සාර්ථක ඉගැන්වීමකට බුදු දහමෙන් ලද හැකි ආභාසය
ගා / උඩුගම දකුණේ
පී. එල්. ජානක විශ්වජිත්
කිසියම් විෂයක් රසවත්ව, සාර්ථකව සිසු මනසට කාවදින අයුරින් රැගෙන යාමට
බුදු දහමෙන් ලද හැක්කේ සුවිශාල පිටුබලයකි. යමක් සාර්ථකව ඉගැන්වීමට නම්
පළමුව ශිෂ්‍ය අවධානය දිනාගත යුතුවේ. විමුක්ති මග්ග සහ විසුද්ධි මග්ග
අනුව රාග, දෝස, මෝහ තණ්හා, දිට්ඨි, මාන, සද්ධා, බුද්ධි, චින්තක වශයෙන්
යම් චරිතයක දක්නට ලැබෙන විශේෂිත ලක්ෂණය අවධානයට ගනිමින්, කමටහන්,
දෘෂ්‍යාධාර සහ අධ්‍යයන ක්‍රම වේද භාවිතා කිරීම පුද්ගල අවධානය යොමු කරවා
ගැන්ම කෙරෙහි මහත් වූ බලපෑමක් එල්ල කරයි.
තර්කය මත යැපුන සච්චකට තාර්කික පදනමකින් අධ්‍යයන මාර්ගය හෙළි පෙහෙළි කළ
බුදුරජාණන් වහන්සේ, භයංකර ආලවකට මනාව සවන් දීමෙන්, අවනත වීමෙන් ඔහුගේ
අවධානයට පාත්‍ර විය. බුද්ධි බලයෙන් යුක්ත වූ අංගුලිමාලට “ මම නතර
වූයෙමි. ඔබත් නතර වන්නැයි...” බුද්ධිමය සංකල්පයක් ඔස්සේ ඔහුගේ අවධානය
දිනා ගත්තේය. රූපයෙන් උදම් වූ ඛේමාට දිරා වැගිරෙන අනිත්‍යතාව
දෘශ්‍යාධාරයක් පෙන්වීය. සිසුවකු සමඟ පිළිසඳර කතා බහක නියැලී ඔහුගේ
මානසික මට්ටම අවබෝධ කර ගත් නිසාද බුදුරජාණන් වහන්සේට සිය ඉගැන්වීම්
කටයුතු සාර්ථකව කිරීමට හැකියාව ලැබී ඇත. සුනීත, සෝපාක හා
රජ්ජුමාලාවන්ගේ ප්‍රවෘත්ති මීට නිදසුන්සේ දැක්විය හැකිය. සිසුන්ගේ
මූලික වුවමනා එපාකම්, චිත්ත වේග, ගැටලු ඇත්නම් ඊට ප්‍රතිකර්ම යොදා,
අනතුරුව ඉගැන්වීමේ කටයුතු ඇරැඹීමෙන් බුදුරජාණන් වහන්සේ සාර්ථක
ඉගැන්වීමක නිරත වී ඇත.
සාගින්දරෙන් පෙළුණ ගොවියාගේ හා පටාචාරාවන්ගේ පුවත් මීට කදිම නිදසුන් ය.
ඒ ඒ පුද්ගලයාට ඔබින විෂය කරුණු තෝරා ගැනීම පමණක් නොව, එම විෂය කරුණු
ඉදිරිපත් කිරීමට තෝරා ගත් බස, උපමා රූපක මෙන්ම ආකෘතිය ද සංවිධානය ද
මැනවින් තෝරා ගැන්මට බුදුරජාණන් වහන්සේ දක්වා ඇත්තේ විශ්මිත සමත්කමකි.
ළමා පිරිසක් සඳහා දේශනා කළ “සබ්බේ තසන්ති දණ්ඩස්ස” නම් ධම්මපද ගාථාවේ
ආකෘතිය සංවිධත බව මීට කදිම නිදසුන්ය.
ප්‍රබෝමතයන්හි සවිබලය ලැබීම තුළින් ද අධ්‍යයන කාර්යය සාර්ථක එකක් කර
ගැනීමට බුදුරජාණන් වහන්සේ පියවර ගත් අන්දම අපූරුය. නන්ද කුමරුන්ට
ප්‍රබෝමතයක් සේ මැවූ දිව්‍යාංගනාවන්, නව දැලි හේන කෙතරම් විශ්මිතද ? |