ගසක් නම්...
වැලිමඩ ගුරු මධ්‍යස්ථානයේ
ගුරු අධ්‍යාපනඥ සේවයේ කථිකාචාර්ය, කැප්පෙටිපොල, පාලුගම ශ්‍රී
සුභද්‍රාරාම
මහා විහාරාධිකාරී,
විල්ඔය පඤ්ඤාතිලක හිමි
ගස ශක්තිමත් වුනේ ගසට ඇප
උපස්ථාන කිරීම, පස්, ජලය, බෙහෙත් පොහොර
දැමීමෙනි. ඒ ගසේ ආහාරයි.
ජීවිතය ජීවත් කරවන අපේ ආහාර මොනවද, ඒ අප ඇස, කණ, නාසය, දිව ශරීරය
තුළින් ලබා ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන
සංයෝජනීය ධර්මයි.
අප ලොව්තුරා බුදුරදුන් දැක් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ යුතුයි.
යහපත් දැක්මක් ඇති කරගනිමු. යහපත් ක්‍රියාවල නිරත වෙමු.
යහපත් වචන කතා කරමු.
තරුණ ගසට මිනිසෙකු කලින් කලට ගස මුල ශුද්ධ කොට පස් බුරුල් කර උවටැන්
කරයිද, කලින් කලට පස් දමයි ද, කලින් කලට ජලය දමයිද, එම ගස ඒ අහර තුළින්
ජව සම්පන්නව මුල් ශක්තිමත්ව, වැඩෙන්නේ මහා ගසක් බවට පත්වෙයි. යළි
ඉදිරිය නොහැකි වෙයි.ගස මල්, ඵල හටගෙන දායාද කරයි. එය සතුටකි. එහෙත් ගස
පවත්වා ගන්නට මහත් වෙහෙසක් දරයි. එය දුකකි.
මේ ගස දක්‍ෂ මිනිසෙකු උදැල්ලක් පැසක් ගෙන මුල හාරා මුලින් ම උදුරයි.
හාත්පස හාරා මුල් පවා උඳුරයි. කෑලි කෑලි වලට කපයි. සුළඟේ වේලයි අව්වේ
වේලයි. ගින්නේ පුච්චයි. අළු උඩු සුළඟට මුසු කරයි. ගඟ දිය දමයි. යළි ගස
නූපදියි. මල් ඵලාදියෙන් ලද සතුට නැත. ගස සුරකින්නට ගත් වෙහෙස නැත.
සංයෝජන ධර්ම කෙරෙහි ආස්වාද සහිතව නිතර නිතර කටයුතු කරන විට ආශාව
උපදියි. ආශාව නිසා දැඩි ඇල්ම උපදියි. දැඩි ඇල්ම භවයන් ප්‍රාර්ථනා කරයි.
භවය නිසා උපදියි. ඉපදීම නිසා දිරා යෑම, ලෙඩ වීම, මරණය, හැඩීම, වැළපීම,
කායික, මානසික සියලු දුක් හට ගනියි.
ගස ශක්තිමත් වුනේ ගසට ඇප උපස්ථාන කිරීම, පස්, ජලය, බෙහෙත් පොහොර
දැමීමයි. ඒ ගසේ ආහාරයි. ජීවිතය ජීවත් කරවන අපේ ආහාර මොනවද, ඒ අප ඇස,
කණ, නාසය, දිව ශරීරය තුළින් ලබා ගන්නා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන
සංයෝජනීය ධර්මයි. මේවා කැමැති දේ ලැබුණ විට සතුටුයි. අකැමැති දේ ලැබුණ
විට දුකයි. එමෙන්ම මෙම ධර්මතා ආශ්වාදනීය වේ.
එනිසාම එයට ආශා කරයි. ඒ ආශාව ආශාවේ දැඩි බවට පත් කරයි. එම නිසා කාම,
රූප, අරූප භව ප්‍රාර්ථනා කරයි. මේ ප්‍රාර්ථනා නිසා එම භව වල උපදියි. ඒ
ඉපදීම නිසා සසර සියලු දුක් අත් විඳියි. අහර ලැබීමෙන් භව සංසාර ගමනින්
ජීවිතය නම් ගස උදුරා දැමිය නොහැක. පස්කම් සැප නම් වූ අහරින් මුල්
ශක්තිමත් වී ඇත.
සසරින් මිදිය නොහැකි සසර වඩාත් තදකර බැඳ තැබූ අපේ ජීවිතයේ මුල් නම් දස
සංයෝජනයි. පස්කම් අහර ලද කල එම සංයෝජන තර වේ. ථාවර වේ.
