අපට ජීවිතාලෝකය රැගෙන ආවේ සම්බුදු දහම යි
විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ, මතුගම
ධර්ම සෙන්දනායක සංවිධානාත්මක බව සැලසුම් සහිත බව, ජනතාවට
හුරුවූයේ බුදුදහම තුළිනි. නිවැරැදි ජීවන මාර්ගයක් තුළින් ධාර්මික දිවි
පැවැත්මක් කෙරෙහි ජනතාව
නැඹුරුවූයේ බුදුසමය තුළිනි
වසර 2500 කට අධික ශ්‍රේෂ්ඨ සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික
ජනතාවගේ ආගන්තුක සත්කාරය, එදිනෙදා දිවි පැවැත්ම හා සිතුම් පැතුම්
පිළිබඳව ඉංගී‍්‍රසි ජාතික රොබට් නොක්ස් මහතා විසින් ලියන ලද එදා හෙළ
දිව ග්‍රන්ථයේ ඉතා ඉහළින් සඳහන් කර ඇත. වරින් වර අප රටට පැමිණෙන
විදේශීය සංචාරකයෝ පවා ශ්‍රී ලංකාව පිළිබඳව තම ප්‍රසාදය පළ කරති. එවන්
ශ්‍රේෂ්ඨ ජාතියක් බිහි කිරීමට ඉවහල් වූ සිංහල සංස්කෘතිය ආලෝක්වත් වූයේ
මහින්දාගමනයෙන් පසු ශ්‍රී ලංකාවේ ස්ථාපිත වූ බුදුදහමේ ආභාසය ලැබීමෙහි.
මහින්දාගමනයත් සමඟ ශ්‍රී ලංකාව තුළ ඇති වූ පරිවර්තනය ජනතාවගේ ඇදහීම්
පමණක් නොව සාමාජික ආර්ථික, දේශපාලනික හා සංස්කෘතිය කෙරෙහිද මහත්
බලපෑමක් ඇති කළ බව විද්‍යමාන වෙයි.
ප්‍රාග් බෞද්ධ යුගයේ දී ගස් ගල් හා මළවුන් අදහමින් සිටි ජනතාවකට වඩාත්
අර්ථවත් වෘක්‍ෂ වන්දනාවත්, චෛත්‍ය වන්දනාවත් හඳුන්වාදීමෙන් ඔවුන්ගේ
ජීවිතවලට නව ආලෝකයක් හා සතුටක් ලබාදුන් අතර ජනතාවගේ ආධ්‍යාත්මය තුළද
යහපත් වෙනසක් ඇති කිරීමට බුදු දහම සමත් විය. එතෙක් පැවැති ඇදහීම් හා
විශ්වාස වලින් ඉවත් වී තම ජීවිත නව මඟකට යොමු කර ගැනීමට බුදුදහම මහත්
පිටිවහලක් විය. බුදුදහම පරලොව සඳහාම දෙසූ දහමක් නොවන බවත් මෙලොව ජීවිතය
සාර්ථක කර ගැනීමට ද ඒ තුළින් මහත් පිටිවහලක් ලැබෙන බව මහා මංගල
සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය, ව්‍යගඝපජ්ජ සූත්‍රය වැනි සූත්‍ර තුළින්
ශ්‍රී ලාංකික ජනතාවට අවබෝධ වූහ.
කාලාම සූත්‍රය, විමංසා සූත්‍රය වැනි සූත්‍ර තුළින් නිදහස් චින්තනයට
අවකාශ සැලසී ඇති බවද විද්‍යාමාන වේ.
දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු මහරහතන් වහන්සේ විසින් තමන් වහන්සේ
හඳුන්වාදුන් ‘සමණාමයං මහා රාජ – ධම්ම රාජස්ස සාවකා’ යන ගාථාවෙන් තිසරණය
පිළිබඳව දේශනා කළ අතර අනතුරුව දේශනා කළ ‘චුල්ල හත්ථි පදෝපම සූත්‍රය’
තුළින් බුදුගුණ මහිමය පිළිබඳවද සිංහලයින්ගේ හදවත් තුළ මනහර ලෙස සටහන්
තැබීමට හැකි විය. ‘විමාන වත්ථු’, ‘පේතවත්ථු’ කථා ශ්‍රවණය කළ ජනතාව පවට
බිය වී පින්දහම් කෙරෙහි නැඹුරු වූහ. දේවානම්පියතිස්ස, දුටුගැමුණු,
සිරිසඟබෝ, භාතිකාභය ආදී රජවරුන්ගේ රාජානුග්‍රහය මත බුදුදහමට නැඹුරුවූ
ජනතාව දිවි දෙවැනි කොට පන්සිල් රකින පිරිසක් බවට පත් වූහ. රොබට්
නොක්ස්ගේ එදා හෙළදිව ග්‍රන්ථයෙන් ද හෙළිවන්නේ මස් කෑමෙන් වැළකී, මත්
වතුරෙන් වෙන් වූ ශ්‍රේෂ්ඨ ජාතියක් එදා සිටි බවයි.
