අපගේ ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ මහින්දාගමනයත් සමඟ ය
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම මිහින්තලා පුද බිමේදී
වාර්ෂිකව පවත්වනු ලබන මිහින්තලා ආලෝක පූජාව 50 වන වරටත් පොසොන් පෝදා
පැවැත්වීම නිමිත්තෙන් බුදුසරණ පුවත්පතෙහි සංවිධායකත්වයෙන් හා ජාතික
ඉතිරිකිරීමේ බැංකුව අනුග්‍රහයෙන් පැවැත්වූ දීප ව්‍යාප්ත රචනා තරගයේ
පළමු තැන හිමි කර ගත් ඇඹිලිපිටිය ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ
දොළොස්වන ශ්‍රේණියේ බී.බී. චතුරාණි කෞෂල්‍යාගේ නිර්මාණය.
ගිනිදෙවි පුදා, ගස් ගල් පුදා, සූර්ය හා චන්ද්‍ර වශයෙන් දෙව්ඳුන් ඇදහූ
ජන කණ්ඩායමක් වශයෙන් මුල් කාලීන අපේ මී මුතුන් පරම්පරාව සතු නිරවුල්
ඉතිහාසයක් නොවීය. නමුත් මිහිඳු සමිඳුන්ගේ ලංකාවතරණය හෙවත්
මහින්දාගමනයත් සමඟම ලක්වාසි සියලු දෙනා වෙත පැහැදිලි ආර්ය ශිෂ්ටාචාරයක
හිමිකාරිත්වයක් ලැබුණි. එපමණක්ද නොව යහපත් පූර්ණ කාලීන ඓතිහාසික
පසුබිමක්ද ගොඩනැගෙන්නට විය.
ලෞකික සැපතම අපේක්‍ෂා කළ, පස්පවින් පීඩිත සමාජයකට උතුම් වූ පොසොන් පුර
සඳ බබළන විටම ලෝකෝත්තර සැපයේ දොරටු සොයවන්නට එදා මිහිඳු හිමියන් යත්න
දැරූ සේක.
දුන්නත් හීයත් වත්තන් කරගෙන එදා තිස්ස රජු පිවිසියේ මුව දඩයමට බැව්
සැබෑය. නමුත් අන් දිනක තමා වෙත ගොදුරු වන මුවා තමාගේම ආහාරයේ ප්‍රණීත
කොටසම වුවද ,මෙදින ඉලක්කය රජුට මඟ හසර පෙන්වන්නක් විය.
ලැහැබෙන් මතුව ලැහැබ වෙතම පිවිසුණු මුවා රාගයෙන්, ද්වේෂයෙන් වෛරයෙන්
කුරිරු වූ නිරිඳු නෙත පින්වත් චේතනාවෙන් එකලු කර වීමට සමත් විය.
කෙසේ හෝ ප්‍රාථමික ලෙස සිය ජීවිතය පවත්වාගෙන ගිය මනු සතා පූර්ණ
මිනිසෙකු ලෙසින් ශිෂ්ටාචාරගත වන්නේ මහින්දාගමනයත් සමඟය.
දඹදිව් තලය හරහා මෙරටට දායාද වූ බුදුදහම හුදෙක් ලාංකීය ජනතාව හා ගසට
පොත්ත මෙන් සංවර්ධනය විය. ඉන්දීය සාම්ප්‍රදාය හා ගැටුණු බොහෝ දෑ මේ සමඟ
ලංකාවට පැමිණිම හේතුකොට ගෙන අපේ ශිෂ්ටාචාරය තුළ ද යම් යම් ඉන්දීය
ආභාෂයන් ද දැක ගන්නට නැතිවා නොවේ.
බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 236 ට පසු පොසොන් පුර පෝ දින
මහින්දාගමනය සිදු වූයේ තෙවන ධර්ම සංඝායනාවේ ප්‍රතිඵලයක් ලෙසිනි.
කෙසේ වෙතත් මිහින්තලා පර්වත මස්තකයේදී අභිනවයෙන් බුදු දහම වැළඳ ගන්නා
දෙවන පෑ තිස් නිරිඳු තෙම ලංකාවේ උතුම් ශිෂ්ටාචාරයක මූල බීජය රෝපණය
කරන්නට විය. මෙතෙක් කල් ගලන දියඇල්ලක් ලෙස කඩා හැලුණු එකල සමාජය ධර්මය
හා විනය සමඟ සංකලනය වී පිරිපුන් බවක් ආරෝපණය කර ගත්හ.
