  
			 
			52 වන කොටසබණ්ඩාර මඩුගල්ලේ 
			
			 
			228.  
			න චාහු න ච භවිස්සති – න චෙතරහි විජ්ජති 
			ඒකන්තං නින්දිතො පොසො - ඒකන්තං වා පසංසිතො  
			 
			නින්දාව පමණක් ම – ප්‍රසංසා පමණක් ම – ලැබෙන්නකු ලෝකයේ කිසිදාක නූපදී. 
			හිතවතුනි, ජීවිතය හොඳ නරක යන දෙකින් ගොඩ  
			නැඟී තිබෙන බව හොඳින් වටහා ගන්න. 
			 
			 
			229.  
			යං චේ විඤ්ඤු පසංසන්ති – අනුවිච්ච සුවෙ සුචෙ 
			අවිඡිද්ද වුත්තිං මෙධාවිං - පඤ්ඤාසීල සමාහිතං 
			 
			නුවණ ඇති සුසිල්වත් - සුසංවර තැනැත්තෝ - මහා පැණවතුන්ගෙන් පැසසුම් 
			ලබන්නෝ ය. 
			හිතවතුනි, ලෝකයෙන් පැසසුමක් ලබන්නේ සුසංවර අයට බව හොඳින් වටහා ගන්න. 
			 
			 
			230.  
			නෙක්ඛං ජම්බෝදනස්සේ ව - කො තං නින්දිතුමරහති 
			දෙවා පි නං පසංසන්ති – බ්‍රහ්මුනා පි පසංසිතො 
			 
			දෙව් බඹුන්ගෙන් පවා - මහා පැසසුම් ලබන - සුසංවර තැනැත්තෝ පරලොව දිනන්නෝ 
			ය. 
			හිතවතුනි සුසංවර තැනැත්තා නිරතුරුව හිතවතුන් මැද දී ද පෙරමුණ ලබන්නේ ය. 
			 
			 
			231.  
			කායප්ප කොපං රක්ඛෙය්‍ය - කායෙන සංවුතො සියා 
			කාදුච්චරිතං හිත්වා - කායෙන සුචරිතං චාරේ 
			 
			කයින් සංවර වීම – ඉතාමත් වැදගත් ය. කාය දුශ්චරිතයේ යෙදෙන්නා පාපියෙකි. 
			හිතවතුනි, සුසංවර ජීවිතය වැදගත් ය. සුසංවර තැනැත්තා ලෝකයට සම්පතකි. 
			 
			මතු සම්බන්ධයි 
			 
			   |