UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහනුවර ලේවැල්ල ගංගාරාම විහාරය


බුදු මැදුරේ ඇති හිටි පිළිම වහන්සේ

ක්‍රිස්තු වර්ෂ 1747 දී කීර්ති ශ්‍රී රාජසිංහ රාජ්‍ය සමය තෙක් දිවයයි. එකළ එම රජු ජලස්නානය සඳහා මහවැලි ගඟට ගොස් ආපසු එන ගමනේදී මහ වැස්සකට හසුවී උණ පදුරක සෙවණ පැතීමට සිදුවිය. එම වැස්ස නිමවනතුරු උණ පදුරේ සෙවණ ලැබූ රජු ඒ අසල තිබූ ගලක අඩක් නිමකළ බුදුරුව දැක දැඩි ප්‍රසාදයට පත්විය. පසුව ඒ බුදු පිළිමේ සියලු වැඩකටයුතු අවසන් කැර ඒ භූමියේ විහාරස්ථානයක් ඉදිකැර ගංගාරාමය නම තැබීය.


පෞරාණික වූ මඟුල් මඩුව

(එකල) ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ සංඝරාජ පදවියෙන් පිදුම් ලත් අපවත්වී වදාළ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියෝ වෙත සන්නසකින් මහනුවර ලේවැල්ල ඓතිහාසික ශ්‍රී ගංගාරාම විහාරස්ථානය පූජා කළ බව සඳහන් වේ.

එම සන්නසට අනුව එදා මෙදා තුර එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වය නියෝජනය කරන මහා නායක පදවියෙන් පිදුම් ලත් යතිවරයකු විහාරාධිපතිත්වයට පත්වීම විශේෂිතය.

වත්මන් ගංගාරාම මහා විහාරයේ විහාරාධිපති ධූරය සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක මාහිමියෝ හොබවති.

එහි භාරකාර තනතුර විහාරාධිපති මහා නායක මාහිමිගේ හා මහභාරකාර තුමාගේ කැමැත්ත පරිදි මහනුවර මල්වතු විහාරස්ථ ශ්‍රී සංඝරාජ පරිවෙණාධිපති නැහිනිවෙල පියදස්සි නාහිමියෝ උසුලති.


නැහිනිවෙල පියදස්සි නා හිමි

කීර්ති ශ්‍රී රාජසිංහ රජු අනුරාධපුර ජය ශ්‍රී මා බෝධියේ ප්‍රාකාර බැම්ම විවෘත කර ආපසු මහනුවර බලා එන ගමනේදී රැගෙන ආ ජය ශ්‍රී මා බෝධි ශාඛාවක් මෙහි රෝපණය කළ බව සඳහන් වේ. එහි රෝපණය කළ එම බෝ ධීන් වහන්සේ අදත් විරාජමානව වැඩ වෙසේ.

තවද එම රජුගේ උසට පිත්තලවලින් බුදුරුවක් සාදා වැඩ නිම කැර අභිනව චෛත්‍යයක් ඉදිකැර එහි ගර්භයේ මේ බුදුරුව තැන්පත් කළ බව චූලවංශය පවසයි.

මෙහි සිට සැතපුමක පමණ දුරින් පිහිටි ඓතිහාසික දෙගල්දොරුව විහාරය හා ගංගාරාමය යන විහාර දෙකම එකම යුගයකට අයත් වේ.


බෝධින් වහන්සේ

දෙගල්දොරුව විහාරයේ චිත්‍ර නිර්මාණවලට ගංගාරාම, විහාරය හිමිකම කියයි. මෙහි ඇති චිත්‍ර නිර්මාණවල දර්ශනීය බිතු සිතුවම් නිරූපණය වේ.


පැරැණි බුදු මැදුර සහිත විහාරස්ථානයේ දසුනක්

එහි ඇති විශේෂත්වය බෝධිසත්ව චරිතයේ විවිධ අවස්ථා මෙන්ම බුද්ධ චරිතයේ විවිධ අවස්ථා ද ඒ අයුරින්ම නිර්මාණය කැර තිබීම විශේෂයෙන් කැපී පෙනේ. විහාර මන්දිරයේ චිත්‍ර නිර්මාණ 350 කින් පමණ යුක්තය.

තවද වහලයට සවිකැර ඇති සිවිලිම සම්පූර්ණයෙන්ම අලංකාර සිතුවම් රැසකින් විද්‍යාමාන වේ.

මෙහි ඇති විහාරාංග බොදු බැතිමතුන්ගේ නෙත් සිත් ඇඳ බැද තැබේ. විහාර මන්දිරයේ පිළිමය වැඩ සිටින බුද්ධ ප්‍රතිමාවන් චිත්ත ආකර්ෂණභාව විකාශනය කෙරේ.

විශේෂයෙන්ම විහාර භූමියට පිවිසෙන වාහල්කඩ මහනුවර යුගයේ නිර්මාණ ශෛලයට හිමිකම් කියයි.


පිවිසුම් වාහල්කඩ

ඒ වාගේම විහාර භුමියේ ඉදිකැර ඇති මඟුල් මඩුව පෞරාණිකත්වය ඉස්මතු කිරීමට සමත්වේ. විහාරස්ථානයක් සතු සකල විහාරාංගයන්ගෙන් විරාජමානවේ.


මහනුවර යුගයට අයත් බිතු සිතුවම්

විශේෂයෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ හා බැතිමතුන්ගේ අවධානය දිනා ගැනීමට සමත්වේ.

විහාරස්ථානය කේන්ද්‍රිය කැරගෙන සිදුකරණ ජාතික,ආගමික සාමාජික, සේවාවන් අතුරෙන් ශ්‍රී සුචරිත දහම් පාසල, දායක සභාව කුලඟන සමිතිය, සුචරිත දහම් සමාජය ලේවැල්ල අන්‍යෝධාර සමිතිය. විශේෂයෙන්ම කැපී පෙනේ.

 

 

 

 

 

 

බක් පුර පසළොස්වක පෝය

බක් පුර පසළොස්වක පෝය අප්‍රේල් 6 වැනි දා සිකුරාදා පූර්ව භාග 04.21 ට ලබයි.
7 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 00.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 6 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 13 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]