ආගමික, සංස්කෘතිකමය, ශාස්ත්‍රීයමය වශයෙන් ද නවමු ප්‍රබෝධයක් ඇතිවූයේ
මෙහි සඳහන් වූ මිහිඳු හිමිගේ ලංකාවතරණයත් සමඟය.
අඹ පැනය හා ඥාති පැනය විමසීම තුළින් උතුම් සමාජමය ව්‍යුහයක්
පිහිටුවීමෙහිලා මුල් පියවර තැබූ මිහිඳු හිමියන් අර්ථවත් ආර්ය ශ්‍රාවකයා
පිළිබඳ වූ “ සුළු ඇත් පිය වුවම් සුතුර” දේශනා කළ සේක.
මෙලෙස මේ සිරිලක තුළ අමා දම් දිය විසිරුවමින් හසරක් නොදුටු නර කැළ
මිනිසත් බවෙන් ආලෝකවත් කරමින් මිහිඳු හිමිගේ උතුම් ධර්ම දූත සේවයෙන්
ලංකාව තුළද බෞද්ධයෝ බිහි වූහ. එපමණක් ද නොව සියලු අංගවලින් සුසැදි ආර්ය
ශිෂ්ටාචාරයක් ද අපට හිමි වූ බව නොරහසකි.
කෙසේ හෝ වේවා මුළු ශ්‍රී ලංකාද්විපයම දහම්ද්වීපයක් වශයෙන් බැබළෙන්නට
පටන් ගත්තේ ද අලුත් කලාවකට මිනිසා සිතන්නට හුරු වූයේද අනුබුදු මිහිඳු
මා හිමියන් එදා ලංකාවට වැඩම කොට ලක්වැසි ජනතාවට තිලෝගුරු බුදුරජාණන්
වහන්සේ විසින් වදාළ ශ්‍රී ධර්මස්කන්ධය පහදා දුන් බැවිනි.
අර්ථාන්විත මිනිසෙක් බිහිකර ඒ තුළින් ශ්‍රේෂ්ඨ සමාජයක්, ආර්ය සමාජයක්
බිහි කිරීමට බුදු දහමෙන් එදා අපට ලැබුණේ සුවිශේෂී පෙළඹවීමකි.
යුතුකම්, අයිතිවාසිකම් වගකීම් හා බැඳුණු සිරිත් විරිත් පද්ධතියක් ලාංකීය
ජනතාව වෙත දායාද වශයෙන් ලැබුණේ මහින්දාගමනයේ ප්‍රතිඵලයක් වශයෙනි.
එකිනෙකා වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ආචාර ධර්මයෝ පිළිපැදීමට ලක්වැසියා
සමත් විය.මේ නිසාම ගෞරවණිය ශිෂ්ටාචාරයක් හිමිකර ගැනීමට ලංකාව සමත් විය.
ශිෂ්ටාචාරයක් යහපත් වනුයේ, යම් සමාජ තලයක් ආගමික, සමාජමය, සංස්කෘතිමය
මෙන්ම ශාස්ත්‍රමය අංශවලින් පරිපූර්ණ වූ විටය. මීළඟට මෙම එකින් එක කරුණු
අතින් ලාංකීය ශිෂ්ටාචාරය සංවර්ධනය වූ අයුරු අපි විමසා බලමු.
මහින්දාගමනය තුළින් බුදු දහම අපේ රටේ ස්ථාපිත කරනු වස් සපැමිණියේ එවක
මිහිඳුහිමි ප්‍රමුඛ පිරිසය. දෙවන පෑතිස් නිරිඳු ඇතුළු ප්‍රධානීහුද
ශිෂ්ඨාචාරයක් වශයෙන් ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමට අවශ්‍යය ආගමික පැතිකඩ
ව්‍යාප්ත කරන්නට වූහ.
