බෝ පවුර විවෘත කැරේ
			
			 
			මොරටුව අඟුලාන උඩුමුල්ල ශ්‍රී ආනන්දබෝධි විහාරයෙහි අභිනව බෝධි 
			ප්‍රාකාරය විවෘත කිරීම නිමිතිකොට පින්කම් මාලාවක් පැවැත්වීමට 
			විහාරාධිපති ශාස්ත්‍රපති හේනේගම අමරනන්ද හිමියන් ඇතුළු සංවිධායක කමිටුව 
			කටයුතු යොදා තිබේ. 
			ඒ අනුව පෙබරවාරි 05 වන දින සවස කොළඹ විශ්වවිද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ 
			කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ඇතුළු පැවිදි, ගිහි භවතුන්ගේ 
			සහභාගීත්වයෙන් ප්‍රාකාරය හා ප්‍රතිමා ගෘහය විවෘත කිරීමද රාත්‍රී 9 ට 
			පිරිත් දේශනයද පැවැත්වේ. විහාරාධිපතිව වැඩ විසූ කළුතර ශ්‍රී 
			ඤාණාවාසාභිධාන අනුනාහිමියන්ට පින් පැමිණවීමද පසුදින දවල් සිදුකෙරෙන බව 
			සංවිධායක කමිටුව පවසයි.  |