බිඳිය නොහැකිය, කැපිය නොහැකිය, ඉදිරිය නොහැකි ය. සසර තව තවත් හොඳින් ඇද
බැඳ තබන ඒ දස සංයෝජන නම් “(සක්කාය දිට්ඨි) මම, මගේ යැයි යෝධයෙකු බිහි
කොට ගෙන මේ හිතලු යෝධයා පෝෂණය කරන්නට, රැක ගන්නට, දියුණු කරන්නට ගන්නා
ආත්මාර්ථකාමී හැඟීම (විචිකිච්ජා) සැකය, විශේෂයෙන් බුද්ධාදි අට තැන් හි
සැක ඉපදවීම, (සීලබ්බත පරාමාස) නිවන් දැකීමට යයි මිථ්‍යා ව්‍රත සමා දානය
(කාමරාග) කම්පස පසු පස්සේ ලුහු බැඳීම, (ව්‍යාපාද) අන් අයට හිංසා පීඩා
කිරීම, මැරීමේ නැසීමේ සිතිවිලි, (රූප රාග) රූප ලෝකවල ඉපදීමේ කැමැත්ත,
(අරූප රාග) අරූප ලෝකවල ඉපදීමේ කැමැත්ත, (මාන) ජාති, කුල, ගෝත්‍ර, රූපය,
ධනය, බලය, දැන උගත්කම් ආදී නොයෙක් සාධක පදනම් කොට ගෙන තමා අන් අයට වඩා
උසස්, උසස්, හීන අය තමා හා සමානයි. අන් අය උසස් තමා හීනයි ආදී ලෙස
ගොඩනඟන මානසික පදනම, (උද්දච්ච) සිතෙහි විසුරුණ ගතිය එක් අරමුණක පවත්වා
ගැනීමට නොහැකි කම, (අවිද්‍යා) නොදැනීම, නොවැටහීම, අනවබෝධය.”
මේ මුල් ථාවර වීමෙන් දිවිය සසරින් ඉදිරිය නොහැකිය මිදීමක්,
විමුක්තියක්, නිවනක් ලද නොහැකි ය. එහෙයින් සැමදා දුකෙහි ඇලී ගැලී දුක
පොදිබැඳ ජීවත් විය යුතු ය. එනමුත් දුකින් මිදිය යුතු ය. එහෙත් එය එකවර
කළ නොහැකි ය. ගසක් උදුරා දැමුවා සේ ක්‍රමවත්ව කළ යුතු ය. ලෝකය අප සමඟ
ගැටෙයි. ඇස් ඇති විට රූප දකියි. කන් ඇති විට ශබ්ද ඇසෙයි. දිව ඇති විට
රස දැනෙයි. නාසය ඇති විට ගන්ධය දැනෙයි. කය ඇති විට ස්පර්ශය දැනෙයි.
එසේනම් ලෝකයේ අප හා ගැටීම ස්වභාවිකය. ගැටලුව ඇත්තේ ලෝකය අප හා ගැටීම
තුළ නොව අප ලෝකය හා ගැටීමයි. මේ නිසා සියලු අර්බුද ගොඩනැඟී ඇත. ලෝකය අප
සමඟ ගැටුණා වේ, අපි ලෝකය සමඟ නොගැටෙමු. එවිට අපට මිදිය හැකිය. එය කළ
හැක්කේ ලෝකය (නාධිවාසේති) නො ඉවසන්න, (පජහති) අතහරින්න, (විනොදෙති)
දුරු කරන්න, (බ්‍යන්තිකරොති) නැවත ඇති වෙන්න ඉඩ නොදෙන්න, (අනභාවං
ගමේති) වෙනත් දෙයකට හුරු වන්න. එසේ වූ කල (අසෙස) කෙළවරක් නැතිව නැති
කිරීම, (විරාග) අත හැරීම, (නිරෝධ) දුරු කිරීම, (මුත්ති) මිදීම (අනාලයො)
නො ඇලීම, අපට ළඟා කර ගත හැකි ය.
එහෙත් මෙය හැම දෙනාටම කළ නොහැක. කළ හැක්කේ වීර පුරුෂයකුට පමණි. ඒ
වීරත්වය ඇති වන්නට නම් ශ්‍රද්ධාව තිබිය යුතුයි. බුද්ධ, ධම්ම, සංඝ යන
රත්නත්‍රයෙහි ගුණ දැන එය පිළිපැදිය යුතුයි.
ජීවිතය නම් වූ ගස උදුරන්නට ආයුධ තැනිය යුතු ය. ඒ ආයුධ නම් දාන, (දීම)
ශීල (කය වචන සංවර වීම) නෙක්කම්ම (කම් සැප විඳීම ඈත් කිරීම) ප්‍රඥා
(යහපත දක්නා නුවණ) වීර්ය (යහපතෙහි නිරත වීමේ වෑයම) ඛන්ති (ඉවසීම) සච්ච
(සත්‍යය) අධිෂ්ඨාන (නොනැවති ගමන් කරන අරමුණ) මෙත්තා (ජීව අජීව
හිතානුකම්පි බව) උපෙක්ඛා (අන්තයට නොගොස් මැදහත්ව කටයුතු කිරීමා ආදී අවි
දැරිය යුතුයි. මේ අවි දරන්නට නම් අප ලොව්තුරු බුදුරදුන් දැක් වූ ආර්ය
අෂ්ටාංගික මාර්ගයේ ගමන් කළ යුතුයි. යහපත් දැක්මක් ඇති කරගනිමු. යහපත්
ක්‍රියාවල නිරත වෙමු. යහපත් වචන කතා කරමු.
යහපත් අයුරින් ජීවත් වෙමු. යහපත් ලෙස වීර්ය වඩමු. යහපත් සිහිය ඇති
කරගනිමු. යහපත් සමාධිය ගොඩනඟා ගනිමු. ජීවිතය නම් වූ ගස උදුරමු. පුංචි
මුල් කැබිලිති පවා ගළවමු. කෑළිවලට කපා පළා වියළා පුච්චා අළු සුළඟේ,
ගඟේ, පා කරමු. දුක නැති කරමු. විමුක්තිය ලබමු. |