තිසරණය මනාව අවබෝධ කරගත් පන්සිල් රකින ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීමට
බුදුදහමින් ලැබුන ආභාසය නොලැබෙන්නට මේ දිවයින ද නොදියුණු පහත් ජාතියකගේ
රටක් වීමට ඉඩ තිබිණි. පෝය දිනවල අටසිල් සමාදන් වීමත්, නිරතුරුව
විහාරස්ථාන ඇසුරු කිරීමත් ජනතාවගේ, දෛනික පැවැත්මේ සුවිශේෂී අංගයන් බවට
පත්විය. පැවිදි උතුමන්ට සැළකීම මාපිය වැඩිහිටියනට සැළකීම, ගුරුවරුන්ට
සැළකීම වැනි සාරධර්ම කෙරෙහි අතීත ශ්‍රී ලාංකික සමාජය බෙහෙවින් නැඹුරු
වූයේ බුදුදහමේ ආභාසය තුළිනි. අනුරාධපුරයේ රජකළ අටවැනි අග්බෝ රජතුමා රාජ
සභාවට පිටත් වූයේ තම මෑණියන් නාවා, කවා පොවා සාත්තු කිරීමෙන් පසුව බව
සඳහන් වේ. සිරිසඟබෝ, භාතිකාභය වැනි රජවරු ධාර්මික ප්‍රතිපත්ති කෙරෙහි
මහත් නැඹුරුවක් දැක්වූහ.
ධර්මාශෝක රජතුමා සතුන් මැරීම තහනම් කළාක් මෙන්ම අප රටේ ද සතුන් මැරීම
තහනම් විය. ආමණ්ඩගාමිණී රජතුමා (ක්‍රි.ව. 19 – 29 ) මුලින්ම මාඝාත ආඥාව
පැණ වීය. ඉන් අනතුරුව හතරවැනි අග්බෝ, තුන්වැනි කාශ්‍යප, දෙවැනි මිහිඳු,
පළවැනි සේන යන රජවරුද මාඝාත ආඥාව පණවා ඇත. පළවැනි පරාක්‍රමබාහු රජතුමාද
ගොඩබිම හා ජලචර සතුන්ට අභයදානය දුන්නේ ය. කුඩා සතෙකු වුවද මැරීම බරපතල
වරදක් විය. සතුන්ට හිරිහැර කිරීම පවා දඬුවම් ලැබිය යුතු වරදක් විය.
බුද්ධදාස රජතුමා සතුන්ටද වෙදකම් කළ බව සඳහන් වෙයි. සොරකමද අතීතයේ
දඬුවම් ලැබිය යුතු වරදකි. සිරිසඟබෝ රජතුමා සොරකම් කරන්නන්ට මරණ දඬුවම
පමුණුවන බව ප්‍රකාශයට පත් කළේ ය. එහෙත් එය කිසි දිනෙක ක්‍රියාත්මක කර
නැත. සොරකම් කළ අය අල්ලා සිරගත කොට රහසින් නිදහස් කොට සොහොනෙන් ගෙනා මළ
සිරුරු රාත්‍රී කාලයේ දී පුළුස්සා දමා මරණ දඬුවම ක්‍රියාත්මක නරන බව
හැඟවීය. අතීතයේ දී සියලු ආභරණ පැළඳි කාන්තාවකට කිසිදු හිරිහැරයකින්
තොරව රට තුළ ඕනෑම තැනකට ගමන් කළ හැකිව තිබුණු බව පැවසීමෙන් හැඟී යන්නේ
ඉන්ද්‍රිය සංවරය සහිත ජාතියක් සිටි බවය.
