මහනුවර ඇසළ පෙරහර
කප්සිටුවීම ජූලි 31දා
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සතර මහා දේවාලයන්හි කප් සිටුවීමෙන් ජූලි මස
31 දින ආරම්භ වෙයි.
කප් සිටුවීමෙන් පසු දේවාල අභ්‍යන්තර පෙරහර දින පහක් පැවැත්වෙයි. ප්‍රථම
කුඹල් පෙරහර අගෝස්තු මස 05 දින වීදි සංචාරය කිරීමට නියමිතය.
ඉතිරිය»
රුහුණු කතරගම
මහා දේවාලයේ පෙරහර
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහර ජූලි මස 01
දින ඇරඹෙයි. ජූලි මස 01 දින මංගල පෙරහර මහාවීදියේ පමණක් ගමන් කෙරේ. ජූලි මස 02 දින
සිට කතරගම මහා දේවාලයෙන් ඇරඹෙන පෙරහර පිටවීදියේ ගමන්කර වල්ලි අම්මා
දේවාලයට ගොස් පෞරාණික චාරිත්‍ර පුද සිරිත් ඉටු කර මහාවීදියේ ගමන්කර
පෙරහර මහාදේවාලයට ගෙවදිනු ඇත.
ජූලිමස 06 දින පෙරහර වීදි සංචාරය කිරීමට ප්‍රථම මහාදේවාලය ඉදිරිපිට ඇති
අතුපන්දලමට අලුතින් අතු දමා සකස් කිරීම බස්නායක නිලමේතුමාගේ වලව්වේදී
මහා සංඝරත්නය වෙනුවෙන් දානමය පින්කම් හා බස්නායක නිලමේතුමා පෞරාණික
චාරිත්‍රානුකූලව පෙරහැරේ ගමන් ඇරඹීම සිදුවෙයි.
ඉතිරිය»
සෙල් ලිපි වලින් හෙළිවන
පුරාණ ලංකාවේ
පුද පූජා
රටක ඉතිහාසය පිළිබඳ නොබිඳිය හැකි සාධක ලබා ගත හැකි ප්‍රධානතම මාධ්‍යය
සෙල් ලිපි වශයෙන් සැළකිය හැකිය. සෙල් ලිපි වර්ග රැසක් ඇත. ඒවා අතර 1.
ලෙන් ලිපි 2. ගිරි ලිපි 3. ටැම් ලිපි 4. පුවරු ලිපි වශයෙන් බෙදා
දැක්විය හැකිය. එම ශෛලමය ලිපි වලට අමතරව රන් තඹ පත් ඉරු වල ලියන ලද
ලිපි ලේඛණ ද ඉතිහාසගත කරුණු තහවුරු කිරීමෙහිලා වැදගත් තැනක් ගනියි. එම
ලිපි අතරින් ලෙන් ලිපි වශයෙන් හඳුන් වන්නේ ගල් ගුහාවල ඇතුළත හෝ කටාරම්
අසල ලියන ලද ලිපි වේ. ලංකාවේ එවැනි ලෙන් ලිපි රාශියක් ඇත. මිහින්තලේ
වෙස්සගිරිය රිටිගල වැනි ස්ථාන මෙහිලා ප්‍රධාන තැනක් ගනියි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සසර කතරෙන්
එතෙර වන්නට....
වාසනාවන්ත මනුෂ්‍ය
ආත්මයක් අපට ලැබී ඇත. ඒ වාසනාවන්ත මනුෂ්‍ය ආත්මයෙන් අපි ප්‍රයෝජන ගන්න
උත්සාහ කරමු. සිත කුසලයට යොමුකරන්න ඕන. නැවත සතර අපායට වැටුනොත් කල්ප
ගණනාවක් යනතුරු එයින් අත්මිදෙන්න ලැබෙන්නෙ නැහැ.
ඉතිරිය»
|