ඉවසීමෙන් සැනසීම ලබමු
ක්ෂණිකව කෝපයට පත්වන පුද්ගලයාට සැනසිල්ලක් නොමැත. තම තමන්ගේ ආවේගකාරී
හැඟීම් පාලනය කර ගැනීමට උත්සාහවන්ත විය යුතුය. ධර්ම මාවතට පිවිසෙන
පුද්ගලයාට තමන්ගේ දුර්වලතා හඳුනාගත හැකිය. ඒවා හඳුනාගෙන ඊට පිළියම්
යෙදිය හැකිය.
තමා තමාටත් සමාජයටත් අපි‍්‍රය පුද්ගලයෙකු වන්නේ නො ඉවසිලිමත් ලෙස
කටයුතු කරන බැවිනි. ඒ අනුව හැකි සෑම විටම කෝපය මැඩලිමට පුද්ගලයා පියවර
ගත යුතුවේ. තමාටත්, සමාජයටත් දුක්ඛදායක ප්‍රතිඵල ඇතිකරන අයහපත්
සිතිවිලි මැඩපවත්වමින්
සත්පුරුෂ ගුණදහම් වඩා වර්ධනය කරගත යුතුය. සත්පුරුෂ ගුණදහම් වර්ධනය
කරගැනීම උදෙසා ඉවසීම ප්‍රගුණ කළ යුතුමය. තමා තුළ අනෙකුත් ගුණධර්ම වගා
කර ගැනීමට
අවකාශ උදාවන්නේ ඉවසීමෙන් පමණකි.
එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී
ලෝකය තුළ බහුලව ඇතිවන දැවෙන ප්‍රශ්න වලට හේතුව වන්නේ පුද්ගලයාගේ
නොහික්මුණු ප්‍රතිපත්තිය තමා සිතන පතන අයුරින් සියල්ල සිදුවන තෙක්
පුද්ගලයා නො ඉවසිලි ලෙස කාලය ගතකිරීම මුලාවකි. සංසාර ගමනේ භයංකාර
දුක්ඛිත තත්ත්වය පෙනි පෙනී එතුළම වෙළී සිටී.
ආත්මාර්ථය උදෙසාම කටයුතු කරන ක්ෂණිකව කෝපයට පත්වන පුද්ගලයන් සමාජය තුළ
බහුල ය. බෞද්ධ දර්ශනයේ අඩංගු යහපත් පරමාදර්ශ අනුව ජීවිත හැඩගසා ගන්නට
උත්සාහ කරන්නේ නම් සමස්ත ලෝකය තුළම පවතින ගැටලුවලට විසඳුම් සෙවීම
අපහසු නොවන්නකි.
විද්‍යාත්මක තාක්ෂණය ඔස්සේ සීඝ්‍ර භෞතික දියුණුවක් වෙත ඇදීයන වර්තමාන
ලෝකය තුළ පුද්ගලයාට තම තමන්ගේ අධ්‍යාත්මය දෙස අවධානය යොමුකර බැලීමට
අවකාශයක් නොමැති තරම්ය.
ආර්ථික අංශයේ දියුණුව උදෙසාම වෙහෙසෙමින් දිවි පවත්වාගෙන යන පුද්ගලයාට
ආගම දහම අමතකව යන ලකුණු පෙනේ. නිර්මල පිවිතුරු බෞද්ධ දර්ශනයේ පිහිට
පිළිසරණ ලැබීමට මෙරට වැසියෝ භාග්‍යවන්ත වූහ.
ලෝක සත්වයන්ගේ හිතසුව සලසනු පිණිස දීපංකර පාදමූලයේදී සුමේධ තාපසතුමා
එදා විවරණ ලැබීය.