එවක දේශීය ජනතාව අතර විශ්වාසයට නතු වූ ගස් ගල් ආදිය ඇදහීම අරඹයා
විකල්පයක් වශයෙන් බෝධි වන්දනාව ලාංකිකයන් වෙත හදුන්වා දෙන ලදී. බෝධි
පූජා ආදිය පැවැත්වීම තුළින් දේශීය ජනතාව තුළ එතෙක් පැවැති ස්වභාවික
වස්තූන් පිදීම උදෙසා නවමු අත්දැකීමක් එක් කිරීමෙන් සංකල්පමය ස්වභාවය හා
උතුම් වූ බුදු දහම ගැන බුද්ධිමය වැටහීමක් ලබා දීමටද සමත් විය.
කෙසේ වෙතත් අතීත ශ්‍රී ලංකාවේ පැවැති යක්‍ෂ, නාග ආදි මවාගත් බලවේග මත
තම එදිනෙදා ජීවිත කැප කිරීම නතර විය. එම යුගය නිමාවී මෙත් කරුණා ගලා
උතුරා යන බුදු සිරුර කළු ගලේ සිත්තම් විය. බොදු හැඟීමකින් බුදුන් වැඳ
තම ලෝකොත්තර සුවය ඒ තුළින් උකහා ගැනීමට තරම් උසස් චින්තනමය ව්‍යුහයක්
මිනිස් සිත් තුළ ගොඩනැගෙන්නට විය.
උතුම් වූත් ආර්ය භික්‍ෂූන් වහන්සේලා බිහි වූහ. කසාවතින් ලක්දිවම
බබළන්නට විය. කය වසා ගැනීමට සිවුරද කුස පුරවා ගන්නට පාත්‍රයක් පමණක්
රැගෙන සුවහසක් මනු කැළගේ සිත් පිරවූ භික්‍ෂූන් වහන්සේලා ගත කළේ ඉතාමත්
අල්පේච්ඡ දිවි පෙවෙතකි.
මේ ආකාරයට මහින්දාගමනය ඔස්සේ ශ්‍රී ලංකාද්වීපය තුළ දියුණූ ආගමික
ප්‍රබෝධයක් ඇති වන්නට විය.මේ අනුව පෙනී යන්නේ මහින්දාගමනය නිසා ලත් එකී
ආගමික ප්‍රබෝධය නිසා අපිට ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක උරුමයක් ලැබුණ බව ය.
එමෙන්ම දියුණු ශිෂ්ටාචාරයට මෙකල සමාජමය ව්‍යුහය හා මහින්දාගමනයෙන්
ලැබුණේ කෙබඳු පිටිවහලක්ද යන්න විමසා බලමු.
පවුලක් වශයෙන් සමාජගත වීම ඇරඹුණේ ගල් යුගයේ දී වුවත් ලංකාව තුළ එය
ක්‍රමවත් පවුල් ඒකකයක් වූයේ මිහිඳු හිමිගේ ලංකාගමනයේ ප්‍රතිඵලයක්
වශයෙනි.
මවට, පියාට, වැඩිහිටියන්ට ගරු කරන්නට මිනිසුන් පෙළඹුනා වගේම එකී
සාරධර්ම වැඩි කරන්නත් මිනිසුන් හට අවකාශය ලැබුණි.
සමාජයේ කුඩාම ඒකකය වූ පවුල පිටත ලෝකයට විස්තාරණය වීමට පෙර සාර්ථකවම හැඩ
ගැස්වීමට බුදු දහම සමත් විය.
මේ නිසාම ක්‍රම ක්‍රමයෙන් බුදුදහම හා සුසංයෝගව ලාංකීය ශිෂ්ටාචාරය
වර්ධනය වන්නට විය. යහපත් පැවැත්මට අවශ්‍ය පංචශීල ප්‍රතිපත්තිය සමාජය
වෙත පරිණත වූයේ ද මහින්දාගමනයත් සමඟය.
මේ තුළින් පවුල් අතර මනා පැවැත්ම හා සුරක්‍ෂිතතාවය ආරක්‍ෂා විය. ඒ වගේම
පවුල් වල සුහදමය හා අනන්‍යතාවය ද වචනයේ විශ්වසනීයත්වය හා සමාජමය
ආරක්‍ෂාවද සැලසිනි. ඒ අනුව පෙනී යන්නේ අපේ ශිෂටාචාරය ගොඩනැගීමට, සමාජමය
වශයෙන් වර්ධනය වීමට මහින්දාගමනයෙන් ලැබුනේ ඉමහත් පිටුබලයක් බවය.
