ගල්කිස්ස ශ්‍රී ධර්මාපාලාරාමාධිති,
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති,
අග්ගමහා පණ්ඩිත
කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි
ගෞතම බුද්ධශාසනයෙහි බෝධිපූජාව ආරම්භ වන්නේ
බුද්ධත්වයත් සමඟ මය.
බුද්ධත්වයට පත්ව පළමු වන සතිය බෝමුල සමාධි
සුවයෙන් වැඩ සිටි අස්වත්ථ බෝධිය පාරිභෝගික
වස්තුවක් බවට පත්කළ සේක. දෙවන සතිය
අනිමිස ලෝචන පූජාව කිරීමෙන් බෝධිපූජා පැවැත්වීම ආරම්භ විය
ලෝකයෙහි වාර්තාගත ඓතිහාසික ඉපැරැණි ම වෘක්ෂය ශ්‍රී ලංකාද්වීපය සතු වීම
සිංහල බෞද්ධයන්ට පමණක් නොව සකල ලංකාවාසීන්ටම අතිමහත් ගෞරවයෙකි.
ආශිර්වාදයෙකි. ඒ වෙන වෘක්ෂයෙක් නොව එදා ධර්මාශෝක මහාරාජයාගේ පූර්ණ
අනුග්‍රහයෙන් අනුබුදු මිහිඳු මාහිමියන්ගේ නැගණිය වූ සංඝමිත්තා රහත්
තෙරණිය විසින්, දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී වඩමවාගෙන එන ලද අනුරපුර
මහමෙවුනාවේ රෝපිත ජය ශ්‍රී මහා බෝධින් වහන්සේය.
බුධ (බෝධනේ) ධාතුවෙන් නිපන් බෝධි ශබ්දය අවබෝධ කිරීම් අර්ථයෙහි යෙදෙයි.
සමතිස් පැරුම් දම් සපුරා මීට දෙදහස් හයසීය වසරකට පෙර සිද්ධාර්ථ ගෞතම මහ
බෝසතාණෝ දුක දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැතිකිරීමේ මාර්ගය
යන සිව්සස් දහම් අවබෝධ කළෝ මේ අස්වත්, වෘක්ෂ මූලයේ සිසිල් සෙවනේදීය.
එනිසාම අස්වත්, වෘක්ෂය බෝධි නාමයෙන් ව්‍යවහාර වන්නට විය. බුදුරදුන්
උපන් දවසේම සහජාත වස්තුවක් වශයෙන් ජය ශ්‍රී මහා බෝධිය ද හටගත් බව සඳහන්
වන බැවින් වසර තුන් සිය දාසයකට පසු එහි දක්‍ෂිණ ශාඛාව ලංකාවෙහි රෝපණය
කරන ලද්දේය. මේ අනුව දැන් පවත්නා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියට අද වන
විට වසර දෙදහස් අටසිය හැත්තෑ දෙකක ලිඛිත ඉතිහාසයක් ඇත.
සිද්ධාර්ථ ගෞතම මහබෝසතාණෝ සම්මාසම්බුද්ධත්වයට පත්ව සතියක්ම වැඩසිටියෝ
එම අස්වත්ථ වෘක්‍ෂ මූලයෙහිය. සතියකින් පසු බද්ධ පර්යංකයෙන් නැගී සිටි
බුදුපියාණන් වහන්සේ,ඊළඟ සතියෙහි තමාට සත්‍යාවබෝධය පිණිස සෙවන දුන් බෝධි
වෘක්ෂය දෙස සතියක් අනිමිසලෝචනයෙන් පූජා පැවැත්වූ සේක්,ඉපැරණි
මිත්‍යාදෘෂ්ටියක් වන.
