UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

77 වන කොටස

330. ඒකස්ස චරිතං සෙය්‍යො
නත්ථි බාලෙ සහායතා
එකො චරෙ න ච පාපානි කයිරා
අප්පොස්සු කෝ මාතංග රඤ්ඤෙව නාගො

දුදන ඇසුරට වඩා, තනිව වාසය වටී, තනිව දිවි ගෙවන විට මහා පව් සිදු නොවේ. දුදන අය, ඇසුරු කරනා විට දී පාඩුවක් පාපයක් ඔබ ලබා ගන්නේ ය.

331.
අත්ථම්හි ජාතම්හි සුඛා සහායා
තුට්ඨි සුඛායා ඉතරී තරෙන
පුඤ්ඤං සුඛං ජිවිත සංඛයම්හි
සබ්බස්ස දුක්ඛස්ස සුඛං පහානං

ලෝකයේ අප ලබන සෑම සැපතකට වඩා සසර දුක් නිමවීම අති උතුම් මහ සැපකි. නුවණ ඇස, ටිකෙන් ටික වැඩෙන විට, පෙර නොදුටු මහ සැපත් ඔබට හමුවන්නේ ය.

332.
සුඛා මත්තෙය්‍යතා ලොකෙ – අථො පෙත්තෙය්‍යතා සුඛා
සුඛා සාමඤ්ඤතා ලොකෙ – අථො බ්‍රහ්මඤ්ඤතා සුඛා

දෙගුරුන්ට මහණුන්ට, සැලකීම මහ සැපකි. රහතුන්ට සැලකීම අති උතුම් මහ සැපකි. පිදිය යුතු අය පුදනු ලැබීමෙන් සිතට ඇතිවන සතුට අමිල වූ මහ සැපකි.

333.
සුඛං යාව ජරා සීලං - සුඛා සද්ධා පතිට්ඨිතා
සුඛො පඤ්ඤාය පටිලාභො - පාපානං අකරණං සුඛන්ති

තිසරණය තුළ රැඳී, සිල් රැකුම මහ සැපකි, අරිය සස් දැන ගැනුම අති උතුම් මහ සැපකි. හදවතේ, ගුණ දහම් වැඩෙන විට සිතේ ඇතිවන සතුට මිල නොකළ හැක්කේ ය.

මතු සම්බන්ධයි

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 03.54 ට ලබයි.
22 වන දා බදාදා පූර්ව භාග 04.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 21 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 29 වනදා බදාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

පෙබරවාරි 21

First Quarterපුර අටවක

පෙබරවාරි 29

Full Moonපසෙලාස්වක

මාර්තු 07

Second Quarterඅව අටවක

මාර්තු 15

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]