UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නියත විවරණ ලැබූ වගයි

බුද්ධත්වය ප්‍රාර්ථනා කොට නියත විවරණ ලැබීමට සුදුස්සෙක් වන්නේ මනුෂ්‍යාත්මභාවයක් ලබා තිබෙන කෙනෙක් ය. එසේ ම ඔහු පිරිමියෙකු විය යුතුයි. එම ආත්මභවයෙහි දී වුව රහත්වීමට හේතු සම්පත් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ නමක් සියැසින් දැක ගැනීමට තරම් භාග්‍යසම්පන්න විය යුතුයි. පැවිදි වී සිටිය යුතුයි. අෂ්ටසමාපත්ති උපදවාගත් ධ්‍යානලාභි කෙනෙකුත් විය යුතුයි. ජීවමාන බුදුරජාණන් වහන්සේට තම ජීවිතය වුව පුදන්නට තරම් ශක්තියක් තිබෙන කෙනෙක් විය යුතුයි. බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතා ධර්ම පූර්ණය කිරීමෙහි මහත් කැපවීමක් හා ධෛර්යයක් තිබෙන කෙනෙක් විය යුතුයි. බුද්ධත්වය කෙරෙහි ම බැඳුණු සිතැති ව කටයුතු කරන කෙනෙක් විය යුතුයි.

නියත විවරණ ලබනවා කියන්නේ බෝසත්වරයෙකු සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඉදිරියේදී තමන්ගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳව ස්ථිර වශයෙන් කරුණු දැන ගැනීමටයි. එහි දී බුදුරජාණන් වහන්සේ ඒ බෝසත්තුමාගේ බුද්ධත්වය පිළිබඳව ස්ථිර වශයෙන් ම ප්‍රකාශ කරනවා. එපමණක් නොව බුදුසිරිත හා බැඳුණු බොහෝ විස්තර ප්‍රකාශ කරනවා. නියත විවරණ ගත් මොහොතේ පටන් බෝසත්වරු ශ්‍රද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා යන පංච ධර්මයන්ගෙන් ශ්‍රද්ධා, විරිය සහ ප්‍රඥා යන ධර්මතා කෙරෙහි වැඩි අවධානය යොමු කරනවා. ඒ අනුව සම්මා සම්බුද්ධත්වය වෙනුවෙන් පාරමි පිරිය යුතු කාලයද තීරණය වෙනවා.

බෝසත්වරයෙකු පළමු වතාවට බුදුවරයෙකුගෙන් නියත විවරණ ලැබීමේ දී සම්පූර්ණ කළ යුතුª කාරණා අටක් ගැන බුද්ධවංස පාලියෙහි සුමේධ කථාවෙහි දක්වා තිබෙනවා.

බුද්ධත්වය ප්‍රාර්ථනා කොට නියත විවරණ ලැබීමට සුදුස්සෙක් වන්නේ මනුෂ්‍යාත්මභාවයක් ලබා තිබෙන කෙනෙක් ය. එසේ ම ඔහු පිරිමියෙකු විය යුතුයි. එම ආත්මභවයෙහි දී වුව රහත්වීමට හේතු සම්පත් තිබිය යුතුයි. බුදුරජාණන් වහන්සේ නමක් සියැසින් දැක ගැනීමට තරම් භාග්‍යසම්පන්න විය යුතුයි. පැවිදි වී සිටිය යුතුයි. අෂ්ටසමාපත්ති උපදවාගත් ධ්‍යානලාභි කෙනෙකුත් විය යුතුයි. ජීවමාන බුදුරජාණන් වහන්සේට තම ජීවිතය වුව පුදන්නට තරම් ශක්තියක් තිබෙන කෙනෙක් විය යුතුයි. බුද්ධකාරක ධර්ම හෙවත් පාරමිතා ධර්ම පූර්ණය කිරීමෙහි මහත් කැපවීමක් හා ධෛර්යයක් තිබෙන කෙනෙක් විය යුතුයි. බුද්ධත්වය කෙරෙහි ම බැඳුණු සිතැති ව කටයුතු කරන කෙනෙක් විය යුතුයි.