බහුං වේ සරණං යන්ති – පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛ චේත්‍යානි – මනුස්සා භය තජ්ජිතා
භයෙන් තැතිගත් මනුෂ්‍යයෝ ආරාම, වෘක්‍ෂ චෛත්‍ය ස්ථානයන්ගෙන් පිහිට
පතාගෙන සරණ යාමේ පිළිවෙතට නවතම අර්ථ කථනයක් සපයමින් ලොවැ දුර්ලභ කළගුණ
සැලකීමේ මහඟු ගුණය බෝධි පූජාව තුළින් ඉස්මතු කළ සේක. බෞද්ධයා බෝධීන්
වහන්සේට පුද පූජා වන්දන මාන පවත්වනුයේ එදා ආදර්ශයෙන් පෙන්වා වදාළ කළගුණ
සැලකීමේ පරමාදර්ශය ක්‍රියාවට නැංවීමක් වශයෙනි. බුදුරජාණන් වහන්සේ
සතියක් බෝධි මූලයෙහි ඵල සමවතින් වැඩ සිට ධර්ම ශක්තිය අස්වත්ථ බෝධි
වෘක්ෂයට කාවැද්දු අතර සතියක් එදෙස ඇසිපිය නො හෙළා බලාසිටීමෙන් බුද්ධ
බලයද ඇසතු රුකට කාවැද්දූ සේක.මේ නිසා ඇසතු බෝධිය ලෝකයාගේ සිත් සතන්
සනසන සිතුම් පැතුම් ඉටුකරන ලෙඩ දුක් ග්‍රහදොස් දුරුකරන ඉෂ්ටදේවතාවෙක්
බවට පත් වී ඇත.
ගසක් යට සත්‍යාවබෝධය කළ බුදුරජාණන් වහන්සේ ගස් යට දම්දෙසා සදාකාලික
සැනසුම උදාකර ගැනීමට පඤ්චස්කන්ධය සහිතව පිරිනිවන් පා වදාළේත් ගස් දෙකක්
අතරතුරදීය. උන්වහන්සේ තම ජීවිත කාලයේ වැඩි හරියක් ගතකොළෝ ගස් යටය. වන
සෙනසුනහිය. ප්‍රාන්ත වන සෙනසුන්හිය. භික්‍ෂූන්ට ද දේශනා කළසේක්. වන
සෙනසුන් ප්‍රාන්ත සෙනසුන් කැමති වන තාක් කල් ශාසන පරිහානියක් නො වන
බවය. වනාන්තරයන්හි වෘක්‍ෂලතා තමන්ගේ නැදෑයන් ලෙස සලකන්නට තම
ශ්‍රාවකයන්ට උගන්වා වදාළහ. ආරාම රෝපණය, වන රෝපණය සැමදා පින් වැඩෙන
ක්‍රියාවන් බව ඉගැන්වූහ.
රමණීයානි අරඤ්ඤානි තණ්හාව දුරුකළ උතුමන්ට වන සෙනසුන් ඉතා සිත්කළු බව
වදාරා ඇත.යෝගාවචර බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා පමණක් නොව වෙනත් සමයන්හි
තාපසවරුද බෙහෙවින් වනාන්තර පි‍්‍රය කළහ.බුද්ධවංසය දෙස බලන විට සෑම
බුදුවරයන් වහන්සේ නමක්ම බුද්ධත්වයට පත්වී ඇත්තේ ගසක් යටය. ඒ එකම ගස්
සෙවණක නොව විවිධ රුක්මූලයන්හිය.අප මහබෝසතාණෝ දීපංකර බුදුපාමුල නියත
විවරණ ලබා ගත්හ. එතැන් පටන් සූවිසි බුදුරදුන් වහන්සේලා ගෙන් විවරණ
ලබාගෙන ඇත. එම කල්පයෙහි දීපංකර බුදුරදුන්ට පෙර තණ්හංකර, මේධංකර,
සරණංකරයයි බුදුවරයන් වහන්සේලා තුන්නමක් පහළ වී ඇත. ඒ තුන්නමත් සමග
තථාගතයන් වහන්සේලා විසිඅට නමක් වූහ. ඒ අනුව සුමේධ තවුසාණෝ ප්‍රථම නියත
විවරණය ලබා ඇත්තේ බුදුවරුන් සතර නමක් පහළ වන කල්පය “ සාරමණ්ඩ “ කල්පය
නම් වේ. එම කල්පයෙහි බුදු වූ දීපංකර බුද්ධ සමයේදී අප බෝසතාණෝ සුමේධ
නමින් ඉපිද නියත විවරණ ලාගත්හ.
