අධ්‍යාත්මික
සුවය සොයමු
මාවරලේ භද්දිය හිමි
ගෞතම බුදුරජාණන් වහන්සේගේ ථෙරවාදී බුද්ධ ධර්මය පවතින සමාජයක අපරාධ
සිදුවිය හැකිද? යන්න පිළිබඳව ඇතැම් දෙනෙකෙගේ සිත තුළ පවතින ගැටලුවක්
බවට පත්ව තිබෙනවා. අපේ රටේ ජීවත්වන බොහෝ මිනිසුන් අමතක කළ සත්‍යයක්
පවතිනවා.
සමාජය පාලනය වන්නේ විවෘත ආර්ථිකයෙන් මිසක බුද්ධ ධර්මයෙන් නොවෙයි කියන
කරුණ.
විවෘත ආර්ථිකය මත පදනම් වූ වෙළෙද පළ ආර්ථික ක්‍රමයක් සහිත සමාජයක පවතින
සමාජ සම්බන්ධකම් තරගකාරිත්වය, ප්‍රචාරණය ඒ ඔස්සේ බිඳ වැටෙන හර පද්ධතීන්
මේ සෑම දෙයක්ම මෙරට තුළ පසුගිය දශක තුනක හතරක කාලය තුළ දැකගන්නට ලැබුණු
විශේෂිත ප්‍රවණතාවයකි.
බුද්ධ ධර්මය මෙරට බහුතරයකගේ ප්‍රධාන ආගම බවට පත්ව තිබුණු පමණින් මෙකී
ප්‍රවණතාවයන් සීමා කරන්න, වළකාලන්න බුද්ධ ධර්මයට හෝ බෞද්ධාගමික සංඝ
සමාජයට හැකියාවක් ලැබේවි යැයි සිතනවා නම් එය යථාර්ථයෙන් බොහෝ ඈතට ගිය
සිතිවිල්ලක් පමණකි. බුද්ධ ධර්මයට අනුකූ®ලව ගමන් කරන්නට හැකියාව තිබුණු
ආර්ථික ක්‍රමයකුත් කෘෂිකර්මය සහ දැහැමි වෙළදාම මත පදනම් වුනු
ජීවනෝපායකුත් අනුරාධපුර යුගයේ පැවතුණා .
එකී අවධියෙහි එම අර්ථ ක්‍රමය තුළ ජීවත්වුනු මනුෂ්‍යයන්ට ධර්මානුකූ®ලව
බුද්ධ ධර්මයට අනුකූලව ජීවිත ගත කරන්නට අවශ්‍ය කරන පසුබිමක් පැවතුණා.
අද අප සිටින්නේ අනුරාධපුර යුගයේ පැවැති අධ්‍යාත්මික සංස්කෘතිය
කෘෂිකාර්මික ජීවනෝපායක් සහිත සමාජ වටපිටාවක නොවෙයි.
ඉතාමත් තරගකාරී ආත්මාර්ථකාමි වෙළදපල ක්‍රමයක් තුළ මිනිසාට සිදු වන්නේ
අතරමං වීමටයි. කුමන අර්ථ ක්‍රමයක් සහිත සමාජයක වුවත් මිනිසුන් මෙහෙය
වන්නේ එකිනෙකාගේ මනස තුළ පවතින ක්ලේශ ධර්මයන් මත බව බුදුදහමට අනුව
සිතිය හැකි ය.
තෘෂ්ණාවත් තෘෂ්ණාව මත පදනම් වුණු ඊර්ෂ්‍යාව, සැකය, ද්වේශය, මානය මේ ආදි
මනෝභාවයන් අනුරාධුපර ශිෂ්ටාචාරයේත්, කොළඹ කේන්ද්‍ර කරගත් නූතන
ශිෂ්ටාචාරයේත් දැකගත හැකි මිනිසුන් තුළ පවතින පොදු මනෝභාවයන්.මේ මොහොත
වන විට ලංකා සමාජය තුළ මෙකී මනෝභාවයන් කිසිදු ආධ්‍යාත්මික විනය
පරිපාලනයකින් සකස් කර නොගැනීම නිසා සමාජය ඉබාගාතේ යන තැනට පත්වී ඇති බව
අප තේරුම් ගත යුතුයි.
මෙකී අවකාශය තුළ තමයි ලංකාවේ අපරාධ වර්ධනය වන්නේ, අපරාධ වර්ග දෙකක්
තිබෙන්න පුළුවන්. සැලසුම් සහගතව අපරාධ සහ ආත්මාරක්‍ෂාව හදිසි ආවේග මත
පදනම්ව සිදුකරන අපරාධ තිබිය හැකියි.
තිස් අවුරුද්දක් පුරා පැවතුණු ත්‍රස්තවාදී උවදුර හා එම වකවානුව තුළ
සිවිල් සමාජය වෙත සීමාව ඉක්මවා ආයුධ සංසරණය සිදුවුණා. ඒවගේම පවට මිලක්
නැති තත්ත්වයටම මිනිස් ඝාතනය සාමාන්‍යකරණය වුණා. කුඩා දරුවන් මරා
දැමීම, ස්ත්‍රින් පමණක් නොව වයෝවෘද්ධයන් ඝාතනය, කිරීමත් සාමජයේ දකින්නට
පුළුවන්.
බුද්ධ ධර්මය තුළින් මිනිසුන්ගේ ආධ්‍යාත්මික අරමුණු, මිනිස් ජීවිතයේ
අරමුණු කවරේද? යන්න පිළිබඳව ගැඹුරු සංවාදයක යෙදෙන්නට කාලය එළඹී ඇති බව
පවතින තත්ත්වය නිරීක්‍ෂණය කිරීමෙන් පැහැදිළි වේ.
ධර්මය පිළිබඳව පුළුල් සාකච්ඡාවකින් තොරව තවදුරටත් වෙනත් මතුපිට කාරණා
පිළිබඳ සාකච්ඡාවකින් ඉහත සඳහන් කළ සමාජ පරිසරය වෙනස් කිරීම අතිශයින්
දුෂ්කර වේවි.
සක්කාය දිට්ඨිය හෙවත් මමත්වය බලවත් කරන සමාජ ක්‍රමයක මිනිසුන් වඩාත්
පෙළඹී තිබෙන්නේ තමන් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීම සඳහාය.
එබැවින් බුද්ධ ධර්මය අධ්‍යයනය කිරීම, බුද්ධධර්මය සාකච්ඡා කිරීම, ඒ
ඔස්සේ පුද්ගලයාගේ ආත්මාර්ථකාමි සිතිවිළි වලින් පුද්ගලයා නිදහස්
කරගැනීමට දරණ ආධ්‍යාත්මික වෑයම කෙතරම් ප්‍රබලද යන්න මත අපේ සමාජයේ බොහෝ
ගැටලු විසඳීමේ හැකියාව ඇත.
සටහන
හේමමාලා රන්දුනු |