UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනාගතයට මනා සේ සුරැකෙන ඓතිහාසික ගෙඩිගේ රාජ මහා විහාරය

අනාගතයට මනා සේ සුරැකෙන ඓතිහාසික ගෙඩිගේ රාජ මහා විහාරය


ශ්‍රී දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩමවන ඇත්රාජා, ගෙඩිගේ රාජ මහා විහාරයෙන් පිටත්ව පෙරහර මාර්ගයට පිවිසෙන අවස්ථාව

ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන සහ පූජාභූ®මි සංවර්ධනය කරමින් සුරක්‍ෂිත කර ගැනීම මහත් වටිනා පුණ්‍ය කටයුත්තකි. එම පූජාභූ®මි සංවර්ධන වැඩසටහනට අස්ගිරිය මහා විහාරයීය ඓතිහාසික ගෙඩිගේ රාජ මහා විහාරය සංවර්ධනය කිරීමද ඇතුළත් විය.


සංරක්ෂණය කළ පුස්කොළ පොත් පරික්‍ෂා කරන වේඩරුවේ උපාලි හිමි

ආදාහන මළුව වශයෙන්ද හඳුන්වන ගෙඩිගේ රාජ මහා විහාරයේ විහාරාධිකාරී, පොළොන්නරුව සොළොස්මස්ථානාධිපති ශාස්ත්‍රපති වේඩරුවේ උපාලි හිමි, මෙම පූජාභුමි වැඩසටහන් සාකච්ඡා වෙමින් පවතින යුගයේ ගෙඩිගේ විහාරයේ අනාගතය වෙනුවෙන් නිශ්ශබ්දව ගත් ඉක්මන් පියවර නිසා අද විහාරස්ථානයේ සිදුවෙමින් පවතින සංරක්ෂණයේ දියුණුව දැකගන්නට හැකිවේ.

ඓතිහාසික ගෙඩිගේ විහාරය අභියස ඉඳිවූ, තායිලන්ත රාජ්‍යයෙන් පූජා කරන ලද බුද්ධමන්දිරයකි. මහ වාහල්කඩ සහිත පැති දොරටු ඇතුළත් ප්‍රාකාරයද සංඝාවාසය සහිත විහාර මළුවද දැකුම්කළුය. නවීකරණය වුවද පැරැණි තත්ත්වයෙන් ආරක්‍ෂා වූ පරිසරය සිත්හි ප්‍රසාදය උපදවයි. ගෙඩිගේ රාජමහා විහාරයේ වත්මන් ශාසනික දියුණුව එබඳුය.

ශ්‍රී දළදා මාලිගයෙහි මෙන් ගෙඩිගේ විහාරයේද ආගමික කටයුතු හා බැඳී සුවිශේෂ චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායක් පවතී. විහාරයට පූජා කරනලද ඉඩකඩම්වල නිත්‍යානුකූ®ල අයිතියද දැන් ක්‍රමයෙන් නිරවුල් වෙමින් පැවැතීම සතුටට කරුණකි. අවසන් රාත්‍රි මහ පෙරහරත්, දහවල් පෙරහරත් ගෙඩිගේ විහාරයට පිවිසෙන මාවත දෙපස සංවර්ධනය කෙරෙමින් පවතී.

දහම් පාසල සඳහා තුන්මහල් මන්දිරයක් ස්ථාපිත වේ. බුදුදහම ග්‍රන්ථාරූඪ කර ඇති පැරැණි පුස්කොළ අටුවා සංරක්ෂණය කර තැබීමටද පියවර ගෙන ඇත. ඓතිහාසික ගෙඩිගේ රාජ මහා විහාරයේ පෞරාණික වටිනාකම වර්තමානයෙන් අනාගතයට සුරක්ෂිත කර තැබීමට වේඩරුවේ උපාලි හිමි විසින් දරනු ලබන උදාර ශාසනික කැපවීම බෞද්ධ ජනතාවගේ ගෞරවයට පාත්‍රවන්නකි.

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]