නම් වශයෙන් අපට අසන්නට ලැබෙන්නේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක බුද්ධනාමයන්
පමණි. ඊට එහා කල්පවලද අනන්ත බුදුවරයන් වහන්සේලා පහළ වී ඇති බව කඳ
පිරිතෙහි සඳහන් අප්පමාණො බුද්ධෝ – අප්පමාණෝ ධම්මෝ – අප්පමාණෝ සංඝෝ යන
පාඨයෙන් සඳහන් වෙයි. ඒ සෑම බුදුන් වහන්සේ නමක් ම බුදුවී ඇත්තේ
වෘක්‍ෂමූලයෙක්හි දීමය.
ගෞතම බුද්ධශාසනයෙහි බෝධිපූජාව ආරම්භ වන්නේ බුද්ධත්වයත් සමඟ මය.
බුද්ධත්වයට පත්ව පළමු වන සතිය බෝමුල සමාධි සුවයෙන් වැඩ සිටි අස්වත්ථ
බෝධිය පාරිභෝගික වස්තුවක් බවට පත්කළ සේක. දෙවන සතිය අනිමිස ලෝචන පූජාව
කිරීමෙන් බෝධිපූජා පැවැත්වීම ආරම්භ විය.ආනන්ද බෝධි රෝපණයෙන් බෝධිපූජා
පැවැත්වීම ආරම්භ විය.ආනන්ද බෝධි රෝපණයෙන් බෝධිපූජාව සමාජගත කෙරිණි.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවෙසෙන විට සැදැහැවත්හු
බුදුරදුන් දැකීමට පූජා ද්‍රව්‍ය මල් පහන් රැගෙන පැමිණියහ. උන්වහන්සේ
නැති අවස්ථාවල දී පැමිණී බැතිමත්හු ගෙනෙන ලද පූජා ද්‍රව්‍ය අතන මෙතන
තබා ගියහ. මේ ක්‍රියාව දෙස විමසිල්ලෙන් බලා සිටි අනඳ තෙරණුවෝ
පූජාද්‍රව්‍ය අපතේයාම පිළිබඳවත් සැදැහැවතුන්ගේ අපේක්‍ෂා භංගත්වය
පිළිබඳවත් බුදුරදුන් දැනුවත් කළහ. එවිට බුදුපියාණෝ තමන්ට බුද්ධත්වය
ලබාගැනීමට සෙවණ දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ජේතවනාරාම
භූ®මියෙහි රෝපණය කරන ලෙසත්, තමා නැති විට බෝධින් වහන්සේට පුද පූජා
පවත්වන ලෙසත්, එය තමන්ට කරන පූජාවක් වන බවත් වදාළහ. ඒ අනුව මුගලන්
මහරහතන් වහන්සේගේ සහයෝගයෙන්, අනේපිඬු විශාඛාදි දායක දායිකාවන්ගේ
කැපවීමෙනුත් ජය ශ්‍රී මහාබෝධීන් වහන්සේගේ බීජයක් පැළකර ගෙන ජේතවනාරාම
පුණ්‍ය භූ®මියෙහි රෝපණය කරවූහ. මේ සඳහා ප්‍රමුඛත්වය ගත් අනඳ හිමියන්ගේ
නාමයෙන්ම “ආනන්ද බෝධිය” යැයි හැඳින්වූහ. එම ‘ආනන්ද බෝධිය ’දෙව්රම් පින්
බිමෙහි නිරුපද්‍රිතව අද තෙක් වැජඹෙන අතර බෝධිපූජා ක්‍රමයද විවිධ
මුහුණුවරින් අඛණ්ඩව පැවත එයි.
