බුදුදහමට අනුව ජීවත්වන
පරිසරයක ගැටලු නෑ
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ
මහා ලේඛකාධිකාරී
මහාචාර්ය
වරාගොඩ පේමරතන හිමි
මැවුම්කාර ලෝකයක් ගැන ජනතාවගේ සිත් මුල් බැසගෙන තිබූ අවදියක ලෝකයේ යථා
ස්වභාවය ඉදිරිපත් කරමින් ජනතාව දුකින් මුදා ගැනීමට බුදුරජාණන් වහන්සේ
කටයුතු කළා.
එය ලෙහෙසි පහසුකාරියක් වුණේ නැහැ. උන්වහන්සේට එල්ල වූ ගැරහුම් චෝදනා
තාඩනපීඩන නිමක් නැති තරම්. සුන්දරී පරිබ්‍රාජිකාවගේ සිද්ධියත්,
චිංචිමානවිකාවගේ සිද්ධියත් මේ අතරින් බරපතළම සිද්ධීන් දෙකක් ලෙස
සලකන්නට පුළුවන්.
දෙව්දත් තෙරුන්ගේ එදිරිවාදිකම් මෙන්ම ශාසනය තුළම මතු වූ අර්බුද හමුවේද
නොසැලී සිටි උන්වහන්සේ සත්ත්වයා නිසිමඟට යොමුකිරීම කිසි ලෙසකින් හෝ අඩු
කළේ නැහැ. මැවුම්කාර දෙවියකුගේ හෝ දෙවියන් වහන්සේ මුල් කරගත් ආගමික
දර්ශනයන් හමුවේ තම සත්‍යය ධර්මය දේශනා කිරීමට උන්වහන්සේට සිදුවුණා.
සියල්ලටම හේතුව මුල්වන බව පෙන්වා දුන් බුදුපියාණන් වහන්සේ හේතුඵලවාදය,
පටිච්ච සමුප්පාදය මැනවින් ලෝකයා හමුවට දේශනා කළා. හරසුන් දර්ශනයන් මෙන්
නොව න්‍යායාත්මකව ඉදරිපත් කළ බුදුදහම ඉක්මනින් ප්‍රචලිත වුණේ එහි
කිසිදු බලකිරීමක් නොතිබුණ හෙයිනි.
බුදුදහම වසර 2600 ක කාලයක් නොනැසී පවතින්නේද එහි ඇති මෛත්‍රීය හා
සමානාත්මතාව ප්‍රධාන කරගත් ගුණාංග නිසයි. බුදුරදුන් උපන් ඉන්දියාවටවත්
බුදුදහම ආරක්ෂා කර ගන්න බැරිවුණා. ඒත් අවුරුදු 2000 කටත් වැඩි කාලයක්
මෙරට බුදු දහම ස්ථාපිතව පැවතුණා.
මිහිපිට ජීවය තියෙන තුරුම පැවතිය යුතු ආගමක් ලෙස බුදුදහම හඳුන්වා දෙන්න
පුළුවන්. ඇත්තෙන්ම බුදුදහම හොඳ ජීවන මාර්ගයක්. බුදුදහම අනුව ජීවත්වන
පරිසරයක ගැටලු, අර්බුද දකින්න නැහැ.
ලංකාවෙන් දැන් බොහෝ රටවලට බුද්ධාගම පැතිරෙන තත්ත්වයක් තියෙනවා.
විශේෂයෙන් යුරෝපා රටවලත් ඊට අමතරව මේ වනවිට අපි‍්‍රකාවෙත් ලතින්
ඇමරිකාවෙත් බුද්ධාගම පැතිර යාමේ හොඳ සම්භාවිතාවක් තියෙනවා. විශේෂයෙන්ම
දකුණ අපි‍්‍රකාව, ටැන්සානියාව, වැනි රටවල ලංකාවෙන් වැඩම කළ භික්ෂූන්
වහන්සේ මාර්ගයෙන් බුදුදහම පැතිර ගොස් තියෙනවා. මේ තත්ත්වය තවත්
ව්‍යාප්ත වන තත්ත්වයක් තියෙනවා.
