|
70 වන කොටස |
302 දුප්පබ්බජ්ජං දුරභිරමං - දුරාවාසා ඝරා දුඛා
දුක්ඛෝ සමානසංවාසො - දුක්ඛානුපතිතද්ධගු
තසිමා නවද්දගු සියා - දුක්ඛානුපතිතො සියා
ගිහි ගෙදර මහ දුකකි. – එහි කිසිම සැපක් නැත.
සසර දුක් නිමාවට - ලොවුතුරා විය යුතු ය.
හිතවතුනි, ජීවිතය සුවපත්ව ගෙවෙන්නට
තුන් දොරින් සංවරව - දවස ගත කළ යුතුය.
303 සද්දෝ සීලෙන සම්පන්නො - යසොභොග සමප්පිතො
යං යං පදෙසං භජති – තත්ථ තත්ථෙව පුජිතො
සුසිල්වත් ධනවතා - සෑම පෙදෙසකදී ම – අනුන්ගේ
සැලකිල්ල ලබා සැනසෙන්නේ ය.
හිතවතුනි, ධනවතකු - සුසිල්වත් නොවේ නම් –
ගුණවතුන්ගෙන් ඔහුට - සැලකිල්ල හිමි නොවේ.
304 දුරෙ සන්තො පකාසෙන්ති – හිමවන්තොච පබ්බතො
අසන්තෙත්ථ න දිස්සන්ති – රත්ති ඛිත්තා යථා සරා
තුන් දොරින් සුසංවර – චරිතවත් වූ අයට –
උතුම් අයගේ පිහිට – නිතර හිමි වන්නේ ය.
හිතවතුනි, ලෝකයෙන් – කරුණාව ලැබෙන්නේ -
සංවරව කල දවස - ගෙවන්නේ නම් පමණි.
305 එකාසනං ඒකසෙය්‍යං - ඒකො චරමතන්දිතො
එකො දමයමත්තානං - වනන්තෙ රමිතො සියා’ ති
හුදෙකලාවේ රැඳී – අලසකම් හැර දමා - වන පෙතක
නතර වී – මනස මෙහෙයා ගන්න.
හිතවතුනි, හුදෙකලා - පසුබිමක රැඳීගෙන –
මනස හසුරුවාගෙන – දියුණුවට යා හැකි ය.
මතු සම්බන්ධයි
බණ්ඩාර මඩුගල්ලේ |