UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අපේ දේ අගයමු

තමන් උපයන ධනය කොටස් හතරකට බෙදා කොටසක් පරිභෝජනය සඳහාත්, කොටස් දෙකක් නැවත නැවත ධනය උපයන යහපත් ආයෝජන කටයුතුවලත් අනෙක් කොටස ආපදාවක දී ප්‍රයෝජනයට ගැනීමට නිධානයක් ලෙස තැන්පත් කර තැබීමත් සුදුසු බව බුද්ධ දේශනාවයි. යහපත් ගෘහ ආර්ථිකය පිළිබඳව කථා කරද්දී අපේ ජීවිතයට ළං කර ගත හැකි සම්ප්‍රදායන් සතරක් බුදු දහමේ සඳහන් වේ. උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා එම සතරයි. උට්ඨාන සම්පදාවෙන් යහපත් කටයුතු උත්සාහයෙන් කළයුතු බව කියවේ. මෙය සෘජුවම සම්බන්ධවන්නේ ගෘහ ආර්ථිකය සමගයි. ගෘහ ආර්ථිකය හොඳින් සැළසුම් කරගෙන අරමුණක් ඇතිව ක්‍රියා කළහොත් අපට ණයවීමට සිදු නොවේ. ආරක්ඛ සම්පදා යනු උපයාගත් යහපත් ධනය යහපත් ලෙස ආරක්‍ෂා කර ගැනීමයි. ධනය ආරක්‍ෂා කළ හැකි යහපත් ආයෝජන මාර්‍ග අපට පෙන්වා දී තිබේ. එබැවින් අප කළ යුත්තේ ධනය විනාශවන මාර්‍ගවලට යොමු නොවී තිබෙන ධනය ආරක්‍ෂා කර ගැනීමයි.

මූලික මිනිස් අවශ්‍යතා කිහිපයකි. මිනිසා ලොව කොතැනක ජීවත් වුවත්, ඔහුගේ තරාතිරම කුමක් වුවත් ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන යන මූලික අවශ්‍යතා පොදුය. ඉන් ආහාර පාන අවශ්‍යතාවය අන් සියල්ලටම වඩා ප්‍රධාන වේ.

ඈත අතීතයේ පටන්ම ආහාර පාන මූලික අවශ්‍යතාවයක් වී තිබූ සැටි හඳුනා ගත හැකිය. බුදුරදුන් ජීවමාන දවස වස් සමාදන් වූ භික්‍ෂූන් වහන්සේලා වරක් උතුරුකුරු දිවයිනෙන් ආහාර රැගෙන වැඩම කිරීමට පෙළඹීමෙන් ඒ බව පැහැදිලි වේ. බුදුන් වහන්සේ “සබ්බේ සත්ථා ආහාරට්ඨිතිකා” යනුවෙන් සියලු සත්ත්වයෝ ආහාර පානවලින් යැපෙන බව දේශනා කළේ මෙහි ඇති වැදගත්කම නිසාම ය.

ලෝකයේ බොහෝ රටවල ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බව කියැවේ. ආර්ථික අර්බුදයෙන් මතුවන ආහාර අර්බුදය සියල්ලටම වඩා ප්‍රබල වේ. එය විදේශයන් දෙස බලා නොසිට ලහි ලහියේ වගා කටයුතුවල යෙදීමේ අවශ්‍යතාවය පැන නැගී තිබේ. මෙරට පවුල් ආර්ථික ඒකක ශක්තිමත් කෙරෙන සුන්දර කෙරෙන “ දිවි නැගුම” ජාතික වැඩපිළිවෙළ අප සමාජයට එන්නේ මේ හරහාය.