”සබ්බඤ්ඤුත ඤාණ පටිවේදත්ථාය උපත්ථම්භකෝ හෝතීති බෝධි” යන්නෙන් සර්වඥතාක්
ඥානය ලබාගැනීම අවබෝධ කරගැනීම සඳහා උපකාරවත් වන රාජකීය ගණයට වැටෙන
වෘක්‍ෂයන්ට බෝධි නාමය ලැබෙන බව කියැවේ. අපේ බෞද්ධයා බෝධින් වහන්සේ
දකින්නේ බුදුරදුන්ගේ සංකේතයක් වශයෙනි. එහෙයින් බෝධිය අචේතනික වුවත්
සචේතනික වශයෙන් සලකති. ‘ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ ‘ ‘ජයසිරිමා
හාමුදුරුවෝ’ ආදි වශයෙන් භාවිත කරනුයේ එහෙයිනි. ලක්දිවැ ජය සිරිමා
බෝධීන් වහන්සේ රෝපණය කළායින් පසු බෝධි අංකුර අටක් පැන නැගී ඇත.අෂ්ට
ඵලරුහ බෝධි වශයෙන් හැඳින් වූ ඒවා ලංකාද්වීපයෙහි සුවිශේෂ ස්ථානයන්හි
රෝපණය කොට ඇත. ඊට පසු කලෙක පැන නැගුණු දෙතිසක් බෝධි අංකුර ශ්‍රී ලංකාව
පුරා රෝපණය කරන ලදුව මහජන පුද පූජා ලබමින් අද දක්වා නිරුපද්‍රිතව
පැවතීම විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණෙකි. දඹදිව බුදුරදුන් ස්පර්ශ කළ
බෝධිය ධර්මාශෝක මහාරාජයාගේ තිස්සාරක්ඛා දේවිය සහ ඇගේ පිරිස විසින්
විනාශයට පත් කළ ද බුද්ධස්පර්ශිත බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව බෝධීන්
වහන්සේ විනාශ කිරීමට පෙර ලංකාවට වඩමවාගෙන ආ නිසා අද දක්වා විරාජමාන
වීම, අප ශ්‍රී‍්‍ර ලංකා ද්වීපයටම මහඟු ආශිර්වාදයෙකි.
බොහෝ විට බෝධි පූජාවන් පවත්වන අවස්ථාවන්හිදී පූජාවන් පැවැත්වීමට කියන
ගාථා බුද්ධ පූජාවන් සඳහා භාවිතා කරන ගාථාවත්ම විය. මේ නිසා මහාචාර්ය
රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් විසින් රචිත ‘බෝධිපූජාව‘ නම්
ග්‍රන්ථයෙහි බෝධි පූජාවන් සඳහාම ගාථා බන්ධනය කොට ඇත. ඒ ගාථා ඉතා
ජනපි‍්‍රයව අද කවුරුත් භාවිත කරති. වර්තමාන බෝධි පූජාවෙහි පුනර්ජීවයක්
ඇතිකරන ලද්දේ පානදුරේ අරියධම්ම හිමිපාණන් විසිනි. උන්වහන්සේ පාලි
ගාථාවන් මෙන්ම සිංහල පද්‍යයන් ද බෝධි පූජාව සඳහා යොදාගත්හ. එම කවි සරල
සුගම නිසාත්, මිහිරි හඩින් ගායනා කළ නිසාත් බෝධි පූජාව ඉතා ජනපි‍්‍රය
පූජා විශේෂයක් විය. අටවිසිබෝධි පූජාවන් සහ අටවිසි බුද්ධ පූජාවන් ද
සැදැහැවතුන්ගේ සිත්ගත් පූජාවන්ය. මේ පූජාවන්ගෙන් ජනතාවට සංසිඳීමක්,
සැනසීමක් සෙතක් ශාන්තියක් සැලසෙන නිසා සමාජයට අතිශයින් ම ප්‍රයෝජනවත්
වී ඇත. ආමිෂ පූජාවෙන් හා ප්‍රතිපත්ති පූජාවෙන් මේ පූජා විධි
සම්මිශ්‍රණයෙන් සැකසී ඇති නිසා උභයාර්ථ සංසිද්ධියක් , නිර්වාණයත් යන
ත්‍රිවර්ග සම්පත්තියම සැලසෙනු ඒකාන්තය.බෝධිය වෘක්ෂයත් වුවද එය බුද්ධ
සංකේතයකි.
’ඡායාමන්‍යස්‍ය කුර්වන්ති – තිෂ්ඨන්ති ස්වයමාතපේ
ඵලාන්‍යපි පරාර්ථාය – වෘක්ෂාඞ සත්පුරුෂා ඉව‘
වෘක්ෂයෝ තමන් අව්වේ සිටිමින් අන්‍යයන්ට සෙවණ සලසති. ඵල දරන්නේ ද අනුන්
සඳහා ම ය. ඒ නිසා වෘක්ෂයෝ සත්පුරුෂයන් වැනි වෙති.
ඉහත කී මහාත්ම ගුණ ගස් සතුව පවතින නිසා බුද්ධ සංකේතය අර්ථාන්විත වන්නේ
ම ය. |