දුරුතු අමාවක ජනවාරි 22 වනදා ඉරිදා
ලෞකික සුවය
අභිබවන සුවය
ලෞකික දියුණුව සහ ලෝකෝත්තර දියුණුව යන දෙආකාර දියුණුවම සලසා ගත
යුත්තේ තමා විසින් ම ය.
ලෞකික දියුණුව නම් ඕනෑම පුද්ගලයකු මේ ලෝකය තුළ දී ලබන මූලික
භෞතික දියුණුව යි.
එම ලෞකික දියුණුව සේ ම ලෝකෝත්තර දියුණුව ද උදාකර ගන්නා අයුරු
ව්‍යග්ඝපජ්ජ, සිඟාලෝවාද ආදි සූත්‍ර‍්‍ර දේශනා මෙන්ම ධම්ම පදය
ආදි ධර්ම ග්‍රන්ථයන්හිද සඳහන් වේ.
මේ ලෝකයේ දී ලබන ලෞකික දියුණුව පතන කවර අයකුට වුවද භවභෝග සැප
සම්පත් අවශ්‍ය වේ.බෞද්ධයා වෙත දැහැමි ධනෝපායනයට මාර්ග පෙන්වා
දී ඇත්තේ ද එබැවිනි.
පුද්ගලයා දහඩිය මහන්සියෙන් දෑතේ දෙපයේ වීර්යයෙන් දැහැමි ලෙස
ධනය එක් රැස් කළ යුතු වේ.
ස්වකීය අවශ්‍යතාවයන් සඳහා ඒ ධනය යොදවා කටයුතු කළ යුතු වේ. තමන්
දහඩිය මහන්සියෙන් දුකසේ උපයා ගත් ධනය ගොඩ ගසා ගැනීමෙන් පමණක් ද
සෙතක් නොවේ.
ධනය බුද්ධිමත් ව සහ සාධාරණව වැය කළ යුතු ආකාරය බුදුදහම හඳුන්වා
දෙයි.
තමන් විසින් උපයන ධනය සිවු කොටසකට බෙදා ඉන් එක් කොටසක්
ප්‍රයෝජනයට ගත යුතු වේ. ඉතිරි දෙ කොටසක් මතු දියුණුව සදහා වැය
කළ යුතු වේ. සිවු වන කොටස ආපදාවක දී කරදරයකදි ප්‍රයෝජනයට ගැනීම
පිණිස ආරක්ෂාකාරී අයුරින් තැන්පත් කර තැබිය යුතු වේ.
මෙසේ බුද්ධිමත්ව ධනය පරිහරණය කරන්නේ නම් පරිභෝජනය මෙන්ම ධනය
ආයෝජනය සහ ධනය සංරක්ෂණයද සිදු වන අයුරු පැහැදිලි වෙයි.
ධනය හරි හම්බ කිරීම පමණක් නොව අය වැය ද දැන ජීවිකාව ගෙනයා යුතු
වේ.එසේ නොකර ධනය ගොඩ ගසා ගැනීමෙන් පමණක් කිසිදු යහපතක් අත්
නොවනු ඇත.
තමා දැහැමින් උපයා ගත් ධනයෙන් තම සුව පහසුව සලසා ගන්නා සේ ම
මූලික යුතුකම් පහක් ද ඉටු කළ යුතු වේ. පංච බලි නමින් ද සම්බුදු
දහමෙහි දැක්වෙන එය පංච විධ යුතුකමයි.
එම පංච බලි නම් ඤාති බලි, අතිථී බලි, රාජ බලි, දේව බල සහ
පුබ්බපේත බලි වේ. ආගන්තුක සංග්‍රහයත්, රජයට ගෙවිය යුතු බදු
ගෙවීමත්, ආගමානුකුල කටයුතු සඳහා යෙදවීමත් මළ ගිය ඤාතීන්
වෙනුවෙන් දන්දීම් ආදි කටයුතු සිදු කිරීමත් ඉන් අදහස් කෙරෙයි.
මෙසේ යුතුකම් ඉටුකරන පුද්ගලයා මෙ ලොව මෙන් ම පරලොවදී සතුටට පත්
වෙයි. සැනසුම උදා කර ගනී.
භෞතික සියලු සැප සම්පත් අභිබවා ශ්‍රේෂ්ඨ ධනයක් බුදුදහම මගින්
විස්තර කරදෙනු ලැබේ. එය නම් සප්තාර්ය ධනයයි. එම සප්තාර්ය ධනය
නම් සද්ධා , සීල, හිරි ඔත්තප්ප, පඤ්ඤා , සුත, චාග යන එම ධන
හතයි.
ධනය තිබූ පමණින්ම පුද්ගලයාට ලබා ගත නොහැකි දේ බොහෝ ය. ඒ අතර
ධනය කෙතෙක් තිබුණාද තමා පිටුපසින් කිසි කලෙක ධනය ගමන් කරන්නේ
නැත.
තම සෙවණැල්ල මෙන් තමා පසුපස ගමන් කරනුයේ ඒ ධනය යහපත් ලෙස වැය
කරමින් සිදුකළ යහපත් කාර්යයන්හි ප්‍රතිඵල පමණි.
මින් ගම්‍ය වන කරුණ නම් භෞතික සම්පත් කොතෙක් තිබුණද එපමණින් ම
ලෞකික දියුණුව උදාකර ගත නොහැකි බවය.
භෞතික සම්පත් කොතෙක් තිබුණද එහි අවසානය දුක් සහිතය. එමෙන් ම
තාවකාලිකය.
ඒ තාවකාලික වූ සුවයෙන් තොර තත්වයක් ලෙස ලෝකෝත්තර සුවය අගය
කැරේ. ලෞකික දියුණුවෙන් ඈතට ගිය දියුණුව ප්‍රඥාමය මෙන් ළඟාකරගත
යුතු දියුණුව ලෙස සැලකේ.
පුද්ගලයාගේ දුක් සහිත භවගාමී දිවියෙන් අත්මිදීමට ඒ ලෝකෝත්තර
දියුණුව පතා අධ්‍යාත්මික සංවර්ධනය කරා යොමු විය යුතු වේ. |