මේ කියන ධර්ම අට යමෙකුට පිහිටා ඇත්තේ නම් ඔහු සම්බුදුරජාණන් වහන්සේ නමක් අභියසදී නියත විවරණ ලැබීමට සුදුසුකම් සැපිරූ කෙනෙක් වෙනවා.

අප බෝසතාණන් වහන්සේ ද සුමේධ නම් තාපසයෙකු ව ඉපදී දීපංකර නම් බුදුරජාණන් වහන්සේගේ පාද මූලයෙහි දී නියත විවරණ ලැබුවේ මේ ධර්මතා අටෙන්ම සම්පූර්ණ වූ නිසයි. ඒ නියත විවරණ ලැබීමේ පුවත මහ අසිරිමත් එකක්.

දීපංකර මහ බෝසතාණන් වහන්සේ තුසිත දෙව් ලොවින් චුත ව මනුෂ්‍ය ලෝකයෙහි දඹදිව රම්‍යවතී නම් නුවර රජ කළ සුදේව නම් රජතුªමාට සහ සුමේධා නම් දේවියට පුත්ව ඉපදුණා. දස දහසක් කල් ගිහි සැප විඳිමින් පසුව බොහෝ පිරිසක් සමඟ මහාභිනිෂ්ක්‍රමණය කළා. පැවිදි වුණා. පැවිදි ව දස මාසයක් ප්‍රධන් වීර්යය කොට පළොල් බෝධි වෘක්ෂයක් මුල දී සම්මා සම්බුද්ධත්වයට පත් ව ලෝ සතුනට සෙත සදමින් වැඩ සිටියා.

මේ කාලයේ දී අප මහ බෝසතාණන් වහන්සේ පාරමි දම් පුරමින් සසර සැරිසරනුයේ අමරවතී නම් නුවර සුමේධ බ්‍රාහ්මණ නමින් ඉපදී සිටියා. මහත් වූ ධනස්කන්ධයකට හිමිකම කියු මේ බ්‍රාහ්මණ තුමාගේ දෙමාපියන් මිය පරලොව ගිය පසු තමන් සතු සියලු ධනය දුගී මගී යාචකාදීන්ට බෙදා දී සියල්ල අත්හැර හිමාල මහවනයට ගොස් එහි ධම්මික නම් පර්වතය ඇසුරු කර ගෙන ආශ්‍රමයක් කොට තාපස පැවිද්දෙන් පැවිදි වුණා. මෙසේ පැවිදි වූ සුමේධ තාපසතුමා ඉතා හොඳින් සමථ භාවනාව දියුණු කොට විවේක සුවයෙන් එහි වාසය කළා.

මේ අතර දීපංකර බුදුපියාණන් වහන්සේ දෙවි මිනිසුන්ට දෙලොව සුව හා නිවන්සුව සඳහා මග පෙන්වමින් වැඩ සිටිද්දී දිනක් රහතන් වහන්සේ සමගින් ධර්ම චාරිකාවෙහි යෙදෙනුයේ අනුපිළිවෙළින් රම්‍ය නම් නගරයෙහි සුදර්ශන නම් වූ මහ වෙහෙර වෙත වැඩම කළා.

