බුදුසරණ අන්තර්ජාල කලාපය - බොදු පුවත් (ඡායාරූප)
 
	
		
			බොදු පුවත් (ඡායාරූප) 
 
			
				
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක අනුශාසක 
						මහා සංඝ සභාව පසුගියදා කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ 
						පිහිටි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයේ දී රැස්වූහ. 
						සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි 
						අනුනාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම අනුශාසක මහා සංඝ 
						සභාවේ දී මහජනතාවගේ හා ශාසනයේ උන්නතිය උදෙසා රජය අවධානය 
						යොමු කළ යුතු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් 
						සාකච්ඡා කරන ලදී. 
						නීතිය හා විධි විධාන බල ගැන්වීම, විහාර හා දේවාලගම් පනත, 
						ධර්මාචාර්ය ගුරු පත්වීම් ප්‍රදානය සහ 2600 සම්බුද්ධත්ව 
						ජයන්තියේ ඉදිරි වැඩපිළිවෙළ මෙහිදී සාකච්ඡා කරන ලද කරුණු 
						අතර ප්‍රධානය. සියම් නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අනුනායක 
						ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනු නාහිමි, කොටුගොඩ ධම්මාවාස 
						අනුනාහිමි, කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති මාදුළුවාවේ 
						සෝභිත හිමි, අමරපුර ශ්‍රී ධර්ම රක්‍ෂිත නිකායේ අනුනායක 
						ත්‍රිකුණාමලයේ ආනන්ද නා හිමි, අධිකරණ සංඝ නායක අහංගම ආනන්ද 
						යන හිමිපාණන් වහන්සේලා ඇතුලු දිවයිනේ විවිධ පළාත් නියෝජනය 
						කරන මහා සංඝරත්නය එම අනුශාසක මහා සංඝ සභාවට සහභාගී වූහ. 
						ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මිලින්ද මොරගොඩ, එම කාර්යාලයේ 
						අධ්‍යක්‍ෂක ආර්.ඒ.ඩී. සිරිසේන යන මහත්වරු එම අවස්ථාවට 
						සහභාගී විය. මෙහිදී සාකච්ඡා කළ කරුණු ජනාධිපති ලේකම් 
						කාර්යාලය සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව අවධානය යොමු විය 
						යුතු අමාත්‍යාංශ සමග නිසි වැඩ පිළිවෙළක් සකස් කිරීමට ද 
						යෝජනා විය.  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 ආරච්චිකට්ටුව, දෙමටපිටිය ශ්‍රී 
						සුමංගලාරාම රාජ මහා විහාරස්ථාන ඉඩමට පූජා භූමි ඔප්පුවක් 
						ප්‍රදානය කිරීම පසුගියදා එම විහාරස්ථ ධර්ම ශාලාවේ සිදු 
						කැරිණි. එම ඔප්පුව විහාරාධිපති හලාවත, පුත්තලම දෙදිසාවේ 
						ප්‍රධාන අධිකරණ සංඝනායක විජය කටුපොත සිරිධම්ම නාහිමියන් 
						වෙත විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා මහතා 
						අතින් පිළිගැන්වූ අයුරු. හලාවත ප්‍රාදේශීය සභාවේ උප සභාපති 
						ගයාන් රංග පෙරේරා මහතාද ඡායාරූපයේ සිටී. 
						මාදම්පේ සමූහ – ඒ.පී. ගුණරත්න  | 
					 
					
						| 
						 
						   | 
					 
					
						| 
						 වලස්මුල්ල ශාසනාරක්‍ෂක බලමණ්ඩලයට 
						අයත් දහම් පාසල් වල දරු දැරියන් වෙත සදාචාර ආචාර ධර්ම 
						පිළිබඳව දැනුවත් කිරීමක් සිදු කැරිණි. එහිදී වලස්මුල්ල 
						මැදගම්ගොඩ ශ්‍රී ජයසුමනාරාමයේ දී පැවති වැඩමුළුවේ දී 
						දෙමාපියන් විසින් සිය දරුවන් වෙත ආශීර්වාද කළ අවස්ථාව. 
						වලස්මුල්ල සමූහ  | 
					 
					 
			 
			  | 
	 
     
				 | 
				
				
					
									 | 
								 
					
						
 
	
		
			
 
	
		| 
					 
					
					මැදින් අව අටවක පෝය 
					
					මැදින් අව අටවක පෝය මාර්තු 14 වැනි දා බදාදා 
					අපර භාග 07.48 ට ලබයි. 15 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 06.20 
					දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 15 වැනි දා 
					බ්‍රහස්පතින්දා ය.  
					 
					මීළඟ පෝය  
					මාර්තු 22 වැනි බ්‍රහස්පතින්දාය.  | 
	 
	
		
  | 
	 
	
		| 
		
				 | 
	 
	 
 
			 | 
		 
	 
 
 | 
					 
					
									 | 
								 
				 
				 |