UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය



පැවිදි නම : බදුල්ල ගම්මන ශ්‍රී ගුණරතන නා හිමි

තනතුරු හා ගෞරව නාම:
කොටසර පියංගල රජමහා විහාරය, වෑගම ශ්‍රී නන්දාරාම විහාරය බදුල්ල ගම්මන පුරාණ විහාරය යන විහාරයන්හි අධිපති වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙන්හි කෘත්‍යාධිකාරී විශ්‍රාමලත් පරිවේණාධිපති හිටපු සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ඌව පළාත් පිරිවෙන්) ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ අධ්‍යාපන දර්ශනවේදී, වෙල්ලස්ස බින්තැන්න සහ මඩකළපුව තෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රාචාර්ය සාමවිනිසුරු ධර්ම කීර්ති ශ්‍රී ධම්මපාල සෝභිධාභිධාන.

වැඩ වසන පන්සල : කොටසර පියංගල රජමහා විහාරය.

උපන් දිනය : 1949 සැප්තැම්බර 15 දින.

පියා : ජේ. ඒ. සුදුබණ්ඩා මහතා.

මව : එස්. එම්. සුදු කුමාරිහාමි මාතාව.

සහෝදර සහෝදරියන්: සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියන් දෙදෙනෙක් පමණි.

මූලික අධ්‍යාපනය : බිබිල වෙල්ලස්සේ ජාතික පාසල, වත්තේගම විද්‍යාදර්ශණ පිරිවෙන.
කෑගල්ල නෙළුන්දෙණිය නාපේ ශ්‍රී ශීලානන්ද මහ පිරිවෙන.

උසස් අධ්‍යාපනය : කැලණිය විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය - 1976

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන ඩිප්ලෝමාව පිළිබඳ පශ්චාත් උපාධිය – 1986.

පැවිදි වූ දිනය : 1960 සැප්තැම්බර් 05 වන දින.

උපාධ්‍යයන් වහන්සේ : මල්ලැහැවේ ශ්‍රී ස්වර්ණජෝත්‍යාභිධාන වෙල්ලස්ස බින්තැන්න සහ මඩකළපු තෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මල්ලැහැවේ ශ්‍රී ස්වර්ණජෝති නා හිමි.

ආචාර්යන් වහන්සේ : වෙල්ලස්ස බින්තැන්න මඩකළපුව තෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මල්ලැහැවේ ශ්‍රී ධම්මපාල සහ මල්ලැහැවේ ශ්‍රී සෝභිත නාහිමියන් වහන්සේ.

උපසම්පදාව : 1972 ජුනි මස 14 වන දින මහනුවර මල්වතු මහා විහාර උපෝෂථාගාරයේදී.

පැවිදි දිවියේ වැදගත් සිදුවීම් : කොටසර පියංගල රජමහා විහාරාධිපති. වෑගම ශ්‍රී නන්දාරාම විහාරාධිපති බදුල්ල ගම්මන පුරාණ විහාරාධිපති.

වෙනත් සම්මාන : “ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම විභූෂණ අධ්‍යාපන දර්ශනවේදී” ගෞරව නාමය බෞද්ධ සම්මේලනයෙන් ලැබීම.

“ධර්ම කීර්ති ශ්‍රී ධම්මපාල සෝභිතාභිධාන” ගෞරව නාමය මල්වතු මහා විහාරයෙන් ලැබීම.

විදේශ ධර්මදූත සේවය : ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව,

තනතුරු ආදිය : වෙල්ලස්ස බින්තැන්න සහ මඩකළපුව තෙපලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක.

වෙනත් :
* කැප්පෙටිපොළ සෝමානන්ද පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස වසර හතක් සේවය කිරීම.

* බිබිල වෑගම ශ්‍රී සද්ධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනේ පරිවේණාධිපති ලෙස වසර 25 ක් සේවය කිරීම.

* ඌව පළාතේ පිරිවෙන් සම්බන්ධීකාරක සහ සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයකු ලෙස සේවය කිරීම.

* ඌව පළාත් බෞද්ධ කටයුතු සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්‍ෂකවරයෙකු ලෙස වසර පහක් සේවය කිරීම. වෑගම ශ්‍රී සෝභිත ධර්මායතන මූලික පිරිවෙන ආරම්භ කිරීම හා එහි ගුරු ස්වාමින් වහන්සේ ලෙස කටයුතු කිරීම.

* ඌව පළාතේ ප්‍රධාන විද්‍යායතන පිරිවෙන ආරම්භ කිරීම.

 

මැදින් මස අමාවක පෝය

මැදින් මස අමාවක පෝය මාර්තු 21 වැනි දා බදාදා අපර භාග 06.41 ට ලබයි. 22 වැනි දා බ්‍රහස්පතින්දා අපර භාග 08.11 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 22 වැනි දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මාර්තු 22

First Quarterපුර අටවක

මාර්තු 30

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 06

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]