මහින්දාගමනය ඔස්සේ අප වෙත උරුම වුණු සංස්කෘතික ප්‍රබෝධය ආර්ය
ශිෂ්ටාචාරයක පූර්ණ කාලීන හිමිකාරිත්වයක් උදෙසා කෙසේ දායක වීද යන්න
මීළඟට විමසා බලමු.
ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වීමේ පටන් ශ්‍රී ලංකාවට දහ අට කුලයක
ශිල්ප ශ්‍රේණි වල හිමිකාරිත්වයක් ලැබුණි. පසුගිය අතීත වකවානුව තුළ ගෘහ
නිර්මාණ ශිල්පයේවත් මානවයා අත්දැකීමක් ලබා ඇත්තේ විරලවය. නමුත් මෙකී
නිර්මාණ හරහා කැටයම්, මූර්ති , චිත්‍ර මේ ආදි සියලු කලා සම්ප්‍රදායන්
දොරට වැඩුණි. නව කලා කර්මාන්තයෝ බිහි වන්නට විය. චෛත්‍ය ඝර, බෝධිය ඝර,
වාහල්කඩ, ස්ථූප ගොඩනැගෙන්නට විය.
සියලු අංගවලින් පරිපූර්ණ නිවාස බිහිවන්නට විය. මෙතෙක් කල් වනයේ
සිව්පාවුන් මෙන් සිටි මානවයා දියුණු තාක්‍ෂණයක හිමිකම ලබමින්
ශිෂ්ටාචාරගත වන්නට විය. තම තමන්ට ආවේණික අනන්‍යතාවයක් ගොඩනඟා ගන්නට
විය.
විවිධ උත්සව කටයුතු මුදුන්ප්‍රාප්ත වන්නට ද ඒ සඳහා මිනිසා යොමුවන්නටද
විය.
කොළඅතු වෙනුවට ඇඳුම් ඇඟලා ගන්නටද බුද්ධ ධර්මයේ ආභාෂයෙන් විනයවත් වෙන්නට
ද මිනිසා යොමු විය.
එමෙන්ම ගමයි පන්සලයි, වැවයි , දාගැබයි ලෙස සිය අනන්‍යතාවය ඔවුහු ගොඩනගා
ගත්හ. පන්සල ඔවුන්ගේ ඒකකේන්ද්‍රීය අභයභූ®මිය විය. භික්‍ෂූන් වහන්සේලා
ඇසුරු කරමින් තම තමන්ගේ වැරදි අඩුපාඩු වටහා ගත්හ.
මේ ආකාරයට සමාජයක් ශිෂ්ටාචාරගත වීමට අත්‍යවශ්‍ය ලෙස ඔවුන්ගේ අනන්‍ය වූ
සංස්කෘතිමය ව්‍යුහය බලපායි. මේ අනුව අපට පෙනී යන්නේ එකී සාර්ථක
ශිෂ්ටාචාරයක් වර්ධනය කර ගැනීම සඳහා සංස්කෘතිමය වශයෙන් ලද රුකුල වඩාත්ම
පුළුල් ව විදාරණය වූ අයුරුයි. ශාස්ත්‍රීය අංශයේ ප්‍රබෝධය ද දියුණු
ශිෂ්ඨාචාරයකට මඟපෙන්වන්නකි.
මුල් යුගයේම ඇරඹියේ බෝධි සාහිත්‍යයයි. එය ශ්‍රී මහා බෝධීන් වහන්සේ
පදනම් කොට ගෙන නිර්මාණය වූවකි. මෙලෙස තම හැගීම් ප්‍රකාශ කිරිමේ මාධ්‍ය
වශයෙන් පොත් කම්,ආදිය නිර්මාණය විය. බුදු දහමේ ආභාෂය ඇතිව ගොඩනැගුණු
මෙම ශාස්ත්‍රීය අංශය නිසා ලංකා ශිෂ්ඨාචාරයේ වඩාත් ස්වර්ණමය පිටුවක්
පෙරලෙන්නට විය.
භාරුකච්ච තොටින් නැව් නැගී මෙකී දූත පිරිස තවදුර රටක ශිෂ්ටාචාරයක් ඇති
කිරීමට තරම් පෙරළියක් සිදුකළ බව අතිශය විශ්මයකි. නමුත් උතුම් බුද්ධ
දේශනාවේ පාරිශුද්ධතාව රැගෙන පැමිණි එම ගමන සුවහසක් ලාංකික ජනතාවගේ ජීවන
පිටුවට අලුත් පරිච්ඡේදයක් විය.
