පමානොවී
නිවනට යන්නෝ
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
බුදු දහමෙහි උගන්වන නොකළ යුතු දේ මැනවින් දැන ගැනීමටත් ඒවා නොකර
සිටීමටත්
කළ යුතු දේ මැනවින්
දැන අඳුනාගෙන ඒවා කිරීමෙන් එබඳු කෙනෙකුට හැකියාව
සහ උත්සාහය ලැබේ.
එබඳු පුද්ගලයෝ අප්‍රමාදී
අය ලෙස දක්වා තිබේ.
එසේම බුදු දහමෙහි
නියම හිමිකරුවෝද වෙති.මෙහිදී අප පැහැදිලි කරනු ලැබුයේ ධර්මය කටපාඩමින් මතක තබා ගැනීම
නුසුදුසු
ක්‍රියාවක් ලෙස නොවේ.
එසේත් නොකර සිටීමට වඩා එයද වැදගත්ය
බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූ ධර්මය ත්‍රිපිටකය තුළ අන්තර්ගත වේ.
ත්‍රිපිටකය යනු සූත්‍ර , විනය, අභිධර්ම යන ධර්ම කොටස් එකතු කොට සකස් කළ
බෞද්ධ ග්‍රන්ථයයි. බුදුරජාණන් වහන්සේ වරද නිවරද පැහැදිළි කොට කළ දෙසුම්
එහි ඇතුළත් වේ.
බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය ඉගෙන ගැනීම එකකි. එම ධර්මයට අනුව ජීවිතය
සකස් කර ගැනීම අනෙකකි. මෙය අංශ දෙකක් ලෙස දැන හදුනාගත යුතු වෙයි. ධර්මය
පොත පතින් කියවා දැන උගෙන කට පාඩම් මතකයේ තබාගැනීම තරමක් අමාරු වුවද එම
ධර්මයට අනුකූලව සිය ජීවිතය සකස්කර ගැනීම ඊටත් වඩා අපහසු කාරණයකි.
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලැබුයේ බණ ඇසීමත් ඒවා මතකයේ දරා
ගැනීමත් ඒ අනුව කටයුතු කිරීමත් කළයුතු බවය.
අපේ සමාජයේ බොහෝ බෞද්ධ ආගමික ගති සිරිත් සහිත ගිහි පැවිදි උදවිය මෙම
අංශ දෙකෙන් වඩාත් පි‍්‍රය කරන්නෝ ධර්මය කටපාඩම් තබාගැනීම කෙරෙහි ඒ අනුව
ධර්මානුකූලව හැසිරීම් ඇතැම් අය අනවශ්‍ය දෙයක් හැටියට සලකා බැහැර කරති.
එබඳු අය ධර්මයෙන් නිසි ප්‍රයෝජන නොලබන්නන් ලෙස බුදුරජාණන් වහන්සේ
පැහැදිළි කරනු ලැබ තිබේ. උපමාවක් ලෙස එය දක්වා තිබෙන්නේ ගව රැල
බලාගන්නා ගොපල්ලා වැනිය කියාය. ගොපලු මිනිසා ගවයන් බලා කියා ගනී. කෑම
බීම සුදුසු තැන් සොයා විමසා දැන ගනී. ගවයන් විපත්ති වලින් ආරක්‍ෂා
කරයි. ගවයන්ගේ අයිතිකරුවා මෙන් පෙනී සිටී. ඒ ගොපල්ලාගේ ස්වභාවයයි.
නමුත් ගවයාගෙන් ලැබෙන කිරි ගොපල්ලාට නොලැබේ. ඒවා ලබන්නේ ගව
හිමිකරුවායි. ධර්මය කටපාඩම් තබාගෙන අන් අයට පැහැදිලි කර දෙමින් කටයුතු
කරන පුද්ගලයා බුදුරජාණන් වහන්සේ ගව ගොපල්ලාට සමාන කර තිබේ. එය එක්තරා
විදිහක මහා ගැලපිල්ලක්ද සහිතය. ධර්මය කටපාඩමට ගත් පුද්ගලයා එය ආරක්‍ෂා
කර ගනී. ධර්මය රැකගනී.
