UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මා පිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනම 2012 ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම්පත් කැඳවයි

2011 අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා ඇති අඩු ආදායම් ලාභී පවුල් වල සිසු දරුවන්ගෙන් ජනවාරි මස 31 දින දක්වා මෙවර ඉල්ලුම්පත් කැඳවා ඇතැයි කියති. මා පිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනම, වඩාත් පුළුල් වූ සාර්ථක වූ මෙහෙවරකට පා තබමින් මෙවර ද ප්‍රදානය කෙරෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව විවිධ විෂය ක්‍ෂේත්‍රයන් ඔස්සේ ව්‍යාප්ත කර ඇත.වෛද්‍ය, ඉංජිනේරු, කළමනාකරණ, නීති පීඨ සහ (විද්‍යා, ගණිත, කලා) ක්‍ෂේත්‍රයන් ඔස්සේ ද සුදුසුකම් ලබා ඇති අඩු ආදායම් ලාභි පවුල් වල සිසුනට මෙම වසරේ ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කල හැකි බවද කියයි.මෙවර තෝරාගනු ලබන ශිෂ්‍යත්ව ලාභීන් වෙත, විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ පළමු වසර තුළදී මසකට රුපියල් 1500/- බැගින් මාසිකව වාරික 12 ක් අඛණ්ඩව ශිෂ්‍යාධාර පිරිනමනු ලැබේ.

ඉල්ලුම් පත් අයදුම්කරුවන් විසින්ම තම අත්අකුරෙන්ම සකස් කරගත යුතුයි. එහි සම්පූර්ණ නම, ලිපිනය, උපන්දිනය, ජාතික හැඳුනුම් පත් අංකය, සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයන් (නිවස/ ජංගම / ඥාති /අසල්වැසි හිතවතෙකුගේ) සහ පවුලේ සාමාජිකයින් සංඛ්‍යාව, ඔවුන් නිරත කාර්යයන් පිළිබඳව පැහැදිලි විස්තරයක් ද ඇතුළත් විය යුතු අතර, තම අත්සන යොදා පහත සඳහන් ලිපි ලේඛන සමගින් ඉදිරිපත් කළ යුතු බවද කියයි.

1. අ.පො.ස. (උ.පෙළ) 2011 විභාග ප්‍රතිඵල ලේඛනයේ, විදුහල්පති මගින් සහතික කරනු ලැබු ඡායාපිටපතක් සහ අ.පො.ස. (සා.පෙ. ප්‍රතිඵල ලේඛනයේ ඡායාපිටපතක්

2.පවුලේ සාමාජික සංඛ්‍යාව, මාසික ආදායම්, සහ ලබන වෙනත් දීමනා පිළිබඳව ග්‍රාම සේවක නිලධාරි මගින් සහතික කරනු ලැබූ ලිපියක්

3.අයදුම්කරු ස්ථිර පදිංචිය ලබා ඇති ග්‍රාමයේ යාව ජීව දායකත්ව ලබා ඇති පුජණීය ස්ථානයේ නායක පූජ්‍ය උතුමාණන්ගෙන් ලබාගත් චරිත සහතිකයත්.

4. මෙම ශිෂ්‍යත්වය ඉල්ලුම්කිරීමට අව්‍යාජ හේතු මුහුණ පා ඇති ආර්ථික ගැටළු ආදිය සඳහන් කරමින් විස්තරාත්මකව තම අත් අකුරෙන්ම ලියනු ලැබූ ලිපියක්. (විශ්වවිද්‍යාලයක ලියා පදිංචිය ලද විගස ඒ බව තහවුරු කරමින්, විශ්ව විද්‍යාලය මගින් ලබාගත් ලිපියක් ද යථා කාලයේ දී ඉදිරිපත් කලයුතුව ඇත)

තමා විසින් සකස් කරගනු ලැබූ ඉල්ලුම්පත්‍රය, ඉහත අංක (1-4) හි සඳහන් ලිපි ලේඛන සමගින් 2012 ජනවාරි මස 31 දිනට පෙර පහත සඳහන් ලිපිනයට යොමුකල යුතුය. වැඩිවිස්තර සඳහා දුරකථන අංක 0112877950 විවෘතව ඇත.

අධ්‍යක්‍ෂිකා සීතා ගුණතිලක මහත්මිය,
“මා පිය අනුස්මරණ ශිෂ්‍යත්ව පදනම”
392/2, පෙරේරා මාවත
කොටුවේගොඩ, රාජගිරිය

 
දුරුතු අමාවක පෝය

දුරුතු අමාවක පෝය ජනවාරි 22 වන දා ඉරිදා අපරභාග 02.23 ට ලබයි.
23 වන දා සඳුදා අපර භාග 01.14 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 22 වනදා ඉරිදා ය.

මී ළඟ පෝය
ජනවාරි 31 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 22

First Quarterපුර අටවක

ජනවාරි 31

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 07

Second Quarterඅව අටවක

පෙබරවාරි 14

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]