UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

කෝට්ටේ ඓතිහාසික රාජ මහා විහාරයේ ශ්‍රී දළදා මහා පෙරහර

ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී දළදා මහා පෙරහර මංගලෝත්සවය ශ්‍රී ජයවර්ධනපුර කෝටටේ රාජ මහා විහාරාධිපති ශ්‍රී කල්‍යාණී සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ උපනාම ලේඛකාධිකාරි අලුත්නුවර අනුරුද්ධ නාහිමියන්ගේ අනුශාසනා පරිදි බුද්ධාදිරත්නත්‍රය ගරු කරගෙන වාර්ෂිකව සතර මහා දේවාලයන්හි පවත්වාගෙන එනු ලබන ශ්‍රී දළදා පෙරහර මංගලෝත්සවය මෙවරද පැරැණි චාරිත්‍රානුකූලව පුද සිරිත් පැවැත්වීම අගෝස්තු මස 22 වනදා ඇරැඹිණි.

ඉතිරිය»

නිවැරැදි මගට සිතිවිලි හරවන හැටි

සැවැත් නුවර ජේතවනාරාමයේ ගඳ කිළියෙන් නික්මුණු ශාන්ති නායකයාණන් වහන්සේ ඊට සමීපව පිහිටි දම් සභා මණ්ඩපයේ බුදු සිරියෙන් වැඩ සිටි සේක. “අචිරවතී” නදිය දෙසින් හමා එන මඳ සුළඟ ගත සිත සනසයි. මුලු පරිසරයම නිහඬයි. ශාන්තයි. අද ශ්‍රී මුඛයෙන් දේශනා කරන්නේ කුමන ධර්මයක්ද යන්න ඇසීමට උන්වහන්සේ පිරිවරා ගෙන සිටින භික්‍ෂු ශ්‍රාවක පිරිස නොඉවසිල්ලෙන් බලා ඉන්නව. අයං ධම්මස්සවණ කාලෝ.!

ඉතිරිය»

ධර්ම දේශනාව:

සම්මා සම්බුදුරජාණන් වහන්සේ

සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ බුද්ධත්වය ප්‍රතිඥාකළ බුදුරජාණන් වහන්සේ මෙම ධර්මය අවබෝධ නොකරන ලදැයි පැවිද්දෙක්, බ්‍රාහ්මණයෙක්, දෙවියෙක්, මාරයෙක් බ්‍රහ්මයෙක් හෝ ලෝකයේ කවරෙකුට හෝ ප්‍රකාශ කිරීමට අවකාශ නැත්තේමය. එනිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ විශාරද ඤාණයෙන් යුක්ත වන සේක. ආශ්‍රවක්‍ෂයෙහි විශාරද ඥානය. කාමශ්‍රව, භවාශ්‍රව, දිට්ඨාශ්‍රව, අවිද්‍යා ආශ්‍රව නමින් ආශ්‍රව ධර්ම සතරකි. මෙම සියලු ආශ්‍රව ධර්මයන් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ප්‍රහාණය කළ සේක.

ඉතිරිය»

පින් සිතිවිලි වඩවන වස් සමය

වසරකට වතාවක් එළඹෙන පින්බර වස් සමය අප කාටත් පින් සිතුවිලි වඩවන කාල පරිච්ඡේදයක් ලෙස හැඳීන්විය හැකිය. තෙමසක් තුළ පවතින එම කාල පරිච්ඡේදය තුළ ගිහි පැවිදි දෙපක්‍ෂයේම චර්යාමය වෙනසක් ඇතිකරවනවා සේම ආධ්‍යාත්මික සුවය ද වඩවනු ඇත. බුදුරජාණන් වහන්සේ දේශනා කළ අවවාද අනුශාසනා වලට අනුව භික්‍ෂූන් වහන්සේලා විනය සික්‍ෂා පද ආරක්‍ෂා කරමින් වස් සමාදන් වීම හා වස් සික්‍ෂා පද ක්‍රියාත්මක කිරීමේ කටයුතු සිද්ධ කරනු ඇත. විශේෂයෙන් මේ කාලය තුළ වත් පිළිවෙත් ගැන ගිහි පැවිදි දෙපක්‍ෂයම දැඩි අවධානයක් යොමු කරනු ඇත. “වත්තන්න පරි පුරෙන්තො - න සීලං පුරති” වත් පිළිවෙත් සම්පූර්ණ නොකිරීම තුළින් සීලය වර්ධනය නොවන බව පැහැදිලි කොට ඇත.

ඉතිරිය»

 

 

හබරකඩ ශ්‍රී ශෛලාන්තායතන පුරාණ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

රහතන් වහන්සේ වැඩ සිටි බව ජනප්‍රවාදයේ සඳහන්, කටාරම් කොටන ලද පැරැණි ලෙනක් සහිත හෝමාගම හබරකඩ රනාල පාරේ ශ්‍රී ශෛලාන්තායතන පුරාණ විහාරයේ මෑත යුගය, වසර 300 කට ආසන්නය. මෑතදී ඉදිකර ඇති අලුත් විහාරයේ
බුද්ධ ප්‍රතිමා වහන්සේ නෙලා ඇත්තේ ඉන්දියානුවකු වන සත්‍යජී විජේන්ද්‍ර මූර්ති ශිල්පියා විසිනි. මෙහි දැක්වෙනුයේ  එම බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඡායාරූපයකිනි. ඡායාරූපය- ජනක වෙත්තතසිංහ

බිනර මස පුර අටවක

බිනර මස පුර අටවක පෝය සැප්තැම්බර් 04 වන දා ඉරිදා පූර්ව භාග 11.58 ට ලබයි.
05 වනදා සඳුදා පූර්ව භාග 10.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 04 වන දා ඉරිදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 04

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 11

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 20

New Moonඅමාවක

සැප්තැම්බර් 27


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

ඹර්ම දේශනා
වෙහෙර විහාර
සදහම් දැනුම


 

 

 


ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»

ඉතිරිය»


 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]