ධර්මයේ අයිතිකරුවා මෙන් සමාජයේ පෙනී සිටී. ධර්ම ගැටලු ඕනෑ තැනක
නිරාකරණය කරයි. නමුත් ප්‍රතිපත්ති නොමැති නිසා පිළිවෙත් සරු උතුම්
ගුණාංග වලට නොපැමිණේ. කිරි නොලබන ගොපල්ලා වගේය.
බොහෝ විට මෙබදු අය අපිට සමාජයේ නිතර හමුවෙයි. කතා කරන්නට සිදුවෙයි.
ඇසුරු කරන්නට අවස්ථාව ලැබෙයි. ධර්ම ගැටලු නිරාකරණය කරදෙයි. ඕනෑම සූත්‍ර
ධර්මයක් ඇසූ තැනින් කට පාඩමින් කියයි. නමුත් එබඳු අය සදහම් මගෙයි ආර්යය
මාර්ගයෙහි ප්‍රමාද වූවෝය.
ඤාණය පමණක් තිබීම එක්තරා අයුරකින් බුද්ධිමය ප්‍රචන්ඩත්වයක් පෙන්නුම්
කරයි. බුද්ධියේ උපශාන්ත බව කෙනෙකුට ලැබෙන්නේ ඒවා දැරීමත් සමගය. ධර්මය
දැරීම සහ නොදැරීම පිළිබද ගැටලුවක් සමාජයේ එදාත් පැවතුණි. වර්තමානයේ
එසේමය.
අනාගතයටත් මෙය එපරිදිවේ. එය ඵලදායකය. නමුත් දහමෙහි නිවැරැදි මගෙහි
යෙදෙන්නා උනන්දු වන්නේ ධර්මය කටපාඩමින් ගබඩා කර තබා ගැනීම. සමගම එම
ධර්මානුකූල පිළිවෙත් අනුව ජීවිතය සකස් කර ගැනීමයි.
බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනු ලබන්නේ “අප්පච්චි පිංචි” අල්ප වශයෙන්
වුවද ත්‍රිපිටක ධර්මය දැන උගෙන ගෙන ඒඅනුව හැසිරීම (අනුධම්ම චාරි) අනුව
කටයුතු කිරීම වැදගත් බවය.
බුදුදහමෙහි උගන්වන නොකළ යුතු දේ මැනවින් දැන ගැනීමටත් ඒවා නොකර
සිටීමටත් කළ යුතු දේ මැනවින් දැන අදුනාගෙන ඒවා කිරීමෙන් එබදු කෙනෙකුට
හැකියාව සහ උත්සාහය ලැබේ. එබඳු පුද්ගලයෝ අප්‍රමාදී අය ලෙස දක්වා තිබේ.
එසේම බුදු දහමෙහි නියම හිමිකරුවෝද වෙති.
මෙහිදී අප පැහැදිලි කරනු ලැබුයේ ධර්මය කටපාඩමින් මතක තබා ගැනීම
නුසුදුසු ක්‍රියාවක් ලෙස නොවේ. එසේත් නොකර සිටීමට වඩා එයද වැදගත්ය.
ඒ ගමන්ම තව කෙනෙකුට එම ධර්මයට අනුගත වී සිය චරිත ස්වභාවය හැසිරීමෙන්
ප්‍රභාවත්වම ගතකරනු ලබන්නේ නම් එය වඩාත් අර්ථවත් බවයි. වඩා වැදගත්
වන්නේ සමාජ හිතකාමී බුද්ධිමත් මිනිසකු ලෙස සමාජයෙහි හැසිරීම වන
නිසාය. අන්‍යයන් සමග සුහද ලීලාවෙන් කටයුතු කිරීම වැදගත් වන නිසාය.
ධර්මයෙහි නියම හිමිකරුවෝ වන්නේ ඔවුන් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා
කරනු ලැබුවේද තමන් වහන්සේ දේශනා කරනු ලැබූ ධර්මයට අනුගතව පුද්ගල
හැසිරීම් රටාව ගෘහ සමාජයේද කාර්යාලයීය සමාජයේද තමන් හැසිරෙන හැම
තැනකදීම තබාගත යුතු වන නිසාය.
හේමමාලා රන්දුනු |