| ඌවේ ප්‍රථම මහා නාහිමි ගුණ සමරුව
			 
			ඌව ස්‍යාමවංශික මහා නිකායේ ප්‍රථම මහා නායක, මහෝපාධ්‍යාය ධර්මකීර්ති 
			ශ්‍රී බොරගොල්ලේ සුමංගල සෝමානන්දාභිධාන ශ්‍රීමත් මහා නායක මාහිමියන්ගේ 
			පනස්වැනි ගුණ සමරුව නිමිති කොට ගෙන වාර්ෂිකව සිදු කරනු ලබන ආදි කර්තෘ 
			දින මහා දානමය පින්කම වර්තමාන අතිගෞරවණීය මහා නායක විහාරාධිපති ශ්‍රී 
			සද්ධර්මභාරතීශ්වරාචාර්ය, මහෝපාධ්‍යාය අඹේවෙල පඤ්ඤාසාර මහා නායක මා 
			හිමියන් හා විහාරාධිකාරි, වැලිමඩ ගුරු මධ්‍යස්ථානයේ ගුරු අධ්‍යාපන 
			සේවයේ කථිකාචාර්ය විල්ඔය පඤ්ඤාතිලක හිමියන්ගේ අනුශාසනා පරිදි ශ්‍රී 
			පුණ්‍යෙදය ශාසනාරක්‍ෂක සමිතිය, සුචරිතෝදය කුළඟන සමිතිය යන සමිති 
			සමාගම්වල සංවිධානයෙන් මේ මස 25 වන දින පැවැත්වේ. |