UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නාවලපිටිය ශ්‍රී සුගත ධර්මෝද දහම් පාසල

නාවලපිටිය ශ්‍රී සුගත ධර්මෝද දහම් පාසල


ප්‍රධානාචාර්ය හිමියන් සමඟ ශිෂ්‍ය නායක මඬුල්ල

විහාරාධිපති හිමියන් සමග ආචාර්ය මණ්ඩලය


දහම් පාසල් සිසු සිසුවියන්ගෙන් කොටසක්

මනරම් කඳු ගැට වලින් වට වූ බෞද්ධ ජනතාවගේ මෙන්ම කාගෙත් මුදුන් මල්කඩ වූ ශ්‍රී දළදා සමිඳුන් වැඩ සිටින කන්ද උඩරට මධ්‍යම පළාතේ බිහි වූ නාවලපිටිය ශ්‍රී කවිශ්වර වෙලුවනාරාම විහාරස්ථානයේ ශ්‍රී සුගත ධර්මෝද දහම් පාසලට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි.

ලංකාවේ ප්‍රසිද්ධ දහම් පාසලක් ලෙසත් නාවලපිටිය ආසනයේ දරුදැරියන්ට දහම් දැනුම ලබාදෙන දහම් අධ්‍යාපන නිකේතනයක් ලෙසත් ප්‍රසිද්ධ වී ඇත. 1921 දී ශ්‍රී කවිශ්වර වේළුවනාරාම විහාරයේ විහාරාධිපති හා එහි නිර්මාතෘ මැදරට ප්‍රධාන සංඝනායක සද්ධර්ම කවිශ්වර අභිධර්ම කථිකාචාර්ය වේළුවනාරාමාධිපති ඇම්. යූ. ශ්‍රී කවිශ්වර මහ නා හිමියන් වහන්සේ ආරම්භ කරන ලද මෙම දහම් පාසල අද වන විට දරු දැරියෝ 800ක් පමණ අධ්‍යාපනය ලබති.

අතීතයේ සිට මෙම දක්වා පැමිණි ගමන් මඟ මහනුවර දිස්ත්‍රික්කයේ තරගවලින් ප්‍රථම ස්ථාන, සමස්ත ලංකා තරගවලින් ප්‍රථම ස්ථාන, ශාසනාරක්ෂක බල මණ්ඩල තරගවලින් ප්‍රථම ස්ථාන ආදි විවිධ ජයග්‍රහණ ලබා ඇත.

වර්තමානයේ ප්‍රධානාචාර්ය ලෙස ඩී.එම්. මැගිනෝනා මෙනවිය කටයුතු කරන අතර උප ප්‍රධානාචාර්ය ලෙස කටයුතු කරනු ලබන්නේ බලංගොඩ සමිත ස්වාමින් වහන්සේය. අද වන විට ආචාර්ය මණ්ඩලය 20 ක් පමණ සේවය කරති.

සෙනසුරාදා, ඉරිදා, දෙදින තුළම දහම් පාසල පවත්වනු ලබති.

මෙම දහම් පාසලට නාවලපිටිය නගරය පමණක් නොව අවට ඈත එපිට ගම්මාන වන වරකාව, මල්ලන්ද,දොරොවාදෙනිය, වැලිගම්පල, දෙකිද රඹුක්පිටිය, ගිනිගත්හේන, උලපනේ, දොලොස්බාගේ, කඩියෙල්ලන, ආදි ගම්මාන වල දෙමාපියන්ගේ දරු දැරියන් මෙම දහම් පාසලෙන් දහම් අධ්‍යාපනය ලබති. අද වන විට අනුරුද්ධ ජාතික පාසලෙන් හා ශ්‍රී සුගත ධර්මෝද දහම් පාසලෙන් අධ්‍යාපනය ලබා ලෝකය ජයගත් දරු දැරියන් රැසක් විවිධ රටවල හා මෙම රටේ ඉහළ පෙළේ ආයතනවල රැකියා කරති.

එම අයගේ උදව් උපකාරෙන් දහම් පාසල් සංවර්ධන සමිතිය හරහා මෙම දහම් පාසල පවත්වාගෙන යති.

 

 

 

 

 

වෙසක් මස පුර අටවක පෝය

වෙසක් මස පුර අටවක පෝය මැයි මස 17 වැනි දා සිකුරාදා අපර භාග 09.26 ට ලබයි.
18 වැනිදා සෙනසුරාදා අපරභාග 10.27 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම 18 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි මස 24 වැනි දා සිකුරාදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 18

Full Moonපසෙලාස්වක

මැයි 24

Second Quarterඅව අටවක

මැයි 31

New Moonඅමාවක

ජූනි 08


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]