බක් මහේ අසිරිය
ජම්මික ප්‍රබෝධනි
වැලිකල
මහා සටනකට එළැඹෙන නාගයන් දමනය කිරීමට පස්මරුන් පැරද වූ
බුදුරදුන් බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ දී ‘නාගදීපයට’ වැඩම කළේ බක් අව
පසළොස්වක පොහොය දිනකදීය.
ලක්දිවිතලය දෙවන
වරටත් සදහම් ප්‍රදීපයෙන් ඒකාලෝක කර වූ මේ බක් අමාවක පොහොය බෞද්ධයාට පුර
පසළොස්වක පොහොය දිනයක් සේ අගනේය.
යුද බිය දුරැලා නාගයන් සදහම් සිසිලෙන් දමනය කරවූ මේ පින්බර බක් පොහොය
දිනයේ දී
බෞද්ධයන් වූ අපි ද
අවිද්‍යාව දුරැලා සසර ගමන් මඟ සදහම්
ප්‍රදීපයෙන් ඒකාලෝක
කර ගනිමු.
සාරා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පුරා සමතිස් පෙරුම් පිරූ බෝසතාණන් වහන්සේ
මහා කරුණාවෙන් අහස් කුස තාරකා පරදා නෙත් දන් දුන් සේක. සාගර ජලය පරදවා
තම රුධිරයද මිහිකත පරයා ශරීරාංග ද මහමෙර පරදා ඔටුනු පළන් හිස් ද දන්
දුන්නහ. මෙසේ මහා අසම සම වූ පුණ්‍ය කර්මයන් කළ බෝසතාණන් වහන්සේ
ලොවුතුරා බුද්ධත්වය පතා අභිනිෂ්ක්‍රමණය කළහ. ඒ උත්තරීතර ගමන් මග උදෙසා
මූලික වූ ජීවිතයේ අනියත පහදා දුන් සතර පෙරැ නිමිතිවල දිරා ගිය වයෝවෘද්ධ
රුව පළමුවරට දුටුවේ බක් මහේ අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදීය.
බෝසතාණන් වහන්සේ බුද්ධත්වයෙන් අභිෂේක ලබා දස මසකින් කිඹුල්වත්පුර තම
ගම්බිමට වැඩම කිරීමට ඇරැඹූ අසිරිමත් ධර්ම පාද චාරිකාවේ අඩක් දුර වූ
තිස් යොදුනක් සපිරුණේ ද බක් පුර පසළොස්වක පොහොය දිනකදීය.
ලෝක සත්වයාට මහා අනුකම්පාවෙන් අපමණ වූ දුර කතර වැඩම කර පිහිට වූ අසම සම
වූ බුදුපියාණන් වහන්සේ සත්වයන්ගේ දුක එකුන් අනු අයුරකින් දක්නා බව
‘පටිසම්භිදාමග්ගයේ’ සඳහන් වෙයි.
බුදු පියාණන් වහන්සේ අලුයම් කාලයේදී චක්‍රාවාටාන්තයේ සිට ගඳකිළි දොරකඩ
දක්වාත් සවස් කාලයේ දී ගඳකිළි දොරකඩ සිට චක්‍රාවාටාන්තය දක්වාත් දිනකට
දෙවරක් මහා කරුණාසමාපත්ති සුවයෙන් සම වදිති. එසේ අලුයම් කාලයේදි ලොව
දෙස බැලූ බුදු පියාණන්ට ලක්දිව් තලයේ ‘නාගදීපයේ’ නා රජවරුන් වූ මහෝදර
මාමාත් චූලෝදර බෑනාත් මිණිපළඟකට එළැඹෙන ගැටුමෙන් සිදුවන විනාශය දුටු
සේක.
මෙයින් දැනුවත් වූ සමිද්ධි සුමන දිව්‍ය රාජයා ද තමා පෙරැ භවයෙහි විසූ
‘නාගදීපයට’ සපැමිණීමට කැමැති වූයේය. මේ ලංකාගමනය සඳහා බුදුරදුන් සමඟ
එක් වූ සමිද්ධී සුමන දිව්‍ය රාජයා තම වාසභවන වූ කිරිපලු රුක උදුරා
ඡත්‍රයක් සේ බුදුරදුන්ට සෙවණ සලාස දුන්නේය.
බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේදී නාගදීපයට
මහා සටනකට එළැඹෙන නාගයන් දමනය කිරීමට පස්මරුන් පැරද වූ බුදුරදුන්
බුද්ධත්වයෙන් පස් වන වර්ෂයේ දී ‘නාගදීපයට’ වැඩම කළේ බක් අව පසළොස්වක
පොහොය දිනකදීය.
බුද්ධ ඵෙශ්චර්යයෙන් ලක්දිව් තලය දෙවන වරටත් පිවිතුරු වූ මේ සුවිශේෂී
පුවත මහාවංශය, දීපවංශය, පූජාවලිය , සද්ධර්මාලංකාරය වූ වංශ කතාවලද
ධාතුවංශය, රසවාහිනි ආදි බෞද්ධ කෘතීන්වලද සඳහන් ය.
