UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

බලවත් සමාධි උපදවා ගැනීමට නම්..

භාවනා මනසිකාරය නතර කරල එක පාරට ඇස් අරින්නෙ නෑ. අපි සිතනව සමාධියෙන් නැඟී සිටිමු කියලා, එහෙම නැත්තම් සමාධිය බැස යත්වා කියල හිතනව. අප සිත එක අරමුණක පවත්වන්ට නේ මහන්සි වුණේ, මේ විදිහට සිතපුවම ඒ අරමුණෙන් අපි බැහැර වෙලා සාමාන්‍ය ස්වභාවයට සිත පත්වෙනව. ඒකයි වෙන්නෙ. කලකදී සමාධිය තුළ ටික ටික සිත එකඟ වෙන්ට වෙන්ට අපිට සිද්ධ වෙන දේ තේරෙනවා. එතෙක් අපි ආරම්භයේ ඉදලම සමාධිය තිබුණා හෝ නොතිබුණා හෝ භාවනාවෙන් නැඟිටින්ට කලින්, ඇස් අරින්ට කලින් සමාධිය බැසයත්වා කියල සිතල ඇස් අරින්ට පුරුදු වෙන්ට ඕනෑ. එතකොට අපිට සමාධියෙන් නැඟී සිටීමේ කුසලය ඒ විදිහට මුල ඉඳල පුරුදු කරන්ට පුළුවන් කමක් තියෙනව.

ඊට පස්සෙ යම් විදියකින් අපිට පළවන ධ්‍යානය, දෙවන ධ්‍යානය මේ ආදී බලවත් වූ සමාධියකට සිත දියුණු කර ගන්ට පුළුවන් වුණොත්, සමථය බලවත් කරගන්ට පුළුවන් වුණොත්, අන්න ඒ වගේ වෙලාවකදී සමාධියට සම වැදීමේ කුසලතාව, සමාධිය පැවැත් වීමේ කුසලතාව, ඒ වගේම නැඟී සිටීමේ කුසලතාව කියන කුසලතාවන් තුනම පුරුදු කරගන්ට ඕනෑ.ඒක පුහුණුවීමත් එක්ක කරන්ට පුළුවන් දෙයක්.

බලවත් සමාධි ඇති කර ගැනීම පිණිස උපකාර වන ඊළඟ කාරණාව තමයි සකසල වඩනවාම කියන එක. ඊළඟ එක මොකක්ද? නිතර පුරුදු කරනවා කියන එක. ඊළඟ එක, සමාධියට හානි කෙරෙන දේවල් නොකර සිටීම. එතකොට අපි අන්න ඒ කරුණුත් ඉගෙන ගන්ට ඕනෑ. විශේෂයෙන් මතක තියා ගන්ට අප මුලින් කිව්ව කාරණා. සමාධියට සම වැඳීම, සමාධියෙන් නැඟී සිටීම, සමාධිය පවත්වන්ට හැකි බව. මෙන්න මේ කුසලතා යම් කෙනෙකුට නැත්තම්, එයාට අරූප සමාධි වල දී “නේවසංඤ්ඤාණාසංඤ්ඤායතන සමාධිය” උපදවා ගන්ට බෑ. එයා නොකළ යුතු යි. මතක තියා ගන්ට. එතනින් එහාට නිරෝධ සමාධියට යන්ටත් එයාට බෑ. එයත් නොකළ යුතුයි. එයාට ඊට මෙහා සමාධියකට සමහර විට යන්ට පුළුවන්. සම වැඳීමේ කුසලතාව සමාධිය පවත්වන්ට පුළුවන් හැකියාව, සමාධියෙන් නැඟී සිටීමේ හැකියාව, කියන මේ හැකියා දුබල කෙනෙකුට වුණත් “ආකාසඤ්ඤායතනය, විඤ්ඤාණඤ්ඤායතනය, ආකිඤ්චඤ්ඤායතනය’ වගේ සමාධි වලට යන්ට පුළුවන් වෙයි. නමුත් එතනින් එහාට එයා යන්ට උත්සාහ නොකළ යුතුයි. මොකද ඒ සමාධි ඉතා සියුම්, බලවත් සමාධි. සමාධි කුසලයන් එයා තුළ නැත්නම් ඒ වගේ බලවත් සමාධියකට එයා ගිහිල්ල ඒවා දියුණු කර ගන්ට පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. සමාධියෙන් නැගී සිටින්ට නොහැකි වීම නිසා ලොකු ගැටලු ඇති වෙනවා.

ඒ නිසා, තමන්ට ඒ කුසලතාවන් නැත්තම්, ඒ වගේ සමාධි වලට සමවදින්ට උත්සාහ නොකර ඉන්ට මතක තියා ගන්ට ඕනෑ. ඊළඟට මෙතනදි අප බලවත් සමාධි කියල කිව්වහම අපි සිතමු. යම් කෙනෙකුට ධ්‍යාන හතර උපදවා ගන්නට පුළුවන් කම තියෙනව. අරූප සමාධිත් උපදවා ගන්ට පුළුවන් කියල සිතමු. ඒ සමාධි උපදවාගත්ත පමණින්ම ඒ සමාධිය සම්පූර්ණයෙන් බලවත් සමාධියක් නොවෙයි. අප උපදවා ගන්නා වූ ධ්‍යාන සමාධි තව දුරටත් බලවත් කර ගන්ට ඕනෑ. බලවත් සමාධි බවට පත්කර ගන්ට ඕනෑ.

දැන් අපි මේ කුසලතා හයක් ගැන කතා කරනව නේද? අන්න ඒ කාරණා හය පුරුදු නොකොළොත් ආශ්‍රව දඩු වීම දක්වා බලවත් වූ සමාධි ඇති කරගැනීමට බැරි වෙනවා. සමහර විට කෙනෙකුට ධ්‍යාන සමාධියක් උපදව ගන්ට පුළුවන් වෙයි. නමුත් අපි අද මේ ඉගෙන ගන්නා ධර්මයන් හය පුරුදු නැති කෙනාට, දන්නෙ නැති කෙනාට, පුරුදු නොකරන කෙනාට ඒ උපදවා ගන්න ධ්‍යාන සමාධිය බලවත් බවට පත් කරගන්ට බැරුව යනව.

ඒ නිසා අද ඉගෙන ගන්නා වූ කාරණා ටික හොඳින් මතක තියාගෙන ඒවා පුරුදු කර ගන්ට උත්සාහ ගන්න. විශේෂයෙන් සමාධිය සකසල වඩනව කියන කාරණාව හොඳින් තේරුම් ගන්න.

මතු සම්බන්ධයි

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 22 වන දා ඉරිදා අපරභාග 02.23 ට ලබයි.
23 වන දා සඳුදා අපර භාග 01.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 22 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 31 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]