බුද්ධානුස්සති භාවනාව
			
			 
			සවාසනා කිලෙසේසෝ  
			ඒකෝ සබ්බේ නිඝාතිය 
			අහූ සුසුද්ධ සන්තානො  
			පූජානඤ්ච සදාරහො 
			ඒ සර්වඥයන් වහන්සේ සවාසනා සකල ක්ලේශයන් නසා ඉතා පිරිසුදු සිත් සතන් ඇති 
			සේක් ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් පිළිගැනීමට සියලු කල්හි සුදුසු වූ සේක. 
			 
			සබ්බකාල ගතේ ධම්මේ  
			සබ්බේ සම්මා සයංමුනිං 
			සබ්බා කාරෙන බුජ්ÿත්වා  
			ඒකෝ සබ්බඤ්ඤුතං ගතෝ 
			කාලත්‍රයවර්තී සියලු ධර්මයන් මැනවින් තෙමේ ම අවබෝධ කොට සර්වඥ බවට 
			පැමිණි සේක. 
			 
			විපස්සනාදි විජ්ජාහි  
			සීලාදි චරණෙහි ච 
			සුසමිද්ධෙහි සම්පන්නෝ  
			ගගනාභෙහි නායකො 
			ගුවන් තෙලෙහි දිවාකරායමාන වූ බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යා පසළොස් 
			චරණ ධර්මයන් ගෙන් සමන්විත වූ සේක. 
			 
			සබ්මාගතෝ සුභං ඨානං  
			අමෝඝ වචනෝ ච සෝ 
			තිවිධස්සාපි ලෝකස්ස  
			ඤාතා නිරව සේසතෝ 
			තථාගතයන් වහන්සේ සමතිස් පැරුම් බෙලෙන් නිවනට වැඩි සේක. නො සිස් වචන ඇති 
			සේක. ත්‍රිවිධ ලෝකය ම නිරවශේෂයෙන් දත් සේක. 
			 
			අනේකේහි ගුණෝඝෙහි  
			සබ්බ සත්තුත්තමො අහූ 
			අනේකේහි උපායේහි  
			නරදම්මේ දමේභිච 
			සර්වඥයන් වහන්සේ නොයෙක් ගුණ සමූහයෙන් උත්තම වූ සේක. නොයෙක් උපායෙන් 
			දමනය කළ යුතු සත්වයන් දමනය කළ සේක. 
			 
			එකො සබ්බස්ස ලොකස්ස  
			සබ්බ අත්‍ථානු සාසකො 
			භාග්‍ය ඉස්සරියා දීනං  
			ගුණානං පරමො නිධී 
			භාග්‍යවතුන් වහන්සේ සියලු ලෝකයාට සියලු අර්ථයෙන් අනුශාසනා කරන සේක. 
			ඵෙශ්චර්යයන්ට නිධානයකි. 
			 
			පඤ්ඤාස්ස සබ්බ ධම්මේසු  
			කරුණා සබ්බජන්තුසු 
			අත්තත්ථානං පරත්ථානං  
			සාධිකා ගුණ ජෙට්ඨිකා 
			උන්වහන්සේ ගේ ප්‍රඥාව සියලු ධර්මයන් කෙරෙහි ද කරුණාව සියලු සත්වයන් 
			කෙරෙහිද පවතී. ආත්මාර්ථ පරාර්ථ දෙක සිද්ධ කරන්නීය. සියලු බුදු ගුණයන් 
			ගෙන් ජ්‍යෙෂ්ඨයි. 
			 
			දයාය පාරමී චිත්වා  
			පඤ්ඤා යත්තාන මුද්ධරී 
			උද්ධරී සබ්බ ධම්මේ ච  
			දයායඤ්ඤෙව මුද්ධරී 
			සියලු සතුන් කෙරෙහි දයායෙන් පැරුම් දම් පුරා සසරින් එතෙර වූ සේක. 
			කරුණාවෙන් අන්‍යයන් ද එතෙර කළ සේක. 
			 
			දිස්සමානොපිතාවස්ස  
			රූපකායො අචින්තියො 
			අසාධාරණ ඤාණඩ්ඪෙ  
			ධම්මකායෙ කථාවකාති 
			 
			බුදුරජාණන් වහන්සේගේ රූපකාය පවා අචින්ත්‍යය. ෂඩ් අසාධාරණ ඥානයෙන් යුක්ත 
			ධර්මකායයෙන් අචින්ත්‍යතාව කියනුම කවරේද? 
 
			 
			 
			මෛත්‍රී භාවනාව
			
			 
			අත්තුපමාය සබ්බේසං  
			සත්තානං සුඛ කාමතං 
			පස්සිත්වා කමතො මෙත්තං  
			සබ්බ සත්තෙසු භාවයෙ 
			සියලු සත්වයන් සැප කැමති බව තමා උපමා කොට බලා පිළිවෙළින් සියලු සතුන් 
			කෙරෙහි මෛත්‍රීය කටයුතුයි. 
			 
			සුඛී භවෙය්‍යං නිද්දුක්ඛො  
			අහං නිච්චං මමං විය 
			හිතා ච මෙ සුඛී හොන්තු  
			මජ්ඣත්තා චථ වෙරිනො 
			මම නිරතුරුව සැපවත් වෙම්වා. මා මෙන් මට හිත වූ මවු පියාදි හුදු මැදහත් 
			සත්වයෝ ද, වෛරී සත්වයෝ ද සුවපත් වෙත්වා. 
			ඉමම්හි ගාමක්ඛෙත්තම්හි  
			සත්තා හොන්තු සුඛී සදා 
			තතෝ පරඤ්ච රජ්ජෙසු  
			චක්කවාළෙසු ජන්තුනො 
			මෙම ග්‍රාම ක්ෂේත්‍රයෙහි සියලු සත්වයෝ සුවපත් වෙත්වා. එයින් ඔබ්බෙහි 
			අන්‍ය රාජ්‍ය වල ද, සක්වළ වල්හි ද සත්වයෝ සුවපත් වෙත්වා. 
			 
			සමන්තා චක්කවාළෙසු  
			සත්තානන්තෙසු පාණිනො 
			සුඛීනො පුග්ගලා භූතා  
			අත්තභා ච ගතා සියුං 
			මෙයට හාත්පස පිහිටි සක්වළ වල සත්වයෝ ද, ප්‍රාණියෝ ද , පුද්ගලයෝ ද, 
			භූතයෝ ද, ආත්මභාවයට ගියාහු ද, සුවපත් වෙත්වා. 
			 
			තථා ඉත්ථි පුමා චෙව  
			අරියා අනරියාපි ච 
			දෙවා නරා අපායට්ඨා  
			තථා දස දිසාසුචාති 
			ස්ත්‍රීහු ද, පුරුෂයෝ ද, ආය¸යෝ ද, පෘථග්ජනයෝ ද, දෙවියෝ ද, මනුෂ්‍යයෝ ද, 
			සතර අපායෙහි සිටි සත්වයෝ ද, සුවපත් වෙත්වා.  |