වගා කිරීම සිංහලයාට අමුතු කටයුත්තක් නොවේ. අතීතයේ අපේ හෙළ රජ දරුවන් සහලින් රට ස්වයංපෝෂිත කළ අතර අතිරික්ත ප්‍රමාණය වෙනත් රටවලට අපනයනය කරන ලදී. වර්තමානයේ ද මෙය කළ හැකි කටයුත්තකි. ඒ සඳහා අපේ දේශීය සම්පත් උපරිම ලෙස යොදා ගත හැකිය. මන්දයත් ශ්‍රී ලංකාව ස්වභාවික සම්පත් අනූන රටක් බැවිනි. මෙහිදී විදේශිකයන්ට ගැති නොවීම වඩා වැදගත්ය. විදේශයන් දෙස බලා උගත යුත්තේ අපේ සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගන්නා ආකාරයයි. අපේ දේශීය සම්පත් සංවර්ධනය කිරීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකිය.

භූමිය ප්‍රධාන කොට ගත් අපේ ගෙවත්ත මෙහිදී වඩා වැදගත් වේ. ආහාර වේලට එකතු විය යුතු එළවළු ටික වෙළඳ පොළෙන් මිලදී ගන්නවාට වඩා නැවුම් එළවළු, පලා වර්ග, අල වර්ග, පළතුරු ආදිය ගෙවත්තෙන්ම ලබා ගත හැකි ආකාරයට ගෙවත්ත සකස් කළ යුතුය. කෘෂිකර්මය බුදුන් වහන්සේ ද අනුදැන වදාළේ ය. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වන ධාර්මික රැකියාවන් අතර කෘෂිකර්මාන්තයට ප්‍රමුඛතාවය හිමි වේ.

එවිට අනවශ්‍ය ලෙස වෙළඳ පොළට වැයවන අපේ මුදල් ද ඉතිරි වේ. ඵලදාව සාධාරණ මිලකට අලෙවි කිරීමෙන් අමතර ආදායමක් ද උපයා ගත හැකිය. එවිට ණය වීමක් සිදු නොවේ. ධනය ඉපයීමත් වියදම් කිරීමත් පිළිබඳව බුදු දහමේ තරම් විස්තර කෙරෙන වෙනත් දහමක් නොමැති තරම්ය.

තමන් උපයන ධනය කොටස් හතරකට බෙදා කොටසක් පරිභෝජනය සඳහාත්, කොටස් දෙකක් නැවත නැවත ධනය උපයන යහපත් ආයෝජන කටයුතුවලත් අනෙක් කොටස ආපදාවක දී ප්‍රයෝජනයට ගැනීමට නිධානයක් ලෙස තැන්පත් කර තැබීමත් සුදුසු බව බුද්ධ දේශනාවයි.

යහපත් ගෘහ ආර්ථිකය පිළිබඳව කථා කරද්දී අපේ ජීවිතයට ළං කර ගත හැකි සම්ප්‍රදායන් සතරක් බුදු දහමේ සඳහන් වේ. උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා, කල්‍යාණ මිත්තතා, සමජීවිකතා එම සතරයි. උට්ඨාන සම්පදාවෙන් යහපත් කටයුතු උත්සාහයෙන් කළයුතු බව කියවේ. මෙය සෘජුවම සම්බන්ධවන්නේ ගෘහ ආර්ථිකය සමගයි. ගෘහ ආර්ථිකය හොඳින් සැළසුම් කරගෙන අරමුණක් ඇතිව ක්‍රියා කළහොත් අපට ණයවීමට සිදු නොවේ. ආරක්ඛ සම්පදා යනු උපයාගත් යහපත් ධනය යහපත් ලෙස ආරක්‍ෂා කර ගැනීමයි. ධනය ආරක්‍ෂා කළ හැකි යහපත් ආයෝජන මාර්‍ග අපට පෙන්වා දී තිබේ. එබැවින් අප කළ යුත්තේ ධනය විනාශවන මාර්‍ගවලට යොමු නොවී තිබෙන ධනය ආරක්‍ෂා කර ගැනීමයි. ධනය ආරක්‍ෂා කිරීම ලෝභ සිතින් නොකිරීම මෙහිදී වැදගත්ය. තමන් ඉපයූ ධනය ආරක්‍ෂා කරන අතරම ධනය පරිභෝජනය කරන ආකාරය දැන ගැනීම ද ඉතාම වැදගත් හා කාලෝචිත කටයුත්තකි. ධනය නාස්ති නොකර පමණ දැන පරිභෝජනය කිරීම මගින් යහපත් ජීවන මාර්ගයක් ළඟා කර ගත හැකිය. සමජීවිකතාවෙන් කියැවෙන්නේ සියලු දෙනා සමග සහයෝගයෙන් කටයුතු කරන ආකාරයයි. ඒ සඳහා තමන් උපයන ධනය පිළිබඳව අවබෝධයෙන් යුතුව ජීවත්වීම ඉතාම වැදගත් වේ.