විදේශීය රටවල බුදුදහම ව්‍යාප්ත වන ආකාරය දෙස බැලුවහම අපේ රටේ බුදුදහම
සම්බන්ධව සෑහීමකට පත්වන්න පුළුවන් තත්ත්වයක් නැහැ. කොයි දේ වුනත්
කාලයක් යනකොට එපා වෙනව. ඒක තමයි සැබෑ තත්ත්වය. ‘නිතර දකින කුකුළගේ කරමල
සුදුයි’ කියලා කියමනක් තියෙනවනෙ. කාලයක් යනකොට ආගම් දර්ශන වලටත් යම්
යම් බලපෑම් එකතුවීම් අඩුවැඩිවීම් වෙන්න පුළුවන්.
කොහොම වුණත් අතීතයේ අපේ රටේ බුදුදහමට තිබුණ තත්ත්වය ගැන අපි හිතල බලන්න
ඕන. දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ සංකේතය බවට පත්වුණා විදේශිකයන් පවා
අවසානයේ දළදා වහන්සේ රාජ්‍ය උරුමයේ සංකේතයක් ලෙස පිළිගත්තා. දුටුගැමුණු
රජතුමා තමන්ගේ යුද කටයුතු සඳහා උපදෙස් ගත්තෙත් භික්ෂූන් වහන්සේලාගෙන්.
මේ තත්ත්වය වරදවා තේරුම් නොගත යුතුයි. මිනිසුන් ඝාතනයට හාමුදුරුවන්ගේ
සහාය ලබා ගත්තා කියලා. යුද පෙරමුණේ භික්ෂූන් වහන්සේලා ඉදල තියෙනවා. මේ
සියල්ල පරසතුරු උවදුරෙන් රටත් ජාතියත් ආගමත් බේර ගන්න කරපු දේවල්.
දුටුගැමුණු රජතුමා රට බේරගත්තට පස්සේ දස මහයෝධයන්ගෙන් එක් අයෙක් පැවිදි
වුණා.
මේ ආකාරයට පොළොන්නරු යුගය දක්වාම බුද්ධාගම හොඳින් පැවතුණා. ලෝවාමහාපාය,
වැනි නිර්මාණවලින් බුදු දහමේ අප නොදකින නොදුටු පැති විග්‍රහ කර
තිබෙනවා. ලෝවාමහාපායේ අධ්‍යාත්මිකභාවය අනුව මහල් වෙන් කරල තිබුණු බව
ඉතිහාසයේ සඳහන් වෙනවා. රහතන් වහන්සේ ඉහළම මාලයෙත් ඊට පහත මාලයේ අනාගාමී
ඵල ලැබුවන් ද යන ආකාරයටම මහල් වෙන්කර තිබෙනවා. මෙයින් අපට පැහැදිලි
වන්නේ බුදුදහම අනුරාධපුර යුගයේදී මැනවින් බැබළුනු බවයි.
ඒ වගේම පරණවිතාන මහතාගේ කෘතියෙක සඳහන් වනවා රුවන්වැලි සෑයේ පාදමේ සිට
ඉහළටම විහිදී ගිය ගල් කණුවක් තියෙන බව. ඒ ආකාරයට ගල් කණුවක් කෙලින් කළේ
කොහොමද? මේ සියල්ලම බුදු දහමින් පෝෂණය වූ කලා නිර්මාණ සීගිරිය වගේ
විස්මිත නිර්මාණ අපට දායාද වුණේ් අපේ කාලාන්තරයක තිස්සේ මුල් බැසගත්
බුදුදහම නිසයි.
බුදුරජාණන් වහන්සේගේ දහමේ ප්‍රඥාවන්තයන්ට මිස බාලයන්ට තැනක් නැහැ. ඒ බව
පැහැදිලිව දක්වා තිබෙනවා. ඒකෙන් අදහස් කරන්නේ දැනුම නැති අය වෙන්
කරනවා කියන වැරැදි මතයක් නොවෙයි. දැනුම ලබා ගැනීම, වර්ධනය කර ගැනීමට
බුදුදහමේ ඕනෑතරම් උපදෙස් මාර්ග තියෙනවා.