බෝසත් අවධියේ පටන් ලොව්තුරු බුද්ධ රාජ්‍ය පසක් කරගන්නා තෙක්
බුදුරදුන්ගේ අසහාය අධ්‍යාත්මික ගුණධර්ම සිහියට නැංවීම තුළිනුත් පුද්ගල
මනසට එක්කරන්නේ මහත්වූ සැනසිල්ලකි. කරුණාවේ ප්‍රඥාවේ දයාවේ අනුකම්පාවේ
මෛත්‍රියේ පරිත්‍යාගශීලිත්වයේ හා ඉවසීම යනාදි අනන්ත අප්‍රමාණ වූ ගුණ
සමුදායක් මැනවින් ප්‍රකට කළ උත්තරීතර පුරුෂ රත්නයක් ලෙස බුදුරජාණන්
වහන්සේ තම තමන්ට හඳුනාගත හැකිය. සමාජයේ ජීවත්වන පුද්ගලයාට තමන්ගේ
දුර්ගුණ අඩුලුහුඬුකම් සකසා ගැනීමට ලොව්තුරා බුදුරදුන්ගේ අසිරිමත් බුදු
සිරිතෙන් ලබාගත හැකි පරමාදර්ශ බොහෝ ය. ඉවසීමේ මහා ශක්තියක් බුදුරදුන්
තුළ පැවැතුණි. පුහුදුන් සමාජයෙන් උන්වහන්සේට ප්‍රශංසා වලින් මෙන්ද
අවමන්වලින් ද අඩුවක් නොවීය.
අලව් යක්ෂ තෙමෙ බුදුරදුන් දැඩිලෙස වෙහෙසට පත් කරවමින් බැණ වදින කළ,
උන්වහන්සේ අකම්පිතව ක්‍රියා කළ සේක. සියලු සත්ත්වයෝ කෙරෙහි පතළ මහා
කරුණාවෙන් ක්‍රියාකළ බුදුරදුන් කිසිවෙකුට ශාප කළේ නැත. පළිගැනීමට
ක්‍රියා කළේ නැත. සමාජීය පුද්ගලයින්ට යමෙකුª තමන්ට සුළු දෙයකින් බැණ
වැදුනත් කෝපයෙන් මුසපත්ව පළි ගැනීමේ චේතනාවෙන් අඥාන ලෙස ක්‍රියාකළ
අයුරු පෙනේ. කෝපය නිසා ඇතැම් පුද්ගලයා සිදුකරගන්නා මහා විපත් රාශියකි.
එදිනෙදා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දෙස බලන කල්හි ඒ බව මනාව වැටහේ.
පුද්ගලයා ක්‍රමක්‍රමයෙන් ඉවසීම ප්‍රගුණ කළ යුතුමය. එසේ නොවුවහොත්
තමාටත් මුළුමහත් සමාජයටත් සිදුවන්නේ් මහත් විනාශයකි. කෝපය මැඩලමින්
යහපත් ගුණගරුක ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම උදෙසා බෞද්ධ දර්ශනය
පුද්ගලයාට මග පෙන්වා දෙයි.
බුදුපියාණන් වහන්සේට පරිභව කළ අක්කෝස භාරද්වාජ බමුණාට උන්වහන්සේ
කරුණාවෙන් එහි භයානකකම පෙන්වා දුන්හ. අක්කෝස භාරද්වාජයන් හා බුදුරදුන්
අතර ඇති වූ සංවාදය පුද්ගල ජීවිත තුළට මහත් ආදර්ශයක් සපයයි. බමුණා බැණ
වැඳී අවසාන වනතෙක් නිහඬව ඉවසා වැඩ සිටි බුදුරදුන් ඇනුම් බැනුම්වල
නිෂ්ඵල බව භාරද්වාජයන්ට සැළ කර සිටියේ ය.
‘බ්‍රාහ්මණය.... අහළපහළ සිටින ඥාතීන් ආගන්තුක ලෙස ඔබේ නිවසට එනවාද?’
එවිට බමුණා සමහර නෑදෑයන් අමුත්තන් ලෙස පැමිණෙන බව ප්‍රකාශ කරන්නට විය.