මිනිස් ජීවිත කාලය තුළ ලැබිය යුතු සුඛ හතරක් ද බුදු දහමේ දැක්වේ. අත්ථි සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්ජ සුඛ එම සතරයි. තමන්ට සම්පත් තිබීම ගැන සතුටුවීමත් ලැබෙන සම්පත්වලින් බව භෝග සම්පත් ඇති කර ගැනීමත්, ණය නොමැතිව ජීවත්වීමත් සාධාරණව ඉපැයීමෙන් ලැබෙන ආදායමින් බියෙන් සැකෙන් තොරව නිදහසේ ජීවත්වීමත් මින් අදහස් වේ.

මෙම සියලු කරුණු වෙතින් පෙනෙන්නේ අපේ සියලු කටයුතු යහපත් ධනය හා බැඳී පවතින බවයි. එනිසා පමණ දැන කටයුතු කිරීමෙන් අපේ ගෘහ ආර්ථිකය පිරිමැසුම්දායී ගෘහ ආර්ථිකයක් බවට පත් කරගත හැකිය. කෘෂිකර්මයට මුල් තැන දීමෙන් මෙය මනාව කළ හැකිය.

මෙම තත්ත්වය තේරුම් නොගැනීම නිසා අපි තවමත් විදේශ වෙළඳ පොළ දෙස බලා සිටිමු. යටත්විජිතවාදීන් විසින් හඳුන්වා දුන් පටු ආහාර රටාවකට කොටු වී අපේ දේශීය ආහාරපාන වර්‍ග නිසි ලෙස භාවිතයට නොගන්නා තත්ත්වයකට පත් වී සිටිමු.

වර්තමානයේ හඳුන්වා දී ඇති ගෙවත්ත සංවර්ධනය කිරීමේ වැඩසටහන් නිසා මෙම තත්ත්වය දුරට මග හැරී ගොස් ජනතාව තම ගෙවත්තෙන්ම එළවළු, පලා, පළතුරු, අල වර්‍ග සපයා ගැනීමේ තත්ත්වයට යොමු වී තිබේ. මෙම තත්ත්වය තවදුරටත් සංවර්ධනය කළ යුතුය.

එය ලෝක ආහාර අර්බුදයට පිළියමක්වනවා මෙන්ම දේශීය ආර්ථිකය ඉහළ නැංවීමේ කාර්යයට ද දායකත්වයක් ලබා දීමක් වනු ඇත. තම ගෙවත්ත වගා කිරීමෙන් හා එහි ඵලදාව පරිභෝජනය කිරීමෙන් දෙමාපියන් විසින් දරුවන්ට ද මනා ආදර්ශයක් ලබා දිය යුතුය. එමගින් සෞඛ්‍ය සම්පන්න වූ දරු පිරිසක් රටට දායාද කළ හැකි වේ. අපේ පැරැණි ශ්‍රී විභූතිය යළි ඔප් නංවාගත හැකිවන්නේ එවිටය.

 

 

වෙසක් පුර අටවක පෝය

වෙසක් පුර අටවක පෝය අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදා පූර්වභාග 3.19 ට ලබයි.
30 වැනිදා සඳුදා පූර්වභාග 3.32 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අපේ‍්‍රල් 29 වැනිදා ඉරිදාය.

වෙසක් පුර පසළොස්වක පෝය මැයි 05 වැනිදා සෙනසුරාදා.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05

Second Quarterඅව අටවක

මැයි 12

New Moonඅමාවක

මැයි 20


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk