මනස අපිරිසුදු නම් පසු තැවේ
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේ කෙතරම් සොඳුරු කෙනෙක්දැයි දේවදත්ත හිමියන්ට කල්පනා
වන්නේ දැන්ය. තමා
උන්වහන්සේගේ ගිහි කළ ඥාතිත්වයක් තිබුණ ද පැවිදි බවට පත්වූයේ ශිෂ්‍යයකු
වශයෙනි.
එසේ වූ තමා බුදුරජාණන් වහන්සේට විරුද්ධව ගල් පෙරළන විටදීත්, නාලාගිරි
ඇතු යවන වෙලාවේදීත්, දුනුවායන් පිළිබඳ
සිද්ධියේදීත් තමාගෙන් නිදහසට කරුණු
නොවිමසා නිහඬව
සිටියේය. පංචවරය
ඉල්ලන අවස්ථාවේදී තමන්ට දෝෂාරෝපනය නොකළ උන්වහන්සේ එය තමන් වහන්සේ
විසින්
අනුමත කිරීමේ
අවශ්‍යතාවයන් නොමැති බව පැහැදිලි කරනු ලැබීය.
“මෝදති” යන වචනය හා සම්බන්ධ කතාවක් පසුගිය සතියේ සාකච්ඡා කළා. අද කතා
කරන්නේ “තත්පති” යන වචනය පිළිබඳවය. “තත්පති” යන වචනයට තේරුම් කිහිපයක්
තිබේ. එනම්; තැවේ, රත්වේ, පසුතැවේ යන තේරුම් ය. සාමාන්‍යයෙන් බෞද්ධයකු
ලෙස බුදු දහමෙහි දක්වන්නේ මිනිස් මනස තුළ තැවීම, රත්වීම එහෙම නැත්නම්
පසුතැවීම ඇතිවන්නේ කෙනකු සිතීමෙන් විමසීමෙන් තොරව අපිරිසුදු මානසිකත්වය
පෙරදැරිව සිදුකරනු ලැබූ වරදක් හේතුකොට ගෙන බවය. වරද අපරාධය, අකුසල
කර්මය, ආදී විවිධ නම් මේ සඳහා භාවිත වේ.
බුදුරජාණන් වහන්සේ තැවීම පිළිබඳව මෙම දේශනාව සිදුකරනු ලැබූයේ
උන්වහන්සේගේ ඥාතිවරයකු අරභයාය. එනම් දේවදත්ත හිමියන් සඳහාය. උන්වහන්සේ
අරමුණු කරගෙනය. දේවදත්ත හිමියන් යශෝදරා දේවියගේ සහෝදරයා ය. සිය සහෝදරිය
අතහැර ගිය සිද්ධිය පිළිබඳව තරමක අමනාපයකින් පසුවුවද පසුව දේවදත්ත
බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යයකු වශයෙන් ශාසනයට ඇතුළත් විය. පිළිවෙත්
පුරමින් විවිධ ධ්‍යාන දක්වා සිත දියුණු කළ දේවදත්ත හිමියෝ සාමාන්‍යයෙන්
පෙරළිකාර ගති සිරිත් පළකළ චරිත ස්වභාවයකින් හෙබියේය. උට්ඨානශීලී බව
උන්වහන්සේගේ චරිතයෙහි දක්නට ලැබුණත් උන්වහන්සේ නරක දේවල් සඳහා එම
උත්සාහය යොමු කළේය. එනම් බුදුරජාණන් වහන්සේ වෙනුවට බුද්ධත්වය ලබා
ගැනීමට බිම්බිසාර රජතුමා මරවා පුතාට රජකම අරගෙන දීමට සැලසුම් සකස්
කිරීමය. බිම්බිසාර රජුගේ පුත්වූ අජාසත්ත තමන් කෙරෙහි අවනත කරවා ගැනීමට
තමන් ලැබූ ධ්‍යාන සම්පත් උපයෝගී කර ගැනීමය.
අපිරිසුදු මනස පෙරදැරි කරගෙන දේවදත්ත භික්‍ෂු සමාජය තුළ කරනු ලැබූ බොහෝ
ක්‍රියාදාම වැදගත් මිනිසුන්ගේ නොමනාපයට හේතු විය. එනම් බුදුරජාණන්
වහන්සේ වෙනුවට බුද්ධත්වය ලබා ගැනීමට බිම්බිසාර රජතුමා මරවා පුතාට රජකම
අරගෙන දීමට සැලසුම් සකස් කිරීමය. බිම්බිසාර රජුගේ පුත්වූ අජාසත්ත තමන්
කෙරෙහි අවනත කරවා ගැනීමට තමන් ලැබූ ධ්‍යාන සම්පත් උපයෝගී කර ගැනීමය.
අපිරිසුදු මනස පෙරදැරි කරගෙන දේවදත්ත භික්‍ෂු සමාජය තුළ කරනු ලැබූ බොහෝ
ක්‍රියාදාම වැදගත් මිනිසුන්ගේ නොමනාපයට හේතු විය. එනම් බුදුරජාණන්
වහන්සේට ගල් පෙරළීම, දුනුවායන් යෙදීම, නාලාගිරි ඇතා යැවීම ආදියයි.
භික්‍ෂු සමාජය තුළ තමන් වෙනම පිරිසක් ඇති කරගෙන භික්‍ෂු සමාජය දෙකඩ
කරන්නට දේවදත්ත හිමියන් කටයුතු කරනු ලැබීය. භික්‍ෂූන් වහන්සේ පිරිසක්
තමන් කෙරෙහි පහදවාගෙන ඔවුන් සමග වෙන්ව ගොස් කාලය ගත කරනු ලැබීය.