ඍද්ධි බලයෙන් අහස් කුසින් යුද බිමට වැඩම කළ බුදු පියාණෝ මහ ගණ
අන්ධකාරයක් මවා නාගයන් බිය ගන්වා දමනය කළහ.
බියට පත්වී අසරණ වූ නාගයන්ට මහා කාරුණික වූ බුදු පියාණෝ අනුකම්පා කළහ.
යුද ගිනි දැල් නිවා අන්ධකාරය දුරු කරවා මැවු විශ්මිත ආලෝක ධාරාවන්
මධ්‍යයේ සම්බුදු පියාණන් වහන්සේ පුන් සඳ මඬලක් සේ වැඩ සිටි සේක. මේ
අසිරිමත් දසුනින් සැනසුණු නාග සේනාවෝ අපරිමිත වූ පී‍්‍රතියෙන් සිරිපා
කමල වැඳ නමස්කාර කළහ. එහිදී බුදුන් වහන්සේ සසර ආදීනව, කාකොලුක ජාතකය,
වට්ටක ජාතකය, එන්දක ජාතකය, ලටුකික ජාතකයන් වදාරා වෛරයේ ඇති දොස් පෙන්වා
සමඟියේ උතුම් අනුසස් වලින් නාග සේනාවන් සැනසූ සේක.
චූලෝදර, මහෝදර නා රජවරු පූජා කළ මිණි පළඟෙහි මොහොතකට වැඩ සිටි
බුදුපියාණෝ දිව්‍යමය බොජුන් වළදා අසූ කෝටියක් නාගයන් තිසරණ සරණෙහි
පිහිට වූහ.
යුද වැදීමට මෙහි පැමිණ මහෝදර නා රජුගේ මලණුවන් වූ මණිඅක්ඛිත නා රජු ද
සදහම් සිසිලෙන් සැනසුණේය. “ඔබ වහන්සේ මෙහි වැඩම නොකළා නම් අප සියල්ලෝම
යුද වැදි අලුවනවා” යැයි බුදුරදුන්ට පැවසු මණිඅක්ඛිත නා ජු යම් දිනක තම
වාසභවන වූ කැලණි පුරවරයට වැඩම කරන්නැ’යි ආරාධනා කළේය.
නිසලව ආරාධනාව පිළිගත් සම්බුදු හිමියෝ මැණික් පුටුව සහ කිරිපලු රුක
ආමිස පූජාවෙන් පිදුම් කරන්නැ’යි නාගයන්ට පවරා දී දෙවරම් වෙහෙරට වැඩම
කළහ.
කිරිපලු රුක රෝපණය කර ඒ අසල මිණි පළඟ නිදන් කරවා තැනූ දාගැබ ‘රාජායතන’
නම් විය.මෙහි භාතිය රජු විසින් ‘පලුදාගේ’ නමින් වටදාගෙයක් ද දෙවන අග්බෝ
රජතුමා විසින් ‘රාජායතන’ ධාතු මන්දිරයක් ද තනවා ඌර්ණ රෝම ධාතුන්
වහන්සේට ගෘහයක්ද පිදුම් කළහ.
නාගදීප චෛත්‍යය
මෙසේ විවිධ වූ රජවරුන්ගෙන් ප්‍රතිසංස්කරණය වූ ‘නාගදීප චෛත්‍යය’
බෞද්ධයාගේ සැදැහැති සිත පුබුදු කළ සොළොස්මස්ථානයන්ගෙන් විශේෂිත වූ පුද
බිමක් විය.
පුරාතනයේ වංශ කතාවලට අනුව ‘නාගදීපය’ ලෙස උතුරු දනව්ව හඳුන්වා ඇත.
ක්‍රි.ව. දෙවන සියවසට අයත් වල්ලිපුරම් හි තිබූ රන්පතට අනුව ‘නකදිව’ නම්
වූ මෙම රම්‍ය භූමිය නාග ගෝත්‍රිකයන්ගේ නිජබිම වූයේය. ටොලමිගේ ලංකා
සිතියමට අනුව ‘නගදිබ’ නම් වූ උතුරු දනව්ව සද්ධර්මාලංකාරයේ ‘මනිනක්දිව‘
නමින්ද රසවාහිනියේ ‘මනිනාග දිවයින’ නමින් ද හඳුන්වා ඇත.
මෙසේ විවිධ වූ නාමයන්ගෙන් යුක්ත වූ උතුරුකරය සම්බුදු පහසින් පිවිතුරු
වූයේ බක් අමාවක පොහොය දිනයකදීය. ලක්දිවිතලය දෙවන වරටත් සදහම්
ප්‍රදීපයෙන් ඒකාලෝක කර වූ මේ බක් අමාවක පොහොය බෞද්ධයාට පුර පසළොස්වක
පොහොය දිනයක් සේ අගනේය.
යුද බිය දුරැලා නාගයන් සදහම් සිසිලෙන් දමනය කරවූ මේ පින්බර බක් පොහොය
දිනයේදී බෞද්ධයන් වූ අපිද අවිද්‍යාව දුරැලා සසර ගමන් මඟ සදහම්
ප්‍රදීපයෙන් ඒකාලෝක කර ගනිමු. |