UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

නීතුපත්පාණ තිරියායි වටදාගේ

තිරියායි වටදාගේ ලාංකේය බිමේ ඇති තවත් අපූරු පැරැණි බෞද්ධ නිර්මාණයකි ස්තූපයක් වටා කණු පිට ඉදි කළ අර්ධගෝලාකාර වහලකින් යුත් වෘත්තාකාර නිකේතනය වටදාගේ නමින් හඳුන්වයි. ලක් භූමියේ මෙම වර්ගයේ නටබුන් වටදාගෙවල් ඇත්තේ දහයක් පමණ බවත්, එයිනුත් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව බාරේ ඇත්තේ තුනක් පමණක් බවත් සඳහන් වෙයි. පොළොන්නරුව වටදාගේ, මැදිරිගිරිය වටදාගේ, සහ තිරියාය වටදාගේ එම ත්‍රිත්වය යි. දස දහස් ගණනක් ස්තූපයන් ඇති අපේ රටේ මෙවන් නිර්මාණයන් ඇත්තේ අතලොස්සක් පමණක් නිසාත් ඒවායේ ඇති ආකර්ෂණීය පෙනුම, ආකෘතිමය හැඩතල, සහ පෞරාණික තත්වයන් පිළිබඳ විමසීමේදී පෙනී යන්නේ මෙම නිර්මාණයන් පුරාවිද්‍යාත්මක සහ ආගමික වශයෙන් ඉතා වටිනා ස්ථානයන් බව යි. ත්‍රිකුණාමලය නගරයට උතුරින් පුල්මුඩේ පාරේ කි.මී. 45 ක් පමණ ඈතින් ඇති තිරියාය පුදබිම ‘නීතුපත්පාණ’ ‘ගිරිහඬුසෑය” ආදී නම් වලින් හඳුන්ව යි. මෙය ත්‍රිකුණාමල දිසාවේ කඩ්ඩුකුලම් පත්තුවේ තිරියාය නම් ගමේ පිහිටා තිබේ. යාන්ඔය නිම්නයේ දර්ශනීය කඳු ශිඛරයක් මත තිරියාය වටදාගේ සහිත විහාර සංකීර්ණයක නටබුන් දැක ගැනීමට හැකියාව ඇත.

ඉතිරිය»

 

වෙසක් පුන් පෝය

වෙසක් පුන් පෝය මැයි මස 05 වැනිදා සෙනසුරාදා අපරභාග 12.53 ට පුර පසලොස්වක ලබයි.
06 වැනිදා ඉරිදා පූර්වභාග 09.07 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි 05 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
මැයි 12 වැනිදා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20

First Quarterපුර අටවක

මැයි 28


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]