එපමණක් නොව ජනතාවගේ එදිනෙදා ජීවිතයේ ඇවතුම් පැවතුම්වල ද මහත් වෙනසක්
ඇතිවිය. භික්‍ෂූන් වහන්සේගේ විනය නීති මාලාවට අයත් සේඛියා ධර්ම තුළින්
දානය වැළඳීමේ දී අනුගමනය කළයුතු සිරිත් විරිත් ගිහි සමාජයට ද මහත්
බලපෑමක් ඇති කිරීමට සමත් විය. භික්‍ෂූන් වහන්සේගේ චාම් දිවි පැවැත්ම
ගිහි සමාජයටද ආදර්ශයක් විය. බුද්ධ චරිතයෙන් මෙන්ම ශ්‍රාවක ශ්‍රාවිකා
චරිත හා ජාතක කතා තුළින් ද ජනතාවට මහත් ආලෝකයක් ලැබිණි. මහින්දාගමනයත්
සමඟ ඇරඹි සංස්කෘතියේ සුවිශේෂී අංගයක් වූ සාහිත්‍ය හා කලා ශිල්පද සිංහල
සංස්කෘතියේ හැඩගැස්වීමට අතිමහත් බලපෑමක් කළ බව කිව යුතුමය. මහා කරුණාව,
වැනි බුදුගුණ මූර්තිමත් කළ සුප්‍රසිද්ධ සමාධි ප්‍රතිමා, අව්කන,
මාළිගාවිල බුද්ධ ප්‍රතිමා හා රුවන්මැලි සෑය, ථූපාරාමය, අභයගිරිය,
ජේතවනාරාමය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආදී සිද්ධස්ථානද, ඒ හා සම්බන්ධ
සඳකඩ පහණ, මුරගල්, කොරවක්ගල් වැනි කලා නිර්මාණද ශ්‍රී ලාංකික සංස්කෘතිය
හෙළි කරන කැඩපත් බඳුය. අමාවතුර, බුත්සරණ, ධර්ම ප්‍රදීපිකාව සද්ධර්ම
රත්නාවලිය, බුදුගුණාලංකාරය, ලෝවැඩ සඟරාව, සුභාෂිතය වැනි සාහිත්‍ය
ග්‍රන්ථවලින්ද ශිෂ්ට සම්පන්න ජාතියකට ලැබුණ මඟ පෙන්වීම සුළුපටු නොවේ.
සංවිධානාත්මක බව සැලසුම් සහිත බව, ජනතාවට හුරුවූයේ බුදුදහම තුළිනි.
නිවැරැදි ජීවන මාර්ගයක් තුළින් ධාර්මික දිවි පැවැත්මක් කෙරෙහි ජනතාව
නැඹුරුවූයේ බුදුසමය තුළිනි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශීල කොටසට අයත් වූ
සම්මා ආජීව නොකළයුතු වෙළඳාම් තුළින් අධාර්මික මුදල් රැස් කිරීම වෙනුවට
ධාර්මික වූ ජීවන මාර්ගයකි.
සමාජයේ අසරණ බවට පත්වූ අයට කෙසේ සැළකියයුතුද යන්නද බෞද්ධයින්ට අමුතු
දෙයක් නොවේ. අතීත රජවරුන්ද ඒ සඳහා යොමු වූ බව ඉතිහාසයෙන් හෙළිවේ.
දන්සැල් පැවැත්වීම, දුගීන්ට ආහාරපාන, වස්ත්‍ර ලබාදීම වැනි කාර්යයන්
රජවරුන් විසින් සිදුකර ඇත. ‘අථිති බලි’ වැනි දානකටයුතු තුළින් ආගන්තුක
සත්කාරයට යොමුව සිටි බව පෙනේ. අදද ඒ බව වඩාත් තහවුරුවේ. 2004 දෙසැම්බර්
මස 26 වැනි දින ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ වල ජනතාව මහත් අසරණ බවට
පත්වූ සුනාමි ව්‍යසනයේ දී ජාති, කුල, ආගම් භේදයෙන් තොරව ජනතාව පිහිටවූ
අයුරු අපට මතකය. උතුරු නැගෙනහිර අසරණව සිටි ජනතාවට සෑම ප්‍රදේශයකම
ජනතාව ආහාරපාන හා වෙනත් අවශ්‍යතා ලබා දුන්හ.
මෙසේ ශ්‍රී ලාංකික ජනතාව අද ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්ව ඇත්තේ
ශ්‍රේෂ්ඨ සංස්කෘතියක උරුමය නිසා බව නොරහසකි. එම ශ්‍රේෂ්ඨ සංස්කෘතිය
බුදුදහමෙන් පෝෂණය වීම නිසාම අපට අද ආඩම්බර ජාතියක් වශයෙන් හිස ඔසොවා
සිටීමට හැකි බවද සඳහන් කළ යුතුමය. |