති. එසේම පැරැණි දොර උළුවහු අබලන් වී ඇති හෙයින් පිළිසකර කටයුතු කර දෙන මෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවස්ථා ගණනාවක් ඉල්ලුම් කර ඇති බවද පවසති.


විහාර මන්දිරයේ වහලයේ උළු කැට හා රීප්ප කැඩී බිඳී අභාවයට යමින්

අනාගත පරපුර වෙනුවෙන් මෙම විහාර මන්දිරය හා එහි ඇති චිත්‍ර ද පිළිමවහන්සේ ද සංරක්‍ෂණය කිරීම සඳහා වගකිව යුත්තන්ගේ අවධානය යොමු වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

 

 

 

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]