පඤ්ඤාවන්තස්ස නාය ධම්මෝ
දුප්පඤ්ඤස්ස
මගේ ධර්මය ප්‍රඥාවන්තයන්ට මිස මෝඩයන්ට නොවේ. මේ බුදුරදුන්ගේ දේශනාවයි.
මෙලොව බිහිවන ඕනෑම අයෙකුට පොදු ලක්ෂණයක් තිබෙනවා. ඒ ‘නොදැනීම’ යන
ධර්මතාවයයි. නොදැනීම සමඟ බිහිවන තැනැත්තාට ගමන් කිරීමට මාර්ග දෙකයි
ඇත්තේ. නිසි ගුණ දහම් පුරමින් ගමන් කළ හැකි යහපත් මාර්ගය සහ ගුණ දහම්
නොපුරමින් යාමට හැකි අයහපත් මාර්ගයයි.
යහපත් මාර්ගය පෙන්වා දීම භික්ෂූන් වහන්සේගේ වගකීමයි. පන්සල නමැති
පූජනීය ස්ථානය, ඒ සඳහා මුල් වී කටයුතු කළ යුතුයි. දානය, පි‍්‍රයවචන,
සමානාත්මතා, මෛත්‍රිය, අහිංසාව වැනි ගුණංග පන්සල ඇසුරු කරගෙන ළංකර ගත
හැකි ගුණාංගයි.
නමුත් අද සුළු පිරිසක් භික්ෂූන්ගේ ක්‍රියාකාරීත්වය නිසා පන්සලට යම් යම්
අපවාදයන් එල්ල වන තත්ත්වයක් උදාවෙලා තියෙනවා.
පන්සල, විහාරස්ථානය කේන්ද්‍ර කරගත යුත්තේ ජනතාව සුමඟට යනු ලබන යහමඟට
යොමුකළ යුතු කාර්යයන්ටය. විහාරස්ථානය ජනතාවගේ මඟ පෙන්නුම්
මධ්‍යස්ථානයක් මිස ජනතාවට ආර්ථික ශක්තින් ලබාදෙන ස්ථානයක් නොවේ.
ආර්ථික ශක්තිය ඇතිකර ගැනීමට අවශ්‍ය උපදෙස් හෝ ලබා දෙනවා. ආර්ථික
ප්‍රශ්නත් සමඟ ජනතාව විහාරස්ථානයෙන් ඈත්වන ලකුණු පෙනෙන්නට තියෙනවා.
ඇතැම් සංවිධාන ජනතාව නොමඟ යැවීමත් මේ දුරස්වීමට හේතු සාධක වී තිබෙනවා.
පන්සලෙන් මොනවද දෙන්නෙ?
මේ ප්‍රශ්නයන්ට බොහෝ බෞද්ධයන්ට දෙන්න උත්තර නැහැ. ඒ නොදැනීම නිසයි.
භික්ෂූන් වහන්සේට සිවුපසයෙන් ඇප උපස්ථාන කිරීම ගිහියන්ගේ පිළිවෙතයි. ඒ
උදෙසා භික්ෂූන් වහන්සේගෙන් අවවාද උපදෙස් අනුශාසනා ලැබෙනවා. භික්ෂූන්
වහන්සේ ගිහියාට ආධ්‍යාත්මිකත්වය වෙත යාමට මඟ පෙන්වීම කරනු ලබනවා.
දායකයන්ගේ ගෙවල් දොරවල් කටයුතු කුඹුරු අස්වැද්දීම් ආදී කටයුතු උදෙසා
විහාරස්ථානයේ දායකත්වය ලබාදීමක් සිදු කෙරෙන්නේ නැහැ. ගිහියන්ට ප්‍රත්‍ය
ලබාදීමක් පන්සලෙන් කෙරෙන්නේ නැහැ.
වෙනස් ආගමික ආයතනවලින් එවැනි ගිහියන්ට අවශ්‍ය විවිධ ප්‍රත්‍ය ලබාදීම
පුරුද්දක් වශයෙන් කරනු ලබනවා. සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ගමේ ඉන්න
දුගී පවුලට නිවසක් සාදාදීම වැනි කාර්යයන් සිදු කෙරුණත් ගිහියන්ගේ
වෙනත් ගෘහස්ථ කටයුතු උදෙසා භික්ෂූන් වහන්සේ මැදිහත් වීමක් සිදු
කෙරෙන්නේ නැහැ.