එලෙස පැමිණෙන ඥාතීන්ට ආහාරපානාදියෙන් සංග්‍රහ කරන්නේදැයි බුදුරදුන්
විමසූවිට බමුණා එලෙස රසවත් කෑෑම් බීම් වලින් සංග්‍රහ කරන බවද පවසයි.
එසේනම් ඔබේ නිවසට පැමිණි අමුත්තන් ඔබ දුන් ආහාරපාන පිිළිනොගන්නේ නම් ඔබ
ඊට කුමක් කරයිද? යනුවෙන් බුදුරදුන් නැඟු පැනයට පිළිතුරු දුන් භාරද්වාජ
බමුණා ප්‍රකාශ කරන්නේ ඥාති පිරිස පිළිනොගත් ආහාර තමනුත් තමාගේ
නිවැසියනුත් භුක්ති විදින බවයි.
එවිට ලොව්තුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්සේ පැහැදිලි කරනුයේ ‘බමුණ,
දැන් ඔබ මෙහි පැමිණි මට හොඳටම පරිභව කළා. නුඹ මට කළ ඒ සංග්‍රහ කිසිවක්
මා භාර ගත්තේ නැහැ. මා නොපිළිගත්තා වු ඒ සංග්‍රහ දැන් අයිති ඔබටයි. ඒවා
ඔබම භාරගන්න’ යන්නයි.
යමෙක් බැණ වදින කල්හි ඔහුට ප්‍රතිඋත්තර බදිමින් අරගල ඇතිකර ගන්නේ
අනුවණයෝ ය. නිහඬව සිටින්නේ නුවණැත්තෝ ය. පුද්ගලයාට සැනසීම උදා කැරෙනුයේ
අරගල, රංඩු දබර කිරීම තුළින් නොව ඉවසීමෙනි. නොඉවසිලිමත්ව ක්‍රියාකිරීමේ
ආදීනව බොහෝය. එනිසා පුද්ගලයා ඉවසීම ප්‍රගුණ කිරීම උදෙසා අසිරිමත් වූ
බුදු සිරිත හැකිතාක් තම දිවි පෙවෙතට ලංකර ගත යුතුවේ.
තම තමන්ගේ විමුක්ති දායකයා තමන්ම බැවින් තම තමන්ගේ අඩුලුහුඬුකම්
දකිමින් ඒවා මර්ධනට උත්සාහ ගැනීම පුද්ගලයාට යහපතක්ම උදාකරනු ඇත.
ක්ෂණිකව කෝපයට පත්වන පුද්ගලයාට සැනසිල්ලක් නොමැත. තම තමන්ගේ ආවේගකාරී
හැඟීම් පාලනය කර ගැනීමට උත්සාහවන්ත විය යුතුය. ධර්ම මාවතට පිවිසෙන
පුද්ගලයාට තමන්ගේ දුර්වලතා හඳුනාගත හැකිය. ඒවා හඳුනාගෙන ඊට පිළියම්
යෙදිය හැකිය. තමා තමාටත් සමාජයටත් අපි‍්‍රය පුද්ගලයෙකු වන්නේ නො
ඉවසිලිමත් ලෙස කටයුතු කරන බැවිනි. ඒ අනුව හැකි සෑම විටම කෝපය මැඩලිමට
පුද්ගලයා පියවර ගත යුතුවේ. තමාටත්, සමාජයටත් දුක්ඛදායක ප්‍රතිඵල ඇතිකරන
අයහපත් සිතිවිලි මැඩපවත්වමින් සත්පුරුෂ ගුණදහම් වඩා වර්ධනය කරගත යුතුය.
සත්පුරුෂ ගුණදහම් වර්ධනය කරගැනීම උදෙසා ඉවසීම ප්‍රගුණ කළ යුතුමය. තමා
තුළ අනෙකුත් ගුණධර්ම වගා කර ගැනීමට අවකාශ උදාවන්නේ ඉවසීමෙන් පමණකි. |