UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

උලුක්කුලම සිරිසුමන පිරිවෙන


විහාරස්ථ බෝධීන් වහන්සේ

ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ සිට කිලෝමීටර් හතරක් පමණ බස්නාහිර දෙසට පුත්තලම් මාර්ගයේ ගමන් කළවිට මනරම් පරිසරයක පිහිටි සිරිසුමන පිරිවෙන් විහාරස්ථානය හමුවෙයි.

අනුරාධපුර පුත්තලම මාර්ගයේ උලුක්කුලම කුඩා නගරය ඉදිරිපිට පිහිටි සිරිසුමන පිරිවෙන 1990 වසරේ ඉතාම අඩු පහසුකම් වලින් පොල්අතු ශාලාවකින් ආරම්භ කෙරුණි.

එහි පරිවෙනාධිපති සියම් මහා නිකායේ කල්‍යාණි සාමගි‍්‍ර ධර්ම මහ සංඝ සභාවේ උතුරුමැද පළාතේ රජරට පාර්ශ්වයේ උපප්‍රධාන සංඝනායක, කාරක සංඝ සභික ශාස්ත්‍රපති යටෝගොඩ සුමනවංශ නාහිමියන් දහසකුත් බාධක මැද විහාරස්ථානය ගොඩනැගීමට එදා මෙදා තුර කටයුතු කරයි.


විහාරස්ථ පිවිසුම් දොරටුව

ආරම්භය අතිදුෂ්කර වූවත්, අදවනවිට පිරිවෙන් විහාරස්ථානය පුළුල් සංවර්ධනයකට ලක් වෙමින් තිබේ. මේ වනවිට පිරිවෙනේ සාමණේර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 45 නමක් අධ්‍යාපනය ලබයි. දායක දායිකාවන් මෙරට සතර දෙසින් විහාරස්ථානයට ආධාර කරනු ඇත.

දායක දායිකාවන්ගේ ධනයෙන් සුමනවංශ නාහිමියන්ගේ ශ්‍රමයෙන් විහාරස්ථානයේ අති අලංකාරව නිර්මාණය වන ප්‍රථම ධර්ම චාරිකාව සඳහා එක් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා හැටනම අති අලංකාරව නිර්මාණය කර තිබේ.

චරථ භික්ඛවේ චාරිකං

“බහුජන හිතාය බහුජන සුඛාය” ධර්ම පාඨය අනුගමනය කරමින් ගම් නියං ගම් වෙත වැඩමකොට ධර්ම දේශනාව සඳහා වඩින මහ සඟරුවනෙහි ප්‍රතිමා නිර්මාණය කර ඇත.


අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සෙලා සහ අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රතිමා

බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනාරාමයේ දී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ද පැවැත්වූ අවස්ථාව සිහි ගන්වමින් අලංකාරමත් ලෙස එය නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වෙයි.

අඩි පහක් උස බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රතිනිර්මානය කර අටවිසි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා මෙම පිරිවෙන් විහාරස්ථානයේ නිර්මාණය කර තිබීම නෙත්සිත් පහන් කරවනු ලැබේ.

අටවිසි බුදුන් වහන්සේ සමග උන්වහන්සේලාගේ අග්‍ර ශ්‍රාවකයන් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වෙයි.


ධර්ම ප්‍රචාරය සඳහා වඩින මහරහත් හිමිවරු සිහිගන්වන අවස්ථාවක්

සිරිසුමන පිරිවෙන් විහාරස්ථානයට ඇතුළුවන සෑම පුද්ගලයෙකුට ම මහත් මානසික සුවයක් ලැබෙනු ඇත. විහාරස්ථ බෝධීන් වහන්සේ රන්වැට අතරින් සියලු දෙනාට ආශිර්වාද කරයි.

සුමනවංශ නා හිමියන් ගේ සෙවනේ ඇතිදැඩි වන පොඩි හාමුදුරුවන්ට භාවනා වැඩසටහන් ධර්ම දේශනා, නිබඳව පුරුදු පුහුණු කරවන අයුරු දක්නට ලැබේ. සෑම පොහෝ දිනකම පෙහෙවස් සමාදන්වන උවැසි උවැසියන් වෙනුවෙන් භාවනා වැඩසටහන්, පැවැත්වෙන අතර වසරක් පාසා නෙලුම්මල් පූජාවක්ද සිදුකැරේ. වසරක් පාසා මහා සංඝරත්නය සියක් නමක් උදෙසා දානමය පින්කමක්ද සිදුකරනු ලැබේ. පින්කම් සඳහා මෙරට සතර දෙසින් දායක දායිකාවන් එක්වන අතර සිරිසුමන දහම් පාසල් මෙහෙයද බැති සිතින් සිහිපත් කරයි.


විහාරාධිපති යට්ටෝගොඩ සුමනවංශ හිමි

පොසොන් පුන් පොහොය නිමිත්තෙන් විශේෂ භාවනා වැඩසටහන් රැසක් සහ ධර්ම දේශනා මාලාවක් පැවැත්වීම සඳහා කටයුතු යොදා තිබේ. කර්කෂ පරිසරයෙන් මිදී මනරම් පරිසරයක සුවය විඳිමින් බණ භාවනා කිරීමට ලැබීමත් මහත් භාග්‍යයක් ලෙස සැලකේ.

විහාරස්ථානයේ දැනට ඉදිවෙමින් පවතින අටවිසි බුද්ධ මන්දිරවල ඉදිරි කටයුතුවලට කැමති පින්වතුන්ට දායක විය හැකිය. ඒ සඳහා විහාරාධිපති හිමියන්ගෙන් වැඩි තොරතුරු ලබාගත හැකිබව ද කියයි.

 

 

 

 

 

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]