UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 බුදු දහමෙන් රැකවරණය

2012 වර්ෂයේ ලෝක විනාශයක් සිදු වේ යැයි කියන අනාවැකියක් ගැන ඇතැම් මාධ්‍යයන්හි සාකච්ඡවට භාජනය වූවකි. බෞද්ධයන් වශයෙන් ලාංකික වූ අප ඒ පිළිබඳව කටයුතු කරන්නේද යන්න සිතා බැලිය යුතු ය.

දහමට නැඹුරුව අකුසලයෙන් වැළකී ආධ්‍යාත්මය දියුණු කැර ගැනීම එ ලොවටත් මෙ ලොවටත් දෙකට ම හොඳයි. නැත්නම් එවැනි විනාශයක් හෝ වෙනත් අනතුරකින් මරණයට පත්වීම ට සිදු වුණොත් පසුතැවීම ට පත්වෙනවා. ආධ්‍යාත්මය දියුණු කැර ගෙන සිටියොත් සුගතිගාමි වී සතුටු වෙන්නට පුළුවන්

2012 ලෝක විනාශයක් වේ යැයි ඇතිවී ඇති කරුන පිළිබඳ වර්තමාන තත්ත්වය විමසා බැලීම වටී. 2012 මෙවැනි විනාශයක් වේදැ යි අග්ගමහා පණ්ඩිත බෙල්ලන ශ්‍රී ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේගෙන් අපි විමසා බැලුවෙමු. “ලෝක විනාශයක් වුවත් නූනත් මෙවැනි දෙයක් වේ යැයි සිතා දහමට නැඹුරුව අකුසලයෙන් වැළකී ආධ්‍යාත්මය දියුණු කැර ගැනීම එ ලොවටත් මෙ ලොවටත් දෙකට ම හොඳයි. නැත්නම් එවැනි විනාශයක් හෝ වෙනත් අනතුරකින් මරණයට පත්වීම ට සිදු වුණොත් පසුතැවීම ට පත්වෙනවා. ආධ්‍යාත්මය දියුණු කැර ගෙන සිටියොත් සුගතිගාමි වී සතුටු වෙන්නට පුළුවන්. මෙවැනි විනාශයක ට මුහුණ පෑමට සිදු නොවනත් තමන්ගේ අධ්‍යාත්මය දියුණු කැර ගැනීම වැදගත්. පසුවට කල් තබනවාට වඩා මේ මොහොතේ තමන්ගේ සිත දියුණු කැර ගැනීම සංසාර ගමන කෙටි කැරගැනීමට හේතු වෙනවා” යි මහා නා හිමියෝ පැවැසූහ. 2012 පිළිබඳ එතරම් සරල සාධාරණ ප්‍රකාශයක් වෙනත් කෙනෙකුගෙන් අසන්නට නොලැබුණි.

මිනිසාගේ විනාශයට හේතුවන ප්‍රධාන කරුණු තුනක් ධර්මයේ සඳහන් වේ. 1. මිථ්‍යාදෘෂ්ටිය 2. විෂම ලෝභය 3. තණ්හාව, යන හේතු තුන යි. මෙහිදී මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් විශේෂයෙන් ගැනෙනුයේ “කර්මය හා විපාකය නො දැනීමත් ඕපපාතික උපත් සිදුවන බව” නොදැනීමත්ය. විෂම ලෝභය වශයෙන් ගැනෙනුයේ මට ය මගේ ය යන අදහස යි. තණ්හාව වශයෙන් සලකනුයේ කොයි තරම් සැප සම්පත් ලැබුව ද තව තවත් සොයමින් හඹා යෑමය.

කර්මයට අනුව විපාකයක් ඇති බව සෑම බෞද්ධයෙක්ම පිළිගනී. එහෙත් එය ප්‍රායෝගිකව හදවතින් ම සිතා, කය වචනයෙන් ම ක්‍රියාත්මක කරන්නෝ කීයෙන් කී දෙනාද? විෂම ලෝභයත් අසීමිත තණ්හාවත් වැරැදි බව හැම දෙනාම පිළිගනිනි. පවසති.

එදා බුද්ධ කාලයේ විශාලා මහනුවර ඇතිවූ රෝග බිය, මරණ බිය, අමනුෂ්‍ය බිය යන තුන් බියෙන් විපතට පත් වුවත් මුදා ගත්තේ තෙරුවන් ගුණ පිළිබඳ සත්‍ය ක්‍රියාවකිනි. (රතන සූත්‍රය)

පසුගිය කාල පරිච්ඡේදයන්හි ත්‍රස්තවාදී ක්‍රියා නිසා උදේ නිවසින් පිටව යන අය හවසට යළි පැමිණෙන තුරු විශ්වාසයක් තිබුණේ නැත.