එදා මහින්දාගමනය සිදු නොවන්නට අද ශ්‍රී ලංකාව දුර්වල ශිෂ්ටාචාරයකට
නෑකම් කියන්නකි. මිත්‍යා මති මතාන්තර වල එල්බ ගත්තකි. යක්‍ෂ, නාග කුල
රජ කරන්නකි.
නමුත් ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඓතිහාසික සිදුවීමක් වශයෙන් ලත් බුදුදහම
නිසා ලාංකිකයා නව ආරකට හැඩ ගැසිනි. තම විභව ශක්තිය, හැකියාව නිපුණත්වය
අවබෝධ කරගෙන ඔහු නැගී සිටියේය.
එමෙන්ම ස්වභාවධර්මයා හා මිනිසා අතර අචල සබඳතාවක් නිර්මාණය කොට ඒ ඔස්සේ
තම දෛනික කටයුතු කෙරේ ආශිර්වාදයක් ලබන්නට මිනිසා යොමු විය.
මේ ආකාරයට මිනිසුන්ට සිය වැරදි හඳුනාගන්නටත්, ධර්මානුකූල මාර්ගයක්
පෙන්වීමත් මහින්දාගමනය තුළින් අප ලත් කදිම දායාදයක් බව පෙනේ.
සුවහසක් වූ ශ්‍රී ලාංකිකයා, ආගමික, සංස්කාතිකමය හා ශාස්ත්‍රීය අංශ
වලින් පරිපූර්ණ වූ බව අපි දනිමු. ඒ මහින්දාගමනය හරහා ලත් ප්‍රගතියක්
වශයෙනි. හදවතට දැන ගන්නට එන හැගීම් දොරට වඩින්නට, සියුමැලි මෙත් කරුණාව
සෙල් පතක කැටයම් කරන්නට මිනිසා හුරු වූයේ එතැන් සිටය. ඔහු ශිෂ්ටාචාරගත
වූයේ එතැන් පටන්ය.
තම ජාතිය, ආගම ගැන ගෞරවණීය හැඟීමක්, නොසෙල්වෙන අභිමානයක් ස්වකීය දෑතට
ගන්නට තරම් මිනිසා ප්‍රෞඩත්වයක් හිමි කරගත්තේ මෙකී බුදු දහමේ පහසලත්
බුදු සව්වන් ලෙසිනි.
පොසොන් පෝදා මිහිඳු තලා අම්බස්තකයේ උදාගිරින් නැගි සඳ අවරගිරින් නික්ම
ගියද, එදා මිහින්තලා මස්තකයට නැගි මිහිඳු හිමි සඳ දෙසූ දම් කඳ අද වන
තුරුත් මේ දියත එකළු කරවයි.
සිහළ ජාතියත් බෞද්ධාගමත් පෙරටු කොට ගෙන එදා දෙවනපෑතිස් නිරිඳු තම ශීර්ෂ
ප්‍රණාමයෙන් පුද ලත් උතුම් බුදු දහම මෙකි ශ්‍රී ලාංකික ශිෂ්ටාචාරයක්
ගොඩනගන්නට පාදක වූ බව අරුමයක් නොවේ එය අපට සැබෑ උරුමයකි. දිනකරගේ පහස
ලත් තුෂර බිඳු කිරි කවඩි සේ බබළන්නාක් මෙන් බුදුදහමේ පාරිශුද්ධත්වය
උකහා ගනිමින් ලාංකීය ශිෂ්ටාචාරයද දීප්තිමත් වූ බව සැබෑය.
මහින්ද හිමි දෙසූ දහමින් දෙටුතිස් රජු ලත් දැනුමින් පරිණත වූ මනුසත වෙත
ලත් උසස් මානසික හැගීම කෙබඳු වීද? මදක් සිතන්න, ඔබ අප මේ ජීවත් වන මේ
මිනිසත් සමාජය ශිෂ්ටාචාරයක් වශයෙන් ගොඩනැගුනේ සැබවින්ම මහින්දාගමනයෙන්
ඇති වූ උතුම් ප්‍රතිඵලයක් ලෙස නොවේද? |