| 
			 
			  
			74 වන කොටස බණ්ඩාර මඩුගල්ලේ 
			 
			318 ) අවජ්‍රේ වජ්ඡ මතිනො - වජෙඡ’ වජ්ජ දස්සිනො  
			මිච්ඡාදිට්ඨිසමාදානා - සත්තා ගච්ඡන්ති දුග්ගතිං 
			නිවැරැද්ද වැරැදි ලෙස - වැරැදි නිවැරැදි  
			ලෙසට – දකින්නෝ නිසැක ලෙස - අපාගත වන්නෝ ය. 
			නැණවතුන් – අනුව දිවි ගෙන යන්න – ජීවිතේ සඵල  
			බව - එවිට ලං වන්නේ ය. 
			 
			319 ) වජ්ජඤ්ච වජ්ජතො ඤත්වා - 
			අවජ්ජඤ්ච අවජ්ජතො 
			සම්මාදිට්ඨි සමාදානා - සත්තා ගච්ඡන්ති සුග්ගතිං ති 
			වැරැදි දේ වැරැදි ලෙස - නිවැරැද්ද නිවැරැදිව -  
			දකින්නා නිසැකවම - සුගතියට යන්නේ ය. 
			ජීවිතේ - සඵල බව ලැබෙන්නේ – නිවැරැදිව  
			සිතන්නට – පුරුදු වන්නා පමණි. 
			 
			නාග වග්ගය
			
			320 ) අහං නාගො ව සංගාමේ – චාපාතො පතිතං සරං 
			අතිවාක්‍ය තිතික්ඛිස්සං - දුස්සීලොහි බහුජ්ජනො 
			යුද බිමට ගිය ඇතුට – ලැබෙන පීඩා දරයි. –  
			එසේ ලෝකයෙන් එන – පීඩා ද දැරිය යුතු. 
			පීඩාව දරාගත නොහැකි නම් – ජීවිතේ සඵල බව - 
			ඔබට හිමි නැත්තේ ය. 
			 
			321 ) දන්තං නයන්ති සමිතිං - දන්තං රාජා’භි රූහති 
			දන්තෝ සෙඨො මනුස්සේසු - යොතිවාක්‍යං තිතික්ඛති 
			සිතක් දමනය වීම – ඉතාමත් වැදගත් ය. –  
			එසේ වූ තැනැත්තා - ලොව උතුම් වූ කෙනෙකි. 
			දමනයෙන් - සුසංවර වූ සිතැ ති – තැනැත්තෝ  
			ලෝකයෙන් – නිතර සැලකිලි ලබති. 
			 
			මතු සම්බන්ධයි 
			  |