1971 සහ 1988/89 කාලයේත්, තිස් අවුරුදු උතුරු නැගෙනහිර ත්‍රස්තවාදයෙනුත් අමනුෂ්‍යයන් පි‍්‍රය කරන (මළ මිනි හා ලේ) ආහාර බහුල විය. ඒ අමනුෂ්‍ය බලවේග පෘථිවියම වසාගෙන සිටිති.

මිනිසාගේ ක්‍රියාකාරකම් හේතු කොටගෙන පරිසරයට හානි කළහොත් සාරවත් පස සෝදා පාළු වී යාමට ඉඩ ඇත. මිනිසා ශ්‍රම දායකත්වයෙන් ඉවත්වීම නිසා වස විස රසායන දියර ඉසීමෙන් ස්වභාවික චක්‍රය බිඳ පස නිසරු වී යා හැකිය. ඖෂධ එළවළු පළතුරු ආදියේ රස ගුණ හීන වී ඇතැයි ද සමහරු කියති. සොබාදහම විසින් මිනිසාගේ පැවැත්ම සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙනු ලැබූව ද මිථ්‍යාදෘෂ්ටිය විෂම ලෝභය හා තණ්හාව නිසා මිනිසුන් වරෙදහි බැෙඳමින් සිටී.

සොබාදහම මිනිසා කෙරෙද අසීමිත කරුණාවෙන් මිනිසාට හැදෙන්නට නිවැරැදි වන්නට අවස්ථාව සලසා දී ඇත. තව දුරටත් සලස්වා දෙමින් සිටින්නේ දරුවන් කෙරෙහි දයාව දක්වන්නා වූ මවක සේය. ඒ සඳහා ශාස්තෘහු ද පහළ කළහ. මහා කාරුණික වූ බුදුවරු ද පහළ කළහ. මිරිඟුව පසු පස හඹා යන මුවන් සේ තණ්හාව නිසා මිනිසා විසින් සිදු කරනු ලබන හිතුවක්කාර ක්‍රියා වළක්වාලනු පිණිස වරින් වර මිනිසාට දඬුවම් කරනු ලැබු අවස්ථා ද ඇත. ඒ ප්‍රබල විනාශයන් මගිනි. එය ඉතිහාසයේ සඳහන් වෙයි.

මිනිසාට හැදෙන්නට අසූහාර දහසක් ධර්මයම අවශ්‍ය නැත. (බුදු රාජාණන් වහන්සේ දේශනා කළ එක් ධර්මයක් (සූත්‍රයක්ද අසා දස දහසක් සත්ත්වයෝ මාර්ග ඵල ලැබූහ. අද ද ධම්මපදයේ මුල් ගාථා දෙකත් සබ්බපාපස්ස අකරණං ....ගාථාවත් අපේ මිනිසුන්ට (නුවණින් සිතනවා නම්) හොඳටම සෑහේ. 2012 විනාශයෙන් සත්ත්වයා මුදා ගැනීම සඳහා සිල්වත්තු දිනපතා නිහඬව මෛත්‍රී කරණ විශ්වයම මුදා හරිනු ලබති. එයට ඔබට ද දායක විය හැකිය.

න අන්තලික්ඛේ න සමුද්ද මජ්කේධ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්ප දේසෝ
යත්ථිට්ඨිතෝ මුඤ්චෙය්‍ය පාපකම්මා

යම් තැනක සිට පාපයේ ආදීනවයෙන් මිදිය හැකි ද? එබඳු තැනක් අහසෙහිත් නැත. මුහුද මැදත් නැත. පර්වත කුහරයක් තුළත් නැත. එබඳු බිම් පෙදෙසක්, ස්ථානයක් ලෝකයේ කොතැනකවත් නැතැයි බුදු පියාණෝ වදාළහ.

න අන්තලික්ඛේ න සමුද්ද මජ්ඣෙ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්ප දේසෝ
යත්තිට්ඨිතං නප්පසභේථ මච්චු

යම් තැනක සිටීමෙන් මාරයාට අසුවිය නොහැකි ද? එබඳු තැනක් අහසෙහිත් නැත. මුහුද මැදත් නැත. පර්වත කුහරයක් නැත. එබඳු බිම් පෙදෙසක් ලොව කොහේවත් ඇත්තේ නැතැයි ද බුදුපියාණන් වහන්සේ වදාළහ.

මේ සියල්ල සිදුවන්නේ අනුන් කළ දේවල් නිසාම නොවේ. තමන් ද පූර්වයෙහි කළ කී දේවලට අනුවය. සොබා දහම කම්පා වූ විට පංච මහා ධාතූ®න් කම්පාවූ විට එළඹෙන කාල විපත්තිවලදී නරක මිනිසුන් තෝරා බේරා විපාක දෙන්නේ නැත. ඒ නිසා තමන්ගේ විමුක්තිය තමන්ම සපයා ගත යුතු ය.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]