එදින කිසියම් කාර්යයක් සඳහා එන සුමේධ තාපසතුමාට මේ රම්‍ය නගරවාසීන් ඉතා සතුටින් තම නගරය අලංකාර කරන අයුරු දැක ගන්නට ලැබුණා. සිය ගමන නවතා කවර කාරණයක් නිසා මෙලෙසින් නගරය අලංකාර කරන්නේදැයි නගරවාසීන්ගෙන් විමසුවා. තමන්ගේ නගරයට දීපංකර බුදුන්වහන්සේ වැඩමකරන බවත් තමන් කොටස් වෙන් කර ගෙන නගරය පිරිසුදු කරන බවත් ඔවුන් පැවසුවා. මේ පුවතින් අතිශ්‍යයින්ම සතුටට පත් තාපසතුමා තමන්ට එසේ පිරිසුදු කරන්නට නගරයේ කිසියම් ස්ථානයක් ලබාදෙන ලෙස ඉල්ලුවා. නගරවැසියෝ නගරයේ මඩ වී අපවිත්‍ර වී තිබුණු මාවතක කොටසක් පිළිසකර කිරීමේ කටයුත්ත සුමේධ තාපසතුමාට භාර කළා. සතුටු සිතින් එය භාරගත් තාපසතුමා බොහෝ වෙහෙස වී එහි පිළිසකර කිරීම් කරගෙන ගියා. කෙතරම් මහන්සි වුවද බුදුන් වහන්සේ දනට වඩින විට තාපසතුමාට ඒ කටයුතු නිමාකර ගන්නට නොහැකි වුණා. මඩ සහිත කොටසක් පාරේ ඉතිරි වී තිබුණා. තථාගතයන් වහන්සේ එතැනට වැඩම කොට නැවතී බලා සිටියා.

එවිට සුමේධ තාපසතුමා මේ මඩ ගොඩෙහි දිගා වී තම දිවි ගියත් තථාගතයන් වහන්සේගේ සිරිපා යුග්මයෙහි මඩ තවරන්නේ නැතැයි සිතා තමන්ගේ පිට උඩින් ගමන් කරන ලෙස ආයාචනා කළා. දීපංකර බුදුපියාණන් වහන්සේ ඒ මොහොත් මේ අසිරිමත් පුද්ගලයාගේ අතීත භවයන් ගැන ආවර්ජණයක් කළා. මේ පාරමි දම් පුරාගෙන එන බෝසත්වරයෙකු බව දැන සියලු මහරහතන් වහන්සේලා ඉදිරියේ සුමේධ තාපසතුමාගේ මහා පුණ්‍යබල මහිමය විස්තර කොට ප්‍රථම වතාට මෙතුමා අනාගතයේ සිද්ධාර්ථ ගෞතම නාමයෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වෙනවාය යන නිශ්චිත ප්‍රකාශය කොට බුදුබව පිණිස නියත විවරණ ලබා දුන්නා.

මෙයින් මතු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගිය තැන මා සේම මේ තාපසතුමා ද ලොව්තුරා බුදු බව ලබන්නේ ය. මෙතුමා බුදුවන කාලයේ ඉපදෙන නුවර කපිලවස්තු නුවර නම් වන්නේ ය. පියා සුද්දෝධන නම් වන්නේය. මව මහාමායා නම් වන්නීය. බුදුවන විට සෙවණ සදන බෝධිය ඇසතු නම් වන්නේය. බුදු වූ පසු ගෞතම නම් නාම යටද හිමිකම් කියන්නේ ය. කෝලිත සහ උපතිස්ස (මුලගන් සැරියුත්) දෙදෙනා අග්‍ර ශ්‍රාවකයෝ වන්නාහුය. අග්‍රශ්‍රාවිකාවෝ වන්නේ ඛේමා සහ උප්පලවණ්නා යන දෙදෙනාය. ආනන්ද නම් මහ තෙරුණු කෙනෙක් අග්‍ර උපස්ථායක වන්නේය. චිත්ත සහ හත්ථාලවක නම් දෙදෙනෙක් අග්‍ර දායකයෝ වන්නාහුය. ඒ ගෞතම තථාගතයන් වහන්සේට ආයුෂ අල්ප වූ වන්නේය. යනාදී වශයෙන් ඒකාන්ත ප්‍රකාශය හෙවත් නියත විවරණ දීම සිදු කළා.

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]