දුකසේ විඳින කර්ම විපාක - 11
නන්දා පේ‍්‍රත වස්තුව
අනේ මට අතින් අතට දෙන දෙයක් අරගන්න කැප නැහැ.
වීතරාගී වූ, ගොඩක් බණ දහම් දන්න සීලසම්පන්න භික්ෂූන් වහන්සේලා ඉන්නවා.
උන්වහන්සේලා දන් පැන්වලින් සන්තර්පණය කරවන්න. ඒ පින මට අනුමෝදන් කරන්න.
එතකොට මම සුවපත් වේවි. සියලු සැම සම්පත් වලින් සමෘද්ධිමත් වේවි
පොල්ගහවෙල
මහමෙවුනා භාවනා
අසපු නිර්මාතෘ
කිරිබත්ගොඩ
ඤාණානන්ද හිමි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළින් අපට පිළිසරණ ලබාගත හැකි ආකාරයට
තවමත් ජීවමානව පවතිනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ දෙවියන් මිනිසුන් උදෙසා
මහා කරුණාවෙන් යුතුව බුද්ධ ශාසනය පිහිටුවා වදාළා.
මේ ශාසනය පිහිටවීමේ අර්ථය වන්නේ දෙවියන්ටත් මිනිසුන්ටත් සැප උදාකර
ගැනීම සඳහායි. සැප උදාකර ගන්නට නම් අපි දුකෙන් ඈත්විය යුතුයි. දුකක්
පවතිද්දී ම සැපක් අත්කර ගන්නවා කියන දේ සිදුවිය නොහැකියි. ඒනිසා අපි
අන්ධකාරයෙන් ආලෝකයට යන්න ඕන.
අදත් පේ‍්‍රත වස්තුව තුළින් අපි ඔබට කියා දෙන්නේ තිදොරින් බොහෝ පව්කම්
කොට දුකසේ කර්ම විපාක ගෙවූ එක් පේ‍්‍රතියක් ගැනයි.
භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ
වාසය කරන සමයේ “නන්දා” නම් වූ පේ‍්‍රතිය උදෙසා මෙම පේ‍්‍රත වස්තුව
දේශනා කොට වදාළා.
සැවැත්නුවර අසල වූ එක් ගමක නන්දසේන නමින් උපාසක මහතෙක් වාසය කළා. ඒ
උපාසකතුමා ඉතාමත් ශ්‍රද්ධාසම්පන්නයි. අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය
තැනැත්තෙක්. දාන, සීල, භාවනා වඩමින් ජීවත් වුණා.
ඒ උපාසක මහතාගේ බිරිඳ නන්දා යි. ඇය නම් තෙරුවන් කෙරෙහි කිසිදු
ශ්‍රද්ධාසම්පන්න බවක් හෝ ප්‍රසාදයක් තිබූ තැනැත්තියක් නොවේ. ඉතා
මසුරුය. චණ්ඩය. පරුෂ වචන කීමද ඇය පුරුද්දක් කොට සිටියා. සැමියාට කිසිදු
ගෞරවයක් නැති කිසිදු කීකරුබවක් ද නැති තැනැත්තියක්. ඒ වගේම ස්වාමියාගේ
මව්පියන්ටද තාඩන පීඩන කරමින් නිතර කිපුණු සිතින් යුතුවයි ඇය ජීවත්
වුණේ.
කාලයකට පසු ඇය මිය ගියා. ඇය කළ පව් අනුව ඕපපාතිකව පේ‍්‍රත ලෝකයේ
ඉපදුනා. ඒ පේ‍්‍රතියද මේ ගම අසලම ජීවත් වුණා. දිනක් ඇය තම පෙර ජීවිතයේ
ස්වාමියා ඉදිරියේ පෙනී සිටියා.
ඒ පේ‍්‍රතිය දුටු උපාසකතුමා අසනවා,
ඔබ හරි කළුයි. හරිම විරූපියි. පෙනුම නපුරුයි. දකිනකොට භය හිතෙනවා. ඇස්
රතුයි. දත් කලුයි. මම හිතන්නේ ඔබ මනුස්ස ස්ත්‍රියක් නම් වෙන්න බැහැ. ඔබ
කවුද?
අනේ නන්දසේන මම නන්දා. ඔබගේ පෙර බිරිඳනේ. මගේ අතින් පවු කෙරුණා. ඒකයි
මම මේ පෙරේත ලෝකයේ ඉපදුනේ.
ඔබ විසින් කයින් වචනයෙන් මනසින් මොනවගේ පවුද කර ගත්තේ? මොන කර්මයක
විපාකයක් නිසා ද මිනිස් ලෝකයෙන් පෙරේත ලෝකයට ආවේ.