බුදුරජාණන් වහන්සේටත් වඩා සමාජමය වශයෙන් නිරාමිස ජීවිතයක් තමන් ගත කරනු
ලබන බව සමාජයට ඇඟෙව්වේය. ඒ සඳහා සමාජ අනුමැතියද ලබා ගැනීමට කොන්දේසි
පහක් ( 5 ) ක් බුදුහිමියන් අනුමත නො කරන බව දැන දැනම අනුමත කරන ලෙස
ඉල්ලා සිටියේය. භික්‍ෂු ජීවිතයට සම්බන්ධ එම කරුණු පංචවරය යනුවෙන් දක්වා
තිබේ.
තම ජීවිත කාලය තුළ කොපමණ අයහපත් ක්‍රියාවන් කළ ද තමා කරනු ලබන්නේ නරක
දෙයක් යැයි දේවදත්ත හිමියන්ට කල්පනා වූයේ නැත. වෙන කෙනෙක් එය පැහැදිලි
කර දුන්නද උන්වහන්සේ ඒවා පිළිගන්නට ගියේ නැත. තමන් කරනු ලබන්නේ කළයුතු
දෙය නොවේදැයි උන්වහන්සේ නිතර කල්පනා කරනු ලැබීය. කලක් ගතවනවිට දේවදත්ත
හිමියන් රෝගී තත්ත්වයට පත්වේ. තමන් වටා සිටින පිරිස තමා අසනීප වූ පසු
තමා අතහැර යනු බලා උන්වහන්සේ බොහෝ දුක් විය. තමන් ඉතා සමීපව සිටි
වෝකාලික භික්‍ෂුව පවා දේවදත්ත හිමියන්ගේ අඩුපාඩු දැක්වීමට විය. ශාරීරික
වශයෙන් අසනීප බවට පත්වීමත් තමා වටා සිටි පිරිස තමා අතහැර යාමත් එම
පිරිස බුදුරජාණන් වහන්සේට එකතු වීමත් නිසා දේවදත්ත හිමියන් කායික
වශයෙන් පමණක් නොව මානසික වශයෙන් ද අබල දුබල තත්ත්වයට පත් විය.
බුදුරජාණන් වහන්සේ කෙතරම් සොදුරු කෙනෙක්දැයි දේවදත්ත හිමියන්ට කල්පනා
වන්නේ දැන්ය. තමා උන්වහන්සේගේ ගිහි කළ ඥාතිත්වයක් තිබුණ ද පැවිදි බවට
පත්වූයේ ශිෂ්‍යයකු වශයෙනි. එසේ වූ තමා බුදුරජාණන් වහන්සේට විරුද්ධව ගල්
පෙරළන විටදීත්, නාලාගිරි ඇතු යවන වෙලාවේදීත්, දුනුවායන් පිළිබඳ
සිද්ධියේදීත් තමාගෙන් නිදහසට කරුණු නොවිමසා නිහඬව සිටියේය. පංචවරය
ඉල්ලන අවස්ථාවේදී තමන්ට දෝෂාරෝපනය නොකළ උන්වහන්සේ එය තමන් වහන්සේ
විසින් අනුමත කිරීමේ අවශ්‍යතාවයන් නොමැති බව පැහැදිලි කරනු ලැබීය.
භික්‍ෂු පිරිසක් වෙනස් කරගෙන ගිය අවස්ථාවේදීත් සැරියුත් මුගලන් දෙනම
පැමිණ එම භික්‍ෂූන් වහන්සේලාට කරුණු පැහැදිලි කළා විනා බුදුරජාණන්
වහන්සේ තමන්ට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නො ගත්තේය. මෙසේ හිතන විට
දෙව්දත් හිමියන්ගේ සිතට බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඉමහත් භක්තියක්
ඇතිවේ. තමන් පිළිබඳව ශෝකයක් ද, ද්වේශයක් ද, ඇතිවේ. “ මැරෙන්නට කලින්
බුදු හිමියන් දකින්ට ඕනේ” දෙව්දත් කල්පනා කළේය. අවසානයේ තමන් වෙත ඉතිරි
වී සිටි භික්‍ෂූන් වහන්සේලාට සිය අදහස පැහැදිලි කළ පසු උන්වහන්සේලා
දේවදත්ත හිමියන් ඇඳක තබාගෙන බුදුරජාණන් වහන්සේ දකින්නට දෙව්රම් වෙහෙර
බලා වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ දකින්නට පළමු ඒ අසල තිබූ පොකුණකට බැස
මූණ කට සෝදාගන්නට සූදානම් වූ අවස්ථාවේ දේවදත්ත හිමියන් පොළොව පලාගෙන
අවීචි මහා නරකයේ වැටුණු බව බණ පොතේ දක්නට ලැබේ.
තමා කළ නරක ක්‍රියාවන් පසුව සිහිපත් වන විට දේවදත්ත හිමියන්ගේ සිතට
දැණුනේ දුකකි. පව් කළ නිසාම යළි උපත ලැබූයේ ද නරක තැනකය. අයහපත විසින්
මෙලොවත් පරලොවත් පුද්ගලයාගේ මනස තුළ තැවීම රත්වීම පසුතැවීම උදාවන බව
බුදුරජාණන් වහ්නසේ ලෝවැසියාට පැහැදිලි කරනු ලැබුවේ මේ සිද්ධිය අරබයාය.
සටහන
හේමමාලා
රන්දුනු |