බෞද්ධයන් විහාරස්ථානයෙන් ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු නොවිය යුතුය.
බෞද්ධයන් හෝ අන්‍ය ආගමිකයන් හෝ තමන්ගේ ප්‍රයෝජනයට වාසියට විහාරස්ථාන හෝ
වෙනත් ආගමික ස්ථාන කරා යා යුතු නැහැ. එසේ පෞද්ගලික යමක් අපේක්ෂාවෙන්
යනවානම් ආගම දහම කෙරෙහි නිසි භක්තියක් ලැදියාවක් තියෙනවා යැයි කියන්න
බැහැ.
වැඩිහිටියන් පමණක් නොව දරුවන් පවා නිසි මාර්ගයට ගැනීමට සැවොම එක්ව
ක්‍රියාකළ යුතුය. අපේ දරුවන්ගේ දැනුම ඇතැම් විට මොට වෙලා.
අපේ දරුවන්ගේ දැනුම මොට වීමට ප්‍රධාන හේතුව පරිගණකය සහ රූපවාහිනිය යි.
මේ භාණ්ඩ දෙකම දැනුම වර්ධනය කර ගැනීමට තිබෙන උපකරණයක් වුණත් අද
සිද්ධවෙලා තියෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. පරිගණකය නිසා දරුවන්ගේ ළමා ලෝකය
ගිලිහිලා ගිහින්. වත්තෙ පිටියේ සෙල්ලම් කරපු දරුවන්ගේ මනසින් අද ඒ
තත්ත්වයෙන් ඈත්වෙලා. වෙල්එළිය, පොලිපිති හරකා, පුවක් අත්තෙ කරත්ත වගේ
දේ අද ළමයි දන්නේ නැහැ. ඒ සියල්ල අපේ සංස්කෘතික උරුමයන් දියුණුවෙන
සමාජයේ දරුවන්ට රටේ නගරවල උද්‍යාන හැදුවා.
ඒත් අද ඒවත් භාවිතයෙන් ඈත් වන බවක් පේනවා. අද ළමා උද්‍යානයක ඉන්නෙ
ප්‍රාථමික ශ්‍රේණිවල ළමයි විතරයි. තව ටික කලකින් ඒ අයත් මේ පරිසරයෙන්
ඈත්වෙයි. අද දරුවන්ට පරිසරය ගැන දැනුම අඩුවෙන්න ප්‍රධාන හේතුවක් තමයි
දරුවො වත්තෙ පිටියෙ සෙල්ලම් නොකිරීම. පාසල්වල පරිසර නියමුහට කණ්ඩායම්වල
දරුවො බාලදක්ෂයො ඇරෙන්න අනිත් අය ගහකොළ ගැන දන්නේ නැහැ. මේ තත්ත්වයට
වැඩිහිටි සමාජය වගකියන්න ඕන.
විද්යුත් මාධයේ ටෙලි නාට්‍ය විකාශය අතරතුරදී වෙළෙඳ දැන්වීම්
ප්‍රදර්ශනය කෙරෙනවා. විනාඩි 30ක ටෙලි නාට්‍යයකදී විනාඩි දෙක තුනකට
සැරයක් දැන්වීම් ප්‍රදර්ශනය කෙරෙනවිට දරුවන්ගේ මතක ශක්තිය විනාඩි
කිහිපයකට සීමාවෙනවා.
මේ වගේ තත්ත්වයක් යටතේ දරු දැරියන්ගේ අනාගතය අඳුරුවෙනවා. අපේ රටේ
අනාගතය වන මේ මල් කැකුළු පුබුදුවාලීමට ලක්වාසී අප සැවොම එක්ව කටයුතු කළ
යුතුයි. බුදුදහම තව චිරාත් කාලයක් පවතින්නේ සමීපව අනාගත පරපුර දෙස
බැලීමෙන් පමණයි.
සාකච්ඡා කෙළේ
තාරක වික්‍රමසේකර
සේයාරුව -
දුෂ්මන්ත මායාදුන්නෙ |