මම ඒ කාලයේ හරිම නපුරුයි. ඵරුස වචන කිව්වා. මම ඔබට කිසිම ගෞරවයක් කළේ
නැහැ. ඒ නපුරු වචන කථා කරලා මම මේ පෙරේත ලෝකයේ ඉපදුනේ.
හොඳයි මම එහෙනම් ඔබට මේ උතුරුසළුව දෙන්නම්. මේ වස්ත්‍රය පොරෝගන්න. මේක
ඇඳගෙන එන්න. මම ඔබව ගෙදර එක්ක යන්නම්. එතකොට ගෙදර ගියාම ඔබට වස්ත්‍ර
ලැබෙනවා. කෑමබීම ලැබෙනවා. දරුවන් බලන්නත් පුළුවනි. ලේලිලාවත් බලන්න
පුළුවනි.
අනේ මට අතින් අතට දෙන දෙයක් අරගන්න කැප නැහැ. වීතරාගී වූ, ගොඩක් බණ
දහම් දන්න සීලසම්පන්න භික්ෂූන් වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා දන්
පැන්වලින් සන්තර්පණය කරවන්න. ඒ පින මට අනුමෝදන් කරන්න. එතකොට මම සුවපත්
වේවි. සියලු සැම සම්පත් වලින් සමෘද්ධිමත් වේවි.
ඔහු ‘හොඳයි’ කියලා පිළිතුරු දුන්නා.
වැළදිය යුතු දන්පැන් පිළියෙල කරලා සිවුරු පිරිකර පිළියෙල කරල සේනාසන
පිළියෙල කරල මහා දානයක් දුන්න.
ඒ වගේම කුඩයක්, සුවඳ වර්ග, මල්, ආදියෙන් වීතරාගි වූ බණදහම් දන්න සීල
සම්පන්න භික්ෂූන් වහන්සේ සන්තර්පනය කළා. ඒ පින ඇයට අනුමෝදන් කළා.
ඒ පින දීපු සැණින්ම පුණ්‍ය විපාකය පහළ වුණා. භෝජන, වස්ත්‍ර, පැන්ආදී
සැප සම්පත් පහළ වුණා. මේ තමයි දානයෙහි ඵලය.
එතකොට ඇගේ සිරුර පිරිසුදු වුණා. පවිත්‍ර වස්ත්‍ර වලින් සැරසුනා. ඒ
වස්ත්‍ර කසීසළුවලටත් වඩා උතුම්. විචිත්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසුණු ඒ
තැනැත්තිය තමාගේ පැරැණි ස්වාමියා වෙත එළඹුණා.
එවිට ඒ උපාසකතුමා අසනවා, පින්වත් දෙව්දුව, ඔබ ඔය සුන්දර රූපයෙන්
බැබලෙමින් ඉන්නේ හැම දිසාවම බබලුවන ඕෂධි තරුවක් වගේ.
ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද? මොන වගේ පිනකින් ද ඔබට මේ
සැප සම්පත් ලැබුණේ. පි‍්‍රය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොන පින නිසාද?
මහානුභාව ඇති දෙව්දුව මිනිස් ලෝකයේ සිටි කාලයේදී මොනවගේ පිනක් ද ඔබ
කළේ? ආනුභාව සම්පන්නව බැබලි බැබලි ඉන්න පින මොකක් ද? ඔබේ සිරුරෙන්
විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා.
අනේ නන්දසේන මම නන්දා. ඔබගේ පෙර බිරිඳනේ. මගේ අතින් පව් කෙරුණා. ඒකයි
මම පෙරේත ලෝකේ ඉපදුනේ.
ඔබ දීපු දානය නිසා මට කිසි බයක් නැහැ. මං සතුටින් ඉන්නේ. ගෘහපතිය, ඔබ
හැමෝම නෑදෑයනුත් සමග බොහෝ කලක් ජීවත් වේවා.
සුන්දර තැනැත්තිය මුල් සහිතවම මසුරුමල දුරු කරන්නම ඕන. මේ ජීවිතයේ දීම
ධර්මයේ හැසිරෙන්නම ඕන. දන් දෙන්නට ඕන. එතකොට ශෝක නැති දුක් නැති තැන වූ
හිත මනාපෙන් ජීවත්වන්නට පුළුවන්. නින්දා ගැරවුම් රහිත දෙව් ලොවට යන්නත්
පුළුවනි.
සටහන
නයනා නිල්මිණි
දුකසේ විඳින කර්ම විපාක - 10 මත්තා පේ